March 3, 2015

ආහාර ඇසුරුමිකරණයේ අහිතකර බලපැම්


කාර්යබහුල ජීවිතයේ කාලය කෙට්ව්මත් සමඟම මිනිසුන් ඇසුරුම්කරණය කරණලද ආහාර පරිභෝජනයට නැඹුරුවී සිටි.ආහාර ද්‍රව්‍ය ලබාගැනිමේ පහසුවත් රැගෙනයාමේ පහසුවත් මෙයට තවත් හේතුවකි. අහිතකර දිලිර හා බැක්ටිරියා ආසාදනයන් වැලැක්විම සහ ආහාරයේ ගුණාත්මකබව හොදින් පවත්වාගැනිම ආහාර ඇසුරුම්කරණයේ  ප්‍රධාන කාර්යභාරයන් වේ.තවද සෞඛ්‍යාරක්ෂිතබව මෙන්ම ආහාරයේ ආයුකාලයද වැඩිකිරිම මෙහි අරමුණ විය යුතුය.එමෙන්ම ආහාර අපතේයැමද යම් ප්‍රමාණයකට වලකා ගත හැකිවිය යුතුය.ඔබත් ඇසුරුමිකරණය කරන ලද ආහාර බුදින්නෙක්ද?
කෙසේ වෙතත් විශේෂඥයන් හා වෛද්‍යවරුන් මෙම ඇසුරුම්කරණය කරන ලද ආහාර, ආහාරයට ගැනිම බරපතල රෝගාබාධයනට හේතුකාරක වන බව පෙන්වාදි ඇත.බහුලව භාවිතා කරන ඇසුරුම්කරණ ද්‍රව්‍යයන් හා ඒ ආශ්‍රිතව ඇතිවිය හැකි රෝගාබාධයන් කිහිපයක් පහත පරිදි පෙන්වා දිය හැක.

1 විදුරු  -  විදුරු , සෞඛ්‍යාරක්ෂිත ආහාර ඇසුරුම්කරණ ද්‍රව්‍යයක් බව ආහාර හා ඖෂධ අධිකාරිය(FDA) මගින් හදුනාගෙන ඇත.නමුත් දියර වර්ග ගබඩාකිරිමට භාවිතා කරන සමහර විදුරු බෝතල්වල‍ ලෙඩි නමැති බැර ලෝහය අඩංගු වන බව සොයාගෙන ඇත.මෙම ලෙඩි මුලද්‍රව්‍යය ස්නායුවිෂකාරකයක් වන අතර ශරීරයේ විවිධ ක්‍රියාවලීන් සදහා බලපෑමි ඇතිකරන බව සොයාගෙන ඇත.ලෙඩි අධිමාත්‍රයන්ගෙන් දිගුකලක් ලබාගැනිම නිසා වමනය,විෂවීමි,අක්මා සහ වකුගඩු සදහා හානිදායක බලපෑමි ඇතිවිය හැක.
තවද වීදුරු බෝතල් සදහා යොදන ලෝහ මුඩිය මගින් නිදහස් කරන phthalate නමැති රසායනික ද්‍රව්‍යය නිසා අන්තරාසර්ගික හෝමෝන පද්ධතිය කෙරෙහි විවිධවු බලපෑමි සිදුවන බවද හදුනාගෙන ඇත.තවද සමහර විදුරු බෝතල් ප්ලාස්ටික්(PVC) මුඩි මගින් ආවරණය කර ඇති අතර එහි අඩංගු di(2-ethylhexyl)phthalate(DEHP) නැමති රසායනික ද්‍රව්‍යයද අහිතකර ප්‍රතිඵල ලඟාකරදෙන බව හදුනාගෙන ඇත.

2 ශක්තිජනක පානයන් සහිත ටින් සහ බියර් කැන්- තූනි ඇලුමිනියමි සහ ටින් ලෝහයෙන් සෑදුනු මෙම ඇසුරුමිවල ortho-phenylphenol නමැති රසායනික ද්‍රව්‍යය අඩංගු වන අතර එය බැක්ටිරියා සහ දිලිර වර්ග විනාශකිරිම සදහා භාවිතාකරන කෘමිනාශකයකි.එය පිලිකාකාරකයක් බව හදුනාගෙන ඇත.

3 ප්ලාස්ටික් ඇසුරුමි- ආහාර ඇසුරුමිකරණය සදහා යොදාගන්නා ප්ලාස්ටික් ඇසුරුමි, ආහාර කර්මාන්තය මුහුණදෙන විශාලම ගැටළු සහගත ඇසුරුමි ලෙස හදුනාගෙන ඇත.Bisphenol A (BPA) නමැති රසායනික ද්‍රව්‍යය අඩංගු බැවින් මෙම ඇසුරුමි තහනමි කරන ලෙස ආහාර හා ඖෂධ අධිකාරිය(FDA)  සදහා ඉල්ලීමි කර ඇත. මෙම BPA නමැති රසායනික ද්‍රව්‍යය ළමයින්ගේ මොළය හා ප්‍රජනක පද්ධතිය කෙරෙහි නොයෙකුත් බලපෑමි සිදුකරයි.තවද දරුවන්ගේ මුඛ සෞඛ්‍යය කෙරෙහිද විවිධ වු බලපෑමි සිදුවිය හැකි බව අනාවරණය විඇත.

4 කිරි සහ පළතුරු බීම අඩංගු විවිධ හැඩැති කෑන් වර්ග-  මෙම ඇසුරුමිකරණ ද්‍රව්‍යය polyolefins ලෙස හදුන්වයි.මෙහි benzophenone  නමැති රසායනික ද්‍රව්‍යය අඩංගු වන අතර එමගින් ස්ත්‍රි ලිංගික ප්‍රජනක හෝමෝනයක් වන ඊස්ට්‍රජන් හෝමෝනය කෙරෙහි බලපෑමි ඇතිකර ස්ත්‍රීන්ගේ ප්‍රජනක සෞඛ්‍යය කෙරෙහි බලපැමි සිදුකරනු ඇත.

5 කඩදාසි- ඇසුරුමිකරණය සදහා කඩදාසි සහ කාඩිබෝඩි පෙට්ට් භාවිතා කිරීමද විවාදයට තුඩුදි ඇත.මුද්‍රිත පත්තර ඇසුරුමිකරණය සදහා යොදාගත්විට එහි පවතින තීන්ත ආහාරවලට මුසුවිය හැකිබව අනාවරණය වි ඇත.ඒ හේතුවෙන් හෝමෝන පද්ධතියේ අසමතුලිතතාවයන් හටගැනීමට හේතුවිය හැක.

ප්‍රතිචක්‍රිකරණයට භාජනය කරනලද කඩදාසි ඇසුරුමිවල di isobutyl phthalate සහ di-n-butyl phthalate අඩංගු වන අතර ඒ හේතුවෙන් ජීරණ ආබාධ හා විෂවීමි සිදුවිය හැක.
එබැවින් ඇසුරුමිකරණය කරන ලද ආහාර කැමට පෙර දෙවරක් සිතා බලන්න.   

උපුටාගැනීම - www.medicalnewstoday.com

කේ.එච්.එම්.එම්.එම්.ඡයවර්ධන
විද්‍යා හා තාක්ෂණ නිලධාරි




          

0 comments:

Post a Comment