Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

October 31, 2016

විදුලිය නිෂ්පාදනය සදහා අඩු මිල සුර්ය කෝෂ

හිරුගේ නිල් හා රතු ආලෝක වර්ග දෙකම උකහාගතහැකි ද්ව්ත්ව ස්ථර Perovskite (පෙරොව්ස්කයිට් ) සුර්ය කෝෂ අඩු මිලකින් සහ ඉහළ කාර්යක්‍ෂමතාවයකින් සුර්ය බලශක්තිය නිපදවන බව Standford විශ්වවිද්‍යාලය ප්‍රකාශ කරයි. සුර්ය බලශක්තිය කොතරම් අඩු පිරිවැයකින් නිපදවා ගත හැකි දැයි මෙතෙක් පැහැදිලිවී නොතිබුණි. එහෙත් Perovskite සුර්ය කෝෂ 20% කාර්යක්‍ෂමතා කඩ ඉම පසු කර ඇති බව වාර්තාවීම නිසා සුර්ය...

මහා ගල්පර බාධකය රැකේද?

වාර්තා ගත දරුණුම විරංජනයවීම නිසා ඕස්ට්‍රේලියාවේ කුවිස්ලන්ඩ්හි නැගෙනහිර මුහුදු තිරයේ පිහිටි ලොව විශාලතම හිරිගල් ගල්පර පරිසර පද්ධතිය වන මහා ගල්පර බාධකය මිය යයි. Lizard island (කටුසු දිවයින) ට ඉහලින් පිහිටි ගල්පරවල උතුරු කොටස මෙසේ මියයාමට බොහෝසේ භාජනය වී තිබේ. විරංජනය සිදුවීම ආරම්භවී මාස ගණනකට පසු පර්යේෂකයෝ මෙම හානිය පිලිබදව ගණනයක යෙදෙති. හිරිගල්වලට විරංජනයෙන් ආරක්ෂාවීමේ හැකියාව...

October 28, 2016

කාබන්ඩයොක්සයිඩ් වලින් එතනෝල් (ඉන්ධන)

කාබන්ඩයොක්සයිඩ් (CO2)  වලින් එතනෝල් ලබාගත හැකි නවතම ක්‍රමයක් සොයා ගැනීමට  Tennessee හි විද්‍යාඥන් කණ්ඩායමක් සමත් වී තිබේ. අහඹු ලෙස ලැබුණු ප්‍රතිපලයක් යයි සදහන් වන මෙම සොයා ගැනීම මගින් ලොව ප්‍රධානතම ගැටළුවක් වූ කාලගුණික විපර්යාස වලක්වාගැනීම සදහා කටයුතු කළ හැකි වනු ඇත. තිරුගු, උක් ගස්, හෝ තෘණ විශේෂ වැනි ශාඛ මගින් නිපදවන පිළසකර කළ හැකි ගෘහස්ත නිෂ්පාදනයක් වූ මද්‍යසාර...

October 27, 2016

නැනෝ තාක්ෂණයේ නව පිම්මක්

ශී‍්‍ර ලාංකික   නිනිති තාක්ෂණ විශේෂඥයකු වූ චානක රූපසිංහ ප්‍රධාන ඔස්ට්‍රේලියානු විශේෂඥ කණ්ඩායමකට  කාබන් පමණක් යෙදු ලෝකයේ  ප්‍රථම නැනෝ තාක්ෂණික ලේසරය සොයා  ගැනීමට හැකි වී ඇත.  ග‍්‍රැෆේන්  (graphene) හා කාබන්  (carbon) යොදා තැනෙන මේ ‘ස්පැසරය’  කෙතරම් කුඩා  එකක් ද යත් ඒ මගින්   ඉතා කුඩා  මයික්‍රෝචිප්  මුද්‍රණය...

October 26, 2016

ඇස් කණ්නාඩි නොමැතිව පෙනිම ලබාගත හැකි ක්‍රමයක්

ඔබ ඇස් කන්නාඩි පලඳින අයෙකු නම් ඒවා නොමැතිව පෙනීම පවත්වා ගෙන යාමට කැමතිද? දැන් ඇස් කන්නාඩි, සිවිකාච ආදී කිසිවක් නැතිව නිවැරදි පෙනීම ලබා ගන්නට දැන් නවීන තාක්ෂණය මඟ පාදා තියෙනවා. ලේසර තාක්ෂණය යොදා ගෙන කරන මේ සැත්කම් දැන් නවීන ලෝකයේ බහුලව සිදු වෙනවා. එවැනි එක් ක‍්‍රමයක් ‘ලැසික්’ යනුවෙන් හැඳින්වෙනවා. ලැසික් (Lasik) යන වදන තනා ගෙන ඇත්තේ ‘ලේසර් ඇසිස්ටඞ් ඉන් සිටු කෙරටෝමිලියුසිස්’...

October 22, 2016

බීට් රෑට්

බීට් යනු වෙළදපොළ් බහුලව හදුනාගත හැකි එළවළුවකි.මෙහි ඇන්ටිඔක්සිජන් බහුල වශයෙන් අඩංගු බව පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.මෙහිපැහැයගෙන දෙනු ලබන්නේ බීටේන් අඩංගු වීම නිසාය. රතු කහ සහ රන්වන් පැහැති ආකාර හදුනා ගක හැකිය. ...

October 21, 2016

රොබෝවරුන්ගේ ඉගෙනීම

ඩිජිටල් විප්ලවයේ උත්පත්තිය අන්තර්ජාලය නම් වර්තමානයේ නිර්මාණය වන කෘතීම බුද්ධිය (Artificial Intellegent/A.I) ඩිජිටල් විප්ලවය වැඩිවියට පත්වීමේ පළමු පියවර වේ. රෝබෝවරුන්ට රීති ක්‍රමයකින් (Algorithm) දත්ත ලබාදීම මගින් ඉගැන්වීමට පර්යේෂකයෝ වෙහෙසකර උත්සහයක් දරති. එහෙත් ඉහළ මට්ටමේ කෘතීම බුද්ධිය නිර්මාණය කරන ක්‍රමවේද අලුතින් සැලැසුම් කලයුතුය. මේ පිලිබදව සංවාදයක යෙදුනු කෘතීම බුද්ධිය පිළිබද...

October 19, 2016

අසාමාන්‍ය ලෝහ වර්ග නිෂ්පාදනය

ලෝහ නුතන ලෝකයේ කොදුනාරටිය ලෙසද සැලකේ. පෙරදී සකස් කළ නොහැකි වූ නවතම සංයෝග කිරීමේ ක්‍රම නිසා කිසිවිටක බලාපොරොත්තු නොවූ හුරුකම් සහිත අසාමාන්‍ය ලෝහ වර්ග නිර්මාණය වේ. දියබත්වූ නැව් අතර දැනට සොයා ගෙන ඇති පැරණිතම නැවක් තුර්කියේ දකුණු මුහුදු තිරයේ ඇත. එය පළමු වරට තරුණ කිමිදුම්කරුවෙකුගේ ඇස ගැටුනේ 1982 වර්ෂයේදීය. දුර්ලභ නැව් භාණ්ඩ තොගයක් මෙම නැවෙන් ප්‍රවාහනය කර තිබ්. ලෝකඩ නිෂ්පාදනය...

වියපත්වීමේ රහස

අපගේ ශරීරය ඇතුලතින් විය පත් වීම කුමන හේතුවක් නිසා කෙසේ සිදුවේදැයි බොහෝදෙනා නොදනිති. එහෙත් කාලය ගතවීම කැඩපත තුළින් දැක ගත හැකිය. වඩාත් ගැඹුරින් නිරීක්ෂණය කිරීමේදී වියපත් වීමට සෛල තුළ වූ හෝරා යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය හදුනා ගත හැකිවේ. සෑම DNA පටයක කෙලවර ඇති සියුම් ආවරණය (tiny cap) හෙවත් telomere පිළිබද කරන ලද පර්යේෂණ වල වර්ධනයත් සමග වියපත් වීමට telomere හි ඇති බලපෑම නිරීක්ෂණය...

October 17, 2016

සිරි සැප දේ ගුණ සැප දේ කෑවොත් මුරුංගා

මුරුංගා යනු ලොව ඉහලම පෝෂණයක් අන්තර්ගත වූ ශාකයක් ලෙස හදුන්වා දිය හැක.  ආයුර්වේදීය නිර්වචනයන්ට අනුව මුරුංගා කොළ ආහාරයක් ලෙස නිතර පරිභෝජනය කිරීමෙන් රෝගාබාධ බොහෝමයක් වලක්වා ගැනීමේ ඉහල හැකියාවක් පවති.  මෙහි ප්‍රධාන වශයෙන් විටමීන A,C,B1,B2,B3 සහ කැල්සියම් බහුලව අන්තර්ගත වේ.  තවද පොටෑසියම්, අයන් සහ මැග්නීසියම් වැනි මූලද්‍රව්‍ය ස්වාභාවිකව ශරීරයට ලබාදීමේ හැකියාවක්...

October 14, 2016

මාරක මාංසපේශි රෝග නිසා අඩපන වූ දරුවන්ට සුවය

සදාකාලිකව එක්තැන්ව සිටින දරුවන් අප කිසිදා දැකීමට අපේක්ෂා නොකරන දසුනකි. කොදු ඇට පේලියේ මාංසපේශි දිරායාමේ රෝගය සදහා ප්‍රතිකාර ලෙස විවිධ පර්යේෂණාත්මක ඖෂධ රෝගී දරුවන්ට ලබාදෙන වීඩියෝ දර්ශන පිලිබදව  London College විශ්ව විද්‍යාලයේ Francesco Mutoni එලෙස ප්‍රකාශ කළේය. මොළය, කශේරුකාව සමග ශරීරයේ මාංසපේශි සම්බන්ධ කරන ස්නායු දිරාපත් වීමට ජානමය ආබාධ හේතු වේ. මේ රෝගයේ දරුණුම ස්වරුපයට...

October 13, 2016

පුද්ගල ව්‍යග්‍රතාවය

පුද්ගලයින්ට ඇතිවන සාමාන්‍ය කරදර, කණස්සල්ල, අවුල්සගත බව යනාදියේ ඇති අසාමාන්‍යතා ව්‍යග්‍රතාවය හෙවත් ව්‍යාග්‍රතාවයේ සංකුලතා ලෙස පොදුවේ සලකනු ලබයි. ව්‍යග්‍රතා මට්ටම පරික්ෂා කිරීම, ව්‍යග්‍රතාවය පාලනයෙන් තොරව ව්‍යාකුලත්වයට පත්වීමට හේතුව සහ ව්‍යග්‍රතාවය පාලනය කිරීමේ ක්‍රමවේද වැදගත් වේ. ව්‍යග්‍රතාවය දැනීමේ මුලික ලක්ෂණ ලෙස වියලුනු මුඛය, වේගවත් හර්දස්පන්ධනය සහ ගැටගැසුණු ආමාශය...