November 8, 2013

බාහු බල වඩන ප්‍රෝටීන

බර ඉසිලීම වැනි ප්‍රතිරෝධී ව්‍යායාම නිසා විශාල, ශක්තිමත් මාංශ පේෂී ඇති වීමට හේතු වූ ප්‍රෝටීනයක් (කලින් හඳුනා නොගත්) හා සම්බන්ධතාවය ගොඩනැගීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ.
මාංශ පේෂී වල ස්කන්ධය හා ශක්තිය, අණු මඟින් වර්ධනය කරවූ මීයන්ගේ මාංශ පේෂී ක්‍ෂය වීමේ පොදු ලක්‍ෂණය සහිත කෘශතාව (cachexis ) නම් පිළිකා රෝගයෙන් සිදු වන මාංශ පේෂී ක්‍ෂය වීම අඩු විය.

මෙම ප්‍රෝටීන ප්‍රමාණය ඉහළ නැංවීමට හැකි නම් එමඟින් (ප්‍රෝටීන වලින්) දැඩි සත්කාර ඒකක වල දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මාංශ පේෂී ක්‍ෂය වීම අඩු කළ හැකි අතර මාංශ පේෂී විෂමතා (muscles dystrophy) රෝගය හා වයස්ගත වීම නිසා සිදුවන මාංශ පේෂී ක්‍ෂය වීම කෙරෙහිද ප්‍රයෝජනයක් ලැබේ යැයි බොස්ටන්හි Dana-Farber පිළිකා ආයතනයේ ජොග් රූස් පවසයි.

PGC-1 alpha 4 නම් මෙම ප්‍රෝටීනය, මනුෂ්‍යයින්ගේ හා මීයන්ගේ සැකිලි මාංශ පේෂී වල දක්නට ලැබෙන අතර බර ඉසිලීම වැනි ප්‍රතිරෝධී ව්‍යයාම මඟින් එම ප්‍රෝටීන උද්දීපනය කර ජෛව රසායනික වෙනස්කම් ඇති කරවන බව ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතුවරයෙකු වූ බ්‍රෑස් ස්පීගල්මන් පවසන ලදි.

මාංශ පේෂීවල ප්‍රමාණය විශාල වීමට වඩා දරා ගැනීමේ හැකියාව වර්ධනය වන දිවීම වැනි ව්‍යායාම නිසා ශරීරයේ උත්තේජන පරිවෘත්තියට වැදගත් වූ PGC-1 alpha ප්‍රෝටීනය, PGC-1 alpha 4 ප්‍රෝටීනයට (නව ප්‍රෝටීනය) සුළු වශයෙන් වෙනස්/ස්වරූපයෙන් සමාන වේ. තවද මෙම ප්‍රෝටීන දෙකම එකම ජානයකින් සැදී ඇති අතර ව්‍යායාම දෙක මඟින් හසුරවනු ලැබේ.


උපුටාගැනීම:
  Dana Farber Cancer Institute & World Science Staff

0 comments:

Post a Comment