November 28, 2013

නොකා නොබී රස බැලීම

දිව හැර අනෙක් පංච ඉන්ද්‍රියන් පිනවිය හැකි තාක්‍ෂණයේ අතථ්‍ය ක්‍රියාකාරකම් බොහොමයක් දැනටමත් නිපදවා තිබේ. අතපසුව තිබූ දිව අතථ්‍ය ලෙස පිනවීමට හැකි උපකරණයක් සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ නිමේෂ් රණසිංහ ඇතුළු කණ්ඩායම විසින් නිපදවා තිබේ.

මෙය ගුණවත් ආහාරපාන වල රසය සම්ප්‍රේෂණය මඟින් දිවට දැනවීමට හැකි ඩිජිටල් සමාකෘතියකි. වීඩියෝ ක්‍රීඩාවක හෝ රූපවාහිනී වැඩසටහනක දෘෂ්ඨි අන්තර්ගතය සමඟ දිවට රසය ලබා දීම නිර්මාණකරුවන්ගේ අරමුණ විය.

උදා :-  කුඩා තිරයේ විකාශය වන ඉවුම් පිවුම් වැඩසටහනක පිසින ලද ආහාරවල රසය රූපවාහිනී නරඹන්නාට දැනීමට සැලැස්වීම අනාගතයේදී සිදුවිය හැක.

වීඩියෝ ක්‍රීඩාවකදී රසය පිළිබඳ හැඟීම ලබා දීමට මෙමඟින් හැකිවේ. මෙහිදීද ක්‍රීඩාවේ ජයග්‍රහණය කිරීමට ත්‍යාග ලෙස දිවට රසවත් බව දැනීම සේම පරාජයේදී තිත්ත රසය දැනීමටද සැලැස්විය හැකිය.
මෙම උපකරණයේ දිව හා ස්පර්ශ කළ හැකි රිදී ඉලෙක්ට්‍රෝඩයක් ඇත. අර්ධ සන්නායක තුලින් ගමන් කරන කුඩා ධාරාව සහ උෂ්ණත්වය පාලනයෙන් දිවෙහි ඇති රස සම්බන්ධ ප්‍රතිග්‍රාහක විද්‍යුත්  සංඥා මඟින් රැවටීම සිදු වේ. ප්‍රධාන රසයක් වන ලුණු රස, පැණි රස, ඇඹුල් හා තිත්ත රස සංඥා මඟින් ඇති කළ හැකිය.


දැනට මෙම උපකරණය අතින් දිව වෙත ළං කළ යුතු වුවත් මුවට ආසන්නව පිහිටන රැහැන් විරහිත උපකරණයක් ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වේ. විනෝදාස්වාදය දනවන වැඩසටහන් වලට අමතරව සෞඛ්‍යය හා සනීපාරක්‍ෂක කටයුතු වලටද, මෙම උපකරණය යොදා ගත හැකි වේ. දියවැඩියා රෝගීන්ට පැණිරස ආහාර අනුභව නොකර දිවට පැණිරසය ලබා දීමට සහ පිළිකා රෝගීන්ට රසායන චිකිත්සා වලදී දිවට රසයක් ලබා දීමට උපකරණය ඉදිරියේ යොදා ගනු ඇත.



NOV 21, 2013 12:14 PM ET // BY NIC HALVERSON

0 comments:

Post a Comment