November 28, 2013

මරු කැඳවන රුධිර කැටි පසුපස හඹා යාම

ඔබේ රුධිර ගමනය සිදුවන්නේ කෙතරම් සෙමින්ද ?
අති ධ්වනි තරංග භාවිතා කර රුධිරය ස්වල්ප ප්‍රමාණයක් උණුසුම් කිරීම මඟින් රුධිර ගමනයේ වේගය සොයාගැනීමේ ක්‍රමයක් සොයාගෙන තිබේ. මෙම ක්‍රමය රුධිර ගමනය ඉතා සෙමින් සිදුවන කුඩා රුධිර නාලිකා සොයා ගැනීම සඳහා යොදා ගත හැකි අතර එමගින් ඉතා කුඩා නමුත් භයානක රුධිර කැටි හඳුනාගැනීමට මෙන්ම වායි ගෙඩි (tumors) වල අළුතින් ඇතිවිය හැකි රුධිර නාලිකා හඳුනාගැනීමටද පුළුවන.

මෙතෙක් වෛද්‍යවරුන් රෝගීන්ගේ බාහුවල, දෙපයේ සහ බෙල්ලේ රුධිර ගමනය සිදුවන ආකාරය පරීක්ෂා කිරීමට භාවිතා කරන ක්‍රමය හඳුන්වන්නේ ඩොප්ලර් අතිධ්වනි ක්‍රමය නමිනි. එමඟින් සිහින්වී ඇති සහ අවහිරවී ඇති ධමනි හඳුනාගනුයේ රුධිර ගමනයේ අඩු වේගය මඟිනි. අතේ රදවා තබා ගත හැකි උපකරණයක් මඟින් විමෝචනය කරන ධ්වනි තරංග මඟින් රුධිර සෛල ආපසු ගමන් කරවන අතර පරිගණකයක් භාවිතයෙන්  සෛල චලනය වීමේදී සිදුවන සංඛ්‍යාතමය වෙනස දත්ත ලෙස සටහන් කර ගැනේ. මෙය සිදුවනුයේ ගිලන්රථයක සයිරන් නද ඇසෙන විට පසුකර යන වාහන වල චලනය වෙනස් වන ආකාරයටයි. නමුත් මෙම ක්‍රමය මඟින් මැනිය හැකි  අවම වේගය තත්පරයට මිලිමීටර් 10 ක් පමණක් වන අතර බොහෝවිට කුඩා ශීරාවල ඉතා සෙමින් ගලන රුධිරය සොයාගැනීම මෙමඟින් මඟහැරෙනු ඇත.

මේ සඳහා විකල්ප අදහසක් ලෙස අධෝරක්ත ලේසර් භාවිතා කර එක් එක් රුධිර සෛල වල ප්‍රතිබිමිබයක් නිර්මාණය කීරීම මඟින් එවායේ චලනය හදුනා ගැනීමේ ක්‍රමයක් සොයා ගෙන ඇත.  මෙම ක්‍රමය විද්‍යගාර තුළ සාර්ථක නමුත් යොදා ගත හැක්කේ සම ආසන්නයේ පවතින රුධිර නාලිකා නැතහොත් සම මතුපිට සිට මිලිමීටර් එකක් පමණ පහළින් ඇති රුධිර නාලිකා සඳහා පමණි.
වොෂිංටන්  සරසවියේ ලිඩායි වෑං සහ සගයින් පිරිස බලාපොරොත්තු වනුයේ  මෙම තාක්ෂණික ක්‍රම එකිනෙක සම්බන්ධ කරමින් නවතම නිශ්චය කිරීමේ ක්‍රමවේදයක් නිර්මාණය කීරීමටයි.
උපුටා ගැනීම
2013 November 15 Jacob Aron
New Scientist ඇසුරෙනි.

0 comments:

Post a Comment