November 13, 2013

ජංගමයා මෙහෙයවන කෘතිම අත

ටච් බයෝනික්ස් ආයතනය විසින් ජංගම දුරකථනයෙන් ක්‍රියා කරවිය හැකි සමහර සත්ව වි‍ශේෂයන්ට මෙන් ප්‍රතිවිරුද්ධ මාපටැඟිල්ල සහිත නව prosthetic අතක් සමග එය පිළිබඳ තොරතුරු පසුගියදා නිරාවරණය කරන ලදි.

බලගැන්වූ මාපටැඟිල්ල පාලනය වනුයේ භාවිතා කරන්නාගේ බාහුවල පේෂීන් සහ ජංගම දුරකථන හරහා ලබා දෙන සංඥා මඟිනි. ජංගම දුරකථනයේ තිරය ස්පර්ශ කිරීමෙන් යාන්ත්‍රික අත ස්වයංක්‍රීයව කලින් සකස් කල අල්ලා ගැනීමේ ස්වරූපයකට(ගැම්ම) පත් වේ. මාපටැඟිල්ල මෙලෙස විවිධ අල්ලා ගැනීමේ ස්වරූප 24කට පරිවර්තනය කළ හැකිය.මීට අමතරව  සංවේදී නව ඇඟිලිතුඩු වල විද්‍යුත් අග්‍ර ක්‍රියාකාරකමේ හුරුබව වැඩි කිරීමට උපකාර වෙති.

 

ජංගම දුරකථනය සම්බන්ධ කිරීම, පූර්ණ වටයක් කැරකැවිය හැකි බලගැන්වූ මාපටැඟිල්ල සහ සියලුම වර්ගයේ අල්ලා ගැනීමේ ස්වරූප (ගැම්ම) ක්‍ෂණිකව ඇති කර ගත හැකි වේ. මෙවැනි යාන්ත්‍රික අතක් හිමි  බටොල්ට් වෙයාර්ගේ අදහස නම් ස්වාභාවික අතක් මෙන් තම යාන්ත්‍රික අත භාවිතා කළ හැකි වීම තමා කිසිසේත් අපේක්‍ෂා නොකල බවයි.                   
   
ජංගම දුරකථනයේ “වැඩ යන කාණ්ඩය යටතේ ඇති ක්‍රියාකාරකම් ලෙස යතුරු ලියනය, ලේඛණ භාවිතය, පරිගණක මවුසය භාවිතය වැනි දේ සඳහන්වේ.ඒ සඳහා අවශ්‍ය ඇල්ලීම් කලින් සකස් කරගැනීම පහසුවෙන් කළ හැකිය. නවකයින් සඳහා කෘතිම අතක් ලබාදීමේ සම්පූර්ණ ක්‍රියාවලියට කෘතිම අත ගැන තොරතුරු සහ භාවිතයේ පුහුණුව ඇතුළත්ව තිබේ.




උපුටා ගැනීම  :- Douglas Heaven, reporter

0 comments:

Post a Comment