November 7, 2013

බලය ලබා දෙන මොලය

බලය දූෂිත හෝ දූෂිත නොවිය හැකිය. නමුත් එය පුද්ගලයා වෙනස් කරයි. බලය පුද්ගලයෙකු තුල ඇති කරන මෙම වෙනස් වීම් ඔහු/ඇය ගේ මොලය තුල සිදුවන අයුරු නවතම අධ්‍යයනයකින් වාර්තා වී ඇත. අන් අයගේ පෙරදිසි (perspectives) ලබා ගැනීම සඳහා බලගතු මිනිසුන්ගේ අනුවර්තන කැමැත්ත අඩු වීම කෙරෙහි බලපාන යාන්ත්‍රනය හඳුනාගැනීමට ස්නායු පිළබඳ විද්‍යාඥයෝ මෙම අධ්‍යයනයේදී උත්සුක වූහ.

අන් අයගේ ප්‍රායෝගික අත්දැකීම අප තුලට ඇතුළුකර ගැනීම (අනුවර්තනය), “motor resonance system (යාන්ත්‍රික අනුවර්තන ක්‍රමය)” ලෙස හඳුන්වන මොලයේ ස්නායු පරිපථ ජාලයක් මඟින් ක්‍රියාත්මක වේ. අන් අය කෙරෙහි බලය පැතිරවීමේදී බලය පතුරවන්නාගේ මොලයේ එම ක්‍රියාවලිය අක්‍රිය වන බව සොයා ගෙන තිබේ.
 උදාහරණයක් ලෙස යම් කෙනෙකු බෝලයක් විසි කරනු අප දුටු විට බෝලයක් විසි කිරීමේ ක්‍රියාවලියට අදාල අපගේ මොලයේ කොටස්ද අනුවර්තනයෙන් සක්‍රිය වේ. අන් අයගේ ක්‍රියාව අපට දැනෙන අපේ මොලයේ ක්‍රියාකාරීත්වය අනුනාද වීමේ (resonate) ක්‍රියාවක් ලෙස මොලයේ ඉහල කොටසේ ඇති tronto-parieta ප්‍රදේශයේ සිදු වේ.

විවිධ ක්‍රියාකාරකම් මඟින් බලවත්, අසරණ, උදාසීන වැනි චිත්තාවේග ඇති වීමට සලස්වා ඒ අවස්ථා වලදී ඔවුන්ගේ මොලයේ ක්‍රියාකාරීත්වය transcranial magnetic stimulation (ට්‍රාන්ස්ක්‍රේනියල් චුම්බක උත්ප්‍රේරණය) මඟින් හඳුනාගැනීමට කැනඩාවේ වෝටලුහි විල්ෆ්‍රඩ් ලොරියල් විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාඥ ජෙරමි හොග් එමීන් හා කණ්ඩායම සමත් වී තිබේ.

අන් අය පිළිබඳ සාපේක්‍ෂව නොගැඹුරු අවබෝධය(හෝ නොසළකාහැරීම) මඟින් බලය නිර්මාණය වන බව මෙහි සරල අදහස යැයි පර්යේෂකයෝ පවසති.


උපුටා ගැනීම :
World Science – July 4,2013

0 comments:

Post a Comment