January 21, 2018

ආහාර ආකලන

ආහාර ආකලන

(Food additives)

ආහාර ආකලන ද්‍රව්‍ය යනුවෙන් හඳුන්වන්නේ ආහාරයක පෙනුම, රසය, සුවඳ හා වෙනත් තත්වයන් පවත්වා ගැනීම හෝ වැඩි දියුණු කර ගැනීම සඳහා එකතු කරනු ලබන ද්‍රව්‍ය වේ. උදාහරණ කිහිපයක් ලෙස

ආහාර වර්ණක (food coloring)
රසකාරක (flavor)
තෛලෝදකාරක (Emulsifiers)
ප්‍රතිඔක්සිකාරක (Antioxidants) දැක්විය හැක.

අප නොදැනුවත්ව හෝ අතීතයේදී ද ආහාර ආකල ද්‍රව්‍ය භාවිතා කරන ලදි. උදාහරණ ලෙස විනාකිරි, ලුණු, සීනි දැක්විය හැක. ඖෂධීය ශාක හා කුළු බඩු ආහාරවල සුවඳ හා රසය වැඩි කිරීමට යොදා ගැනීම, මස්, මාළු කල් තබා ගැනීමට ලුණු භාවිතා කිරීම එම අවස්ථාවන් වේ.

විසිවන ශත වර්ෂය අවසානයේදී මිනිසා කාර්ය බහුලවීමත්, විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් සමඟ සකස් කළ ආහාර (Process foods) භාවිතය ඉහල යාමත් සමඟ ස්වභාවික හා කෘත්‍රීම ආහාර ආකලන භාවිතය බොහෝ සෙයින් වැඩි විය.

ආහාර ආකලන ද්‍රව්‍ය පාලනය / නියාමනය සඳහා මෙන්ම පාරිභෝගිකයින්ට හඳුනා ගැනීමේ පහසුව සඳහා එක් එක් ආහාර ආකලන ද්‍රව්‍යන් වෙනුවෙන් එකිනෙකට වෙන් කරන ලද එකිනෙකටම සුවිශේෂී පදයක් (අංකයක්) ලබාදෙන ලදි. එය E අංකය (E Number) ලෙස හදුන්වන ලදි. උදාහරණ ලෙස E -260 ඇසිටික් ඇසිඩ්, E -300 විටමින් C වේ. ආහාර ආකලන ද්‍රව්‍ය වර්ග කිහිපයක් භාවිතයට භාවිතයට වඩාත් නුසුදුසු හෝ සම්පූර්ණයෙන්ම සුදුසු යැයි සඳහන් කළ නොහැක. බොහෝ ආහාර ආකලන වර්ග සුළු ප්‍රමාණයක් ශරීරගතවීම (recommended caily limits) ආහාර විෂවීම්වලට මුහුණදීමට වඩා සුභදායක වනු ඇත. නමුත් දිගුකාලීනව විශාල ප්‍රමාණවලින් ශරීරගතවීම නිසා ශරීරයේ විවිධ සංකූලතා ඇති විය හැකි බව පරික්ෂණ මඟින් තහවුරු කර ඇත. 

ආහාර ආකලන ද්‍රව්‍ය වර්ග කිහිපයක් භාවිතයට වඩාත් නුසුදුසු ලෙස ලෝකයේ පිළිගැනීමක් ඇත. ඒවා ශරීරගතවීම තුළින් ශරීරයට වඩාත් අහිතකර ප්‍රතිඵල ලබාදෙන බව මේ වන විට පරික්ෂණ මඟින් සොයා ගෙන ඇත. එනම් පිළිකා, මානසික විකෘතිතා, ඉරුවාරදය, අක්ෂි දුර්වලතා, තරබාරුකම ආදී රොග රාශියකටම මෙම ආකලන මාර්ග විවර කරනු ලබන බව වෛද්‍ය මතය වී ඇත. ඒවාට උදාහරණ කිහිපයක් ලෙස කෘත්‍රීම රසවත් වන පානය (Artificial Sweeteners Syrup E-951), අධිසාන්ද්‍ර ප්‍රක්ටෝස් සිරප් (High Fructose Corn Syrup), මොනො සෝඩියම් ග්ලූටමේට් (Mono Sodium Glutamate E-621), ට්‍රාන්ස් මේදය (Trance fat), E-133, E-132, E-143, E-127, E-102, E-110 වැනි වර්ණක, සෝඩියම් සල්ෆයිට් (sodium safeties E-221), සෝඩියම් නයිට්‍රේට් (Sodium Nitrate), සල්ෆර් ඩයොක්සයිඩ් (Sulfur Dioxide E-220), පොටෑසියම් බ්‍රෝමේට් (Potassium Bromate), BHA, BHT (E-320)
 
ආහාර තෝරා ගැනීමේදී ස්වභාවික ආහාර නිරන්තරයෙන්ම එකතු කර ගැනීමත්, පිටතින් ආහාර ගන්නා සෑම විටම E අංක අවමව ඇති ආහාර භාවිතයට පුරුදුවීමත් වඩාත් වැදගත් වේ.

2 comments:

it was very useful......

thanks

Great awareness...Thank you.

Post a Comment