January 25, 2018

ශ්‍රී ලංකාවෙන් හමුවන ආගන්තුක ආක්‍රමණිකයින් (තෘණ විශේෂ)

  • ගිණි තණ
  • ව්‍යාප්තිය
    මීටර්  3.5 - 5ක් පමණ උසට පඳුරු ලෙස වැඩෙන,  විශාල දිගු පත්‍ර සහිත මෙම ශාකයේ  එක් ශාකයක බීජ 9000 ක් පමණ හට ගනී.සත්ව ආහාරයක් ලෙස 1820 දී හඳුන්වා දී ඇති මෙය, අද වන විට දිවයින පුරා පැතිරී ඇත. ලොව පුරා නිවර්තන කලාපවල ව්‍යාප්ත වී ඇත.

  • උද්භිද විද්‍යාත්මක නාමය
    Panicum  maximum
    ඉංග්‍රීසි නම්                        
    Guinea grass
    වෙනත් නම්                     
    රට තණ, මානා
    නිජබිම
    අප්‍රිකාව, පලස්තීනය හා යේමනය

    බලපෑම
    · රෝග පලිබෝධ වාහකයෙකු ‍ලෙසත්,පරිසර පද්ධතීන වෙනස් කරන්නෙකු ලෙසත්,ජෛව විවිධත්වය අඩුකරන ශාකයක් ලෙසත් හඳුනාගෙන ඇත.
    දේශීය ශාක යටපත් කරයි.
    ·    කෘෂිකාර්මික කටයුතු වලටද දැඩි බලපෑමක් ඇතිකරයි.
    •  කම්බු පන්
    උද්භිද විද්‍යාත්මක නාමය
    Typha  angustifolia
    ඉංග්‍රීසි නම්                        
    Bull rush, Cat tail
    නිජබිම
    යුරෝපය හා උතුරු ඇමරිකාව

    ව්‍යාප්තිය
    තෙත්බිම හා වඟුරු බිම් ආශ්‍රිතව බහුලව දැකිය හැකි මෙය ප්‍රභේද කීපයකින් යුක්ත වෙයි.පත්‍ර 12 -16 ත් අතර ප්‍රමාණයක් හටගන්නා අතර ඉහළින්ම දුඹුරු පැහැයෙන් යුත් සිලින්ඩරාකාර ලොම් වැනි කොටස නිසා පහසුවෙන් හඳුනාගත හැකිය.ඵලාවරණය පුපුරා සියුම් බීජ සුළඟ මඟින් ව්‍යාප්ත වේ.

    බලපෑම
    දේශීය ශාක යටපත් කරයි.
    ·  ජෛව විවිධත්වයට මෙන්ම කෘෂිකාර්මික කටයුතු වලටද දැඩි බලපෑමක් ඇතිකරයි.
    ·    බීජ ආඝ්‍රාණය වීම හේතුවෙන්, ශ්වසන ආබාධ ඇතිකරයි.


    •  රිලා තණ
    උද්භිද විද්‍යාත්මක නාමය
    Pennisetum  polystachyon
    වෙනත් නම්                     
    මිෂන් ග්‍රාස්
    නිජබිම
    නිවර්තන අප්‍රිකාව



    මිෂන් ග්‍රාස් ලෙසද හඳුන්වන මෙය  Plantae රාජධානියට අයත් වෙයි.  Poaceae පවුලට හා Poales ගෝත්‍රයටද අයත් වන මෙය ශ්‍රී ලංකාවේ බහුලව දැකිය හැකි ශාකයකි.පඳුරු වශයෙන් හටගන්නා මෙම පැලෑටිය රටවල් රැසක ව්‍යාප්තව පවතී.







    •  ඇලිගේටර් පැලෑටිය

    උද්භිද විද්‍යාත්මක නාමය
    Alternanthera  philoxeroides
    නිජබිම
    ආජන්ටිනාව

    ව්‍යාප්තිය
    මෙම වල් පැලෑටිය ජලයේ හටගන්නා අතර ඕස්ට්‍රේලියාව,චීනය, නවසීලන්තය හා තායිලන්තය වැනි රටවලට ව්‍යාප්ත විය. නැව් මඟින් ලෝකය පුරා ව්‍යාප්ත වූවා යැයි විශ්වාස කරයි.

    බලපෑම
    ·    දේශීය ශාක ප්‍රතිස්ථානය කරමින් එම වාසස්ථාන, වේගයෙන් අත්පත් කර ගනී.
    ·    ජෛව විවිධත්වය අඩුකිරීමේ හැකියාව ඇත.

    •  ඇටෝර
    උද්භිද විද්‍යාත්මක නාමය
    Panicum  repens  L
    ඉංග්‍රීසි නම්                        
    Torpedograss, Creeping panic, panic rampant, couch panicum, wainaku grass, quack grass, dog-tooth grass bullet grass
    නිජබිම
    අප්‍රිකාව හෝ ආසියාව

    ව්‍යාප්තිය
    මෙහි නිජබිම පිළිබඳව නිශ්චිතවම සඳහන් නොවන අතර යුරෝපය,ඕස්ට්‍රේලියාව වැනි රටවලද දක්නට ලැබේ.





    උපුටා ගැනීම :- 
    පොත පත ඇසුරිනි.

    සැකසුම : -                                                                                                                                                 ඒ.ටී. පතිරත්න - විද්‍යා හා තාක්ෂණ නිලධාරී

    1 comments:

    really good post....

    thanks (y)

    Post a Comment