January 2, 2018

යෝග විද්‍යාව


යෝග යනු අවුරුදු 500 පමණ පැරණි වූ හින්දු ශික්ෂණ පුහුණුවකි. එය ශරීරයේ ඉරියව් පවත්වා  ගැනීම, භාවනාව හා ස්වසනය පාලනය කිරීම සිදු කරන ව්‍යායාම්  වර්ගයකි. යෝගවල යනු සමූහයක හා එක්සත්බවයි. වේගය වෙනස් කිරීම, ව්‍යායාම් ක්‍රම, ස්වසන හා භාවනාව හා නම්‍යශීලී ව්‍යායාම් වලින් විවිධ පේශි වලට ව්‍යායාම් ඇති කරයි.




යෝග වලින් ලැබෙන ප්‍රයෝජන

1.       පේශිවල ශක්තිමත් බව හා රිද්මය ඉහළ නංවයි.
යෝග ව්‍යායාම් කරන අය අන් අයට වඩා ශක්තිමත් බවෙන් වැඩිය. යෝග ව්‍යායාම් වලදී හොද රුධිර සංසරණයක් සිදුවන බැවින් ශරීරය තුල  රුධරයේ යකඩ අයන  ගලායාම හොදින් සිදුවේ. මාංශපේශි වල, අස්ථි, කකුල්, අත්වල බාහු ශක්තිමත් වේ.

2.       නම්‍යශීලීභාවය ඉහළ නංවයි
යෝග ව්‍යායාම් වලදී මාංශ පේශි ඇදීමට ලක්වන නිසා ඒවා නම්‍යශීලී වේ. බොහෝ පුද්ගලයින්ගේ මාංශපේශී නිසි අයුරින් ක්‍රියා නොකිරීම නිසා තද භාවයට පත්ව ඇත. අද වන විට එක ස්ථානයක  වාඩි වි සිට විවිධ තාක්ෂණික මෙවලම් භාවිතය, සුවපහසු වාහන, ගෙවල්, ගෘහ උපකරණ නිසා  මෙම තත්වය උද්ගත වී ඇත. යෝග ව්‍යායාම් නිරත වීම නිසා  මෙම තදවී ඇති මාංශපේශි ලිහිල් භාවයට පත්කර රුධිර සංසරණය නිසිලෙස ක්‍රමවත් කිරීම මගින් හිස කැක්කුම, මානසික ආතතිය අඩුවී ශරීරය ලිහිල් බවට පත් වීමෙන් ශරීරය චලනය කිරීම පහසු බව ඔබටම අත්විදිය හැක.

3.       ශක්තිය ඉහළ නංවයි
ශක්තිය වැයවූ විට කෝටිසෝල් හෝමෝනය අඩුවේ. නමුත් යෝග ව්‍යායාම් සමග ස්වස්න ක්‍රියාකාරකම් වලට අදාල ව්‍යායාම්ද සිදුවන බැවින් කෝටිසෝල් හෝමෝන ප්‍රමාණය ඉහළ  නංවන බැවින් වෙහෙස නිවා දමයි. දිග ඇදෙමින් සිදුකරන පේශි ව්‍යායාම් මගින් පණිවිඩයක් ඇතුලත ඉන්ද්‍රියන්ට ලබා දේ. එවිට ශරීර ඉන්ද්‍රයන්තුල විෂ මට්ටම් ඉහළයයි. නමුත් ක්‍රමානුකූල ස්වසන ක්‍රියාව නිසා විෂ ඉවත් කර අළුත් ඔක්සිජන් ලබාදී යථා තත්වයට පත්කරයි.

4.       ස්වසන ක්‍රියාකාරකම් වැඩි දියුණු කරයි

ස්වසන පද්ධතිය පෙනහළු, ස්වාසනාලය හා නාසය මගින් සමන්විතව පවතී. වාතය නාසය මගින් උගුරේ ඉහළ කොටසේ සිට පහළට ග්‍රසනිකාව හරහා පෙනහළු වලට ඔක්සිජන් ගෙන යාමත් නැවත අපිරිසිදු වාතය පිටකිරීමත් සිදු කරයි. ස්වසන ක්‍රියාකාරකම් පුහුණුව සමග යෝගා මගින් නියමිතව ස්වසනයෙහි නිස්කලංක, ශාන්ත බවක් හා සන්සුන් බවක් එක්කර ශ්වසනයට සමතුලිත බවක් ලබාදී  ශක්තිමත් ස්වසන යාන්ත්‍රණයක් ඇති කරයි. එය ශරීරයට අහිතකර ස්වසන පද්ධතියට බාධා ඇති කරන සංයෝග ඉවත් කරයි. හුස්ම ගැනීමේ අපහසුව ඇති අයට උපදෙස් මත පුහුණුව ලැබිය යුතුය. ආසාත්මිකතා ඇති අයට ආසාත්මිකතා ඉවත් කිරීමට යෝග ඉවහල්වේ.

5.       බර අඩුකර ගැනීම
යෝග යනු ඉතාමත් අඩුවෙන් සංඝට්ටනය වන ව්‍යායාමයකි. මෙම යෝග සන්ධි වලට සුදුසු නිසා ආතරයිටිස්, හන්දි ආබාධ ඇති අයට ද යෝග්‍යයි. සමබර පාලනය කරන ලද  ආහර රටාවක් සමග යෝග ව්‍යායාම් වල නිරත වන විට බර අඩුකර ගත හැක. යෝග මගින් මේද දහනයද කරයි.

6.       ආතතිය සමනය කරයි
ආතතිය නිසා හිසේ කැක්කුම මස්පිඩු තදවීම, බෙල්ලේ වේදනාව, නිදා ගැනීමේ අපහසුව ඇතිවේ. යෝග ක්‍රියාකාරකම් වල  යෙදීමේදී පරිවෘත්තීය ක්‍රියා ඉහළයාම සමතුලනය කරයි. එබැවින් රුධිරයේ විෂ ඉවත්වීම, වැඩි කැලරි දහනය හා පිරිසුදු කිරීම සිදුවේ. එමගින් හොද නින්දක් ලැබීම, මානසික සුවයක් ඇතිවීම නිසා ආතතිය සමනය වේ.

0 comments:

Post a Comment