January 24, 2018

රුව වඩන කෝමාරිකා

ගෙවත්තට ඔසු පැළයක් කෝමාරිකා Liliaceae කුලයට අයත් Alo Indica නමැති උද්භිත නාමයෙන් හඳුන්වන කෝමාරිකා ශාකය කුමාරි, ගෘහ කන්‍යා, සෘතු කුමාරි, කුමාරිකා යන නම්වලින් ද හඳුන්වයි. කෝමාරිකා ශාකය ඇමරිකාව, අප්‍රිකාව, ඉන්දියාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව වැනි ඌෂ්ණ කලාපීය ප්‍රදේශ ආශ්‍රිතව ඉතා සරුවට වැඩෙන ශාකයකි.

කටු සහිත දික් හැඩැති ඝනකම් පත්‍ර ඇති මෙම ශාකය පඳුරු වශයෙන් දක්නට හැකිය.ඉතා වටිනාකමක් සහිත මෙම ඖෂධය සෑම ගෙවත්තකම තිබිය යුතු මෙන්ම ඉතා පහසුවෙන් වැවිය හැකි ශාකයක් ලෙස හඳුනාගෙන තිබේ.

සාමාන්‍ය පාංශු තත්ත්වයන් මත වුව ද වැවිය හැකි මේ ශාකයට වැඩිපුර සාත්තුවක් අවශ්‍ය නොවුණත්, කොම්පෝස්ට් පොහොර යෙදීමෙන් වඩාත් සාරවත් කර ගත හැකිය.
 අලංකාරයට පෝච්චියක වුවත් වගා කිරිමේ හැකියාව ඇත. කොමාරිකා ශාකය වර්තමානය වන විට බොහො­් නිෂ්පාදන සඳහා යොදා ගනු ලබන අතර ආර්ථිකමය වශයෙන්ද ඉහළ වටිනාකමක් ඇති ශාක විශේෂයකි.
බොහොමයක් ඖෂධවල, ෂැම්පු වර්ගවල, සබන් වර්ගවලද කෝමාරිකා අඩංගු වීම මෙයට හේතුවයි. මිනිස් සිරුරට අවශ්‍ය ඇමැයිනෝ අම්ල 22න් 20ක්ම කෝමාරිකා ශාකයේ අඩංගු වීම විශේෂත්වයකි.
ශරීරයට අවශ්‍ය නමුත් ශරීරය තුළ නිපදවිය නොහැකි ඇමැයිනෝ අම්ල වර්ග 7ක් කෝමාරිකා තුළ අඩංගුය.
කෝමාරිකා රෑපලාවන්‍යය සදහා බෙහෙව්න් වැදගත් වේ.මෙහි විනිවිද පෙනෙන ජෙලිමය සංයෝගයක් අඩංගු වන අතර  එය චරමීය තුවාල සහ පිලිස්සුම් වලදී වැදගත් වේ.
කෝමාරිකා වල විටමින් සී ඊ සහ බීටා කැරොටීන් බහුලව අඩංගු වේ.මේ නිසා වයසට යාම පමාකරවන ගති ලක්ෂණ මෙහි අඩංගු වේ.සම් පැහැපත් කරවන ආයුරේද ආලේපනයක් ලෙස කෝමාරිකා බාවිතා කල හැකිය.
කෝමාරිකා ජල්ලිමය ද්‍රාවනයට කහ මී පැණි කිරි මිශ්‍ර කර සම මත ආලේපනය කර හැක.
කෝමාරිකා වලට සීනී ලෙමන් යුෂ එකතු කිරීමෙන් සම පිරිසිදු කිරීමේ ආලේපන සකසා ගත හැකිය.
චර්මීය ආසාදන වලට ප්‍රතිකර්ම කිරීමේදි කෝමාරිකා සහ මී පැණි මිශ්‍ර කර භාවිතා කරයි.          
පාරජම්බුල කිරණ වලින් ආරක්ෂා කරන ගුණ කෝමාරිකා වල අඩංගු නිසා වාණිජව නිෂ්පාදනය කරන සම් අලේපන වලදී කෝමාරිකා භාවිතා කරයි.

හිස කෙස් නිරෝගීව තබා ගැනීමේදි කෝමාරිකා ඉතා වැදගත්ය.කෝමාරිකා වල proteolytic enzymes අඩංගු වන අතර  මෙමතින් මැරැණු සෛල නැවත වර්ධනය සදහා වැදගත් වේ.මෙමගින් හිස කෙස් වැටීම වලක්වා මනා ලෙස වර්ධනයට වැදගත් වේ.කන්ඩිෂන් ගූණය ස්වභාවිකවම කෝමාරිකා වල ඇත.ඉස් හොරි වර්ධනය මැඩ පවත්වයි.මේ නිසා ෂැම්පූ සබන් නිෂ්පාදනයේදි කෝමාරිකා යොදා ගැනේ.

උපුටා ගැනීම -අන්තර්ජාලය

2 comments:

thanks for share....

good post :)

කෝමාරිකා මදය නිකන් ගෑවාට කමක්නැද්ද

Post a Comment