January 23, 2018

“විදාතා හරිත කඩමණ්ඩිය” බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී 2018/01/24, 25 දින පැවැත්වේ.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 266 ක් යටතේ ක්‍රියාත්මක වන විදාතා සම්පත් මධ්‍යස්ථාන වැඩපිළිවෙළ ග්‍රාමීය නිෂ්පාදන, ව්‍යවසායකයන් හට විද්‍යාත්මක හා තාක්ෂණික දැනුම අවබෝධය ලබාදෙමින් ප්‍රමුඛ කාර්යසාධනයක් ඉටුකරනු ලබයි.

දිවයින පුරා විසිරී සිටින විදාතා ව්‍යවසායකත්ව ජාලය තුළින් තෝරාගනු ලැබූ කුඩා හා මධ්‍ය පරිමාණ සහ ජාතික, ජාත්‍යන්තර තලය දක්වා පැමිණි නිෂ්පාදකයින්, ව්‍යවසායකයන් 50 දෙනෙකු ගෙන් සමන්විත පිරිසකගේ නිෂ්පාදන හා සේවා ඇතුළත් වස විසෙන් තොර නිෂ්පාදන ඇතුළත් “විදාතා හරිත කඩමණ්ඩිය” බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී 2018/01/24, 25 යන දෙදින තුළ පැවැත්වීමට අමාත්‍යාංශය විසින් කටයුතු සම්පාදනය කර ඇත.

මෙහිදී දේශීය වියළි හා පිසින ලද ආහාර, රසකැවිලි, දේශීය සහල් (හෙළසුවය) බතික් හා නිමි ඇඳුම්, ආභරණ, හස්ත කර්මාන්ත අංශයේ නිෂ්පාදන, පාවහන්, බෑග්, විසිතුරු මල් කෘෂිකාර්මික අංශයේ නිෂ්පාදන හා සේවා, විද්‍යුත් උපකරණ ඇතුළු දේශීයව නිපදවන තවත් බොහෝ දේ මෙම වෙළඳපළ තුළින් පාරිභෝගිකයන් අතට විශ්වාසවන්තව පත්කෙරෙනු ඇත.


විදාතා හරිත කඩමණ්ඩිය
දිනය                -           2018 ජනවාරි 24,25
ස්ථානය           -           සෙත්සිරිපාය පරිශ්‍රය, බත්තරමුල්ල

සංවිධානය       -           විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය

0 comments:

Post a Comment