September 7, 2017

ඉතා ශක්තිමත් මකුළු නූල් (දැල සැදුණු නුල්) වර්ගයක්

ග්‍රැෆීන් සහ මකුළුවා එකතුවීමෙන් පුදුමාකාර ලෙස ශක්තිමත් නූල් (පට/කෙඳි/තන්තු) විශේෂයක් විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ. මකුළුවාගේ බමන වියමන් සවිගැන්වීමට කාබන්නැනෝටියුබ් හෙවත් ග්‍රැෆීන් යොදාගත හැකි පහසු ක්‍රමයක් සැකසීමට පර්යේෂකයින් සමත්ව තිබේ. එහෙත් ඒ සඳහා ඔවුන් රොබෝ යාන්ත්‍රයනයක් හෝ මකුළුවාගේ ජාන සමඟ පර්යේෂණ පවත්වා නැත.ඒවෙනුවට සරල ලෙස නැනෝ ද්‍රව්‍ය සහිත ජලයට මකුළුවා  නිරාවරණය කිරීම මගින් මෙම ප්‍රතිඵල ලබාගැනීම විශේෂයකි.

2D Material සඟරාව මෑතකදී පල කරන ලද සත්‍ය විද්‍යාත්මක පර්යේෂණයක් වූ මෙය සුපිරි වීරයෙකු නිර්මාණය කරන ප්‍රබන්ධ චිත්‍රපටියක් මෙනි. මිනිස්සු වසර දහස් ගණනක සිට සිල්ක් (පට/නූල්) නිපදවීමට පටපණුවා භාවිතා කරති. එහෙත් මෑතකදී නූල්/කෙඳි නිපදවීම සඳහා මකුළුවාගේ දැලේ කෙඳි භාවිතය පිළිබඳ පර්යේෂණ කර එහි ඉතා හොඳ යාන්ත්‍රික ලක්ෂණ හදුනාගෙන තිබෙන බව පර්යේෂණ කණ්ඩායමේ නායක හා ඉතාලියේ Toronto විශ්ව විද්‍යාලීය මහාචාර්ය Nicola Pugno පවසයි.

ආතන්‍ය (ඇදෙන සුළු) ශක්තිය, පරම ප්‍රාතතිය සහ විශේස ශක්‍යතතාව සැලකූ විට නවතම බහුඅවයවික තන්තු Kevlar වැනි වෙනත් කෘතිම තන්තුවලටද වඩා ඉදිරියෙන් සිටියි.

“කෘමීන්ගේ හකු හා දත් වැනි දෘඩ පටක මෙන්ම ප්‍රෝටීනවල දක්නට ලැබෙන ඛනිජ වර්ග පිළිබඳ අප දැනගෙන සිටියා. එහෙත් අපේ අධ්‍යයනයට යොමු වූයේ මකුළුවාගේ දැල්නූල් වල ගතිලක්ෂණ වැඩි කිරීම සදහා ඒවායේ ජෛව විද්‍යාත්මක ප්‍රෝටීන ව්‍යූහයට විවිධාකාර නැනෝ ද්‍රව්‍ය අන්තර්ගත කිරීමයි.” Nicola ගේ  ප්‍රකාශයේ තවදුරටත් සඳහන් වේ.

මෙම ක්‍රමය මකුළු වර්ග තුනකට පරීක්ෂා කරන ලදුව සැමවිටකම සුපිරි ශක්තිමත් හා ප්‍රාතතියට ඉතා තදින් ප්‍රතිවිරෝධී සේද (නුල්) නිපදවීමට හැකි වී තිබේ. එය සිදුවූ ආකාරය පැහැදිලි නැතත් ඒ සඳහා මකුළුවාගේ විශේෂ වෙනස්කමක් බලපා නැත.

වානේ මෙන් 200 ගුණයකින් ග්‍රැෆීන් ශක්තිමත්වන අතර මිනිස් කෙස් ගසකින් මිලියනයකින් පංගුවක් සිහින් වේ. මකුළු දැල්ද සාමාන්‍යයෙන් ශක්තිමත්ය. ඒ නිසා මෙම උපාංග දෙක එකතුවෙන් සෑදුණු තන්තු (කෙඳි) ඉතා දැඩිය. එම තන්තුවක් මිනිසකුට තොටිල්ලක් ලෙසද භාවිතා කළ හැකි වේ.
පර්යේෂණ ප්‍රතිඵල මූලික අවධියේ පසු වුවද වඩාත් ශක්තිමත් එහෙත් සැහැල්ලු ද්‍රව්‍යයක් පහසුවෙන් සකස් කර ගැනීමේ මඟ මෙමගින් විවර වී ඇති අතර වවිද්‍යාත්මක ව්‍යුහ (bionicomposites) අමුද්‍රව්‍ය ස්වාභාවික ක්‍රියාවලි මගින් සවිගැන්වීමට හැකි බව සනාථ වුයේ යැයි නව්‍ය නියලුම පිළිබඳ මෙම වාර්තාවේ සඳහන් කර තිබේ.


අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ :හර්ෂ ලංකේශ්වර 

0 comments:

Post a Comment