September 7, 2017

කොලෙස්ටරෝල් අඩුකර ගනිමු

රුධිරයේ කොලෙස්ටරෝල් ඇති බව හදුනාගත් පසු එය අඩුකර ගැනීමට පියවර ගත යුතුය.  මෙය සදහා මස්, කිරි, සහ සත්ව ආහාර පරිභෝජනය අඩු කිරීම වඩාත් සුදුසුය.  අප ගන්නා ආහාර වලින් වඩාත් සුදුසු යැයි කිව හැක්කේ කුඩා මාළු වර්ගයන්ය.  කුකුල් මස් ද මාළු තරම් ගුණ නැත.      කුකුල් මස්වල වැඞිපුරම තෙල් ඇත්තේ සම කොටසේය.  එබැවින් කුකුල් මස් පිසීමට පෙර එහි සම කොටස ඉවත්කර දැමිය යුතුය.  හරක් මස්, ඌරු මස් අනුභවයෙන් වැලකි සිටිය හැකි නම් වඩාත් සුදුසුය.  ඒවා අනුභව කරන්නේ නම් තෙල් කොටස් ඉවත් කිරීම අනිවාර්ය වේ.
කිරි ආශ්‍රිත ආහාර වල වඩාත් මේදය ඇත්තේ මී කිරි වලය.  එළ කිරි වල මේදය පුමාණය අඩු නමුත් මේද රහිත එළ කිරි නිෂ්පාධන තෝරා ගැනීම වඩාත් යෝග්‍ය වේ.  මුදවපු මී කිරි,යෝගට්, කේජු. බටර් මේදය අතින් පොහොසත්ය.   මේද රහිත හෝ මේදය අඩු කිරි නිෂ්පාධන  අනුභව කිරීම වඩාත් යෝග්‍ය වේ.
බිත්තර වල මේදය තිබෙන්නේ කහ මදයේය.  ඒනිසා කහ මද කොටස දිනපතා පාරිභෝජනයෙන් වැලකි සිටිය යුතුය.  බහු අසංතෘප්ත මාගරින් වෙළදපොලේ තිබුණට ඒවා භාවිතා කලයුත්තේ ඉතාම අඩුවෙනි.  විශේෂයෙන් පොල් තෙල්ද පාම් තෙල්ද හැකිතාක් අඩු කල යුතුය.

පළතුරු අතුරින් අලිගැට පේර වල ඒක අසංතෘප්ත මේදය තිබුන ද සතියකට ගෙඩි 1-2 කට වඩා අනුභව නොකළ යුතුය.   කෙසේ නමුත් පොල් තෙල්, පාම් තෙල් අනුභව කළ විට එයින් කොටසක් අක්මාවේ දී කොලෙස්ටරෝල් බවට පත්වන බව දැනගත යුතුය. 


   විද්‍යා හා තාක්ෂන නිලධාරි
ඒ.එම් සී.එල්. සේනාධිර

0 comments:

Post a Comment