Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

April 28, 2017

ලයිම් රෝගය

ලයිම් නැමැති රෝගයක් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ දැනට වසර 40 ක් පමණ තිස්සේ පවතී. මෙය කිනිතුලි විශේෂයක් මගින් බෝවේ. මෙය ව්‍යාප්ත වන්නේ වන සතුන්ගෙන් මනුෂ්‍යයන්ටයි. කිනිතුල්ලන් මාර්ගයෙන් මිනිසුන්ට මෙම රෝගය බෝවෙයි. මෙය ව්‍යාප්ත වීම පසුගිය වසර 20 තුළ 3 න් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇත. දැනට සොයාගෙන ඇති පරිදි ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වෙසෙන කටුසු විශේෂයක් මගින් මෙම කිනිතුල්ලන්ගේ සිරුරු...

April 27, 2017

පෙර නුදුටු තත්වයට මොලය පත් කරන අධි චිත්තාවේග ඹෟෂධ

අධි චිත්තවේග ඖෂධ මඟින්  වෙනත් වර්ගයක විඥානයක් නිර්මාණය කරමින් මොළයේ තත්වය සත්‍ය වශයෙන්ම වෙනස් කරන බව නියුරෝන ක්‍රියාකාරීත්වය  මැනීම තුළින් අනාවරණය කරගෙන තිබේ. “මොළයේ සංඥා වල විවිධත්වය වර්ධනය වීම අපි දුටුවෙමු” යැයි එක්සත් රාජධානියේ Sussex විශ්ව විද්‍යාලයේ අනිල් සෙත් ප්‍රකාශ කරයි. සෙත් සහ කණ්ඩායම මෙම සොයාගැනීම කරන ලද්දේ ලන්ඩනයේ ඉමිපීරියල් විද්‍යාලයේ පර්යේෂකයන්...

facebook අතථ්‍ය යථාර්තය (Virtual Reality) වෙත පිය නැඟීම

ලොව පුරා විසිරී සිටින අවුරුදු ගණනකින් හමුනොවුනු ඔබගේ හිත මිතුරන් සමඟ එකම ස්ථානයක මේසයක් අසල මුහුණට මුහුණලා කථා කිරීමට හැකි ලෙස facebook අතථ්‍ය යථාර්ත (Virtual Reality) සේවාවන් සැපයිමට සූදානම් වේ. අතථ්‍ය මේසය, අතථ්‍ය යහළුවන් ගේ ත්‍රිමාණ චලනයවන රූප  ඔබ ඉදිරියේ ඔබේ ඇසට සත්‍ය සේ දැනෙන ලෙසට මෙහිදී ඉදිරිපත් කෙරේ. එනම් facebook තවදුරටත් තලයක් තුල නොව ත්‍රිමාණව ක්‍රියාත්මක...

ඔලිව් ශාකයේ ගුනාත්මක නව සොයාගැනීම් මධ්‍යධරණී දේශගුන කලාපය සමග සම්බන්ධව ඇති Oleaceae කුළයට අයත් අතර Olea europaea යන උද්හිද විද්‍යාත්මක නාමයෙන් හැදින්වේ. ඔලිව් ගෙඩිය වෙරළු ගෙඩියකට සමාන හැඩරුව ඇත. ගෙඩිය තනි ඇටයක් වටා වූ මදයකින් හා ලෙල්ලකින් නිර්මාණය වී ඇත. මල් සුදු පැහැතිය. දම් පැහැයට හැරෙන විට ගෙඩිය නෙලා ගැනේ. කල්...

April 26, 2017

ආහාර තාක්ෂණය සදහා නැනෝ

නැනෝ තාක්ෂණය යනු කුමක්ද? ආහාර තාක්ෂණයේදී ඇති වැදගත්කම කුමක්ද? නැනෝ තාක්ෂණය යන්නෙහි සරල අදහස වන්නේ ද්‍රව්‍යය පරමාණුක හා අනුක මට්ටමෙන් වල හැසිරවීම යන්නයි. මෙය ප්‍රථමයෙන් අධයනය කරන ලද්දේ 1959 රිචර්ඩ් පෙයින්මන් (Richard Feynman) නම් වූ භෞතික විද්‍යාඥයා විසිනි....

April 24, 2017

අරුම පුදුම අකුණුසැර විදුලිය

බක් මාසය අකුණුසැර විදුලිය සදහා ප්‍රසිද්ධියක් උසුලයි. සාමාන්‍යයෙන් අප ඇස නොගැටුණු  එහෙත් කැමරා ඇසට හසුවූ Sprites, Elves, Blue jets (නිල් පුලිගු), Upside down lightning (උඩු යටිකුරු අකුණු) සහ Ball lightning ( ගෝල අකුණු) වැනි අරුම පුදුම අකුණුසැර විදුලිය ඉතා භියකරුය. ඒවායෙන් Sprites, Elves වල තොරතුරු පෙර සදහන් කරන ලද අතර Blue jets (නිල් පුලිගු), Upside down...

ලොව භියකරුම විදුලිය

මුහුදු රකුසන් මෙන්වූ විදුලි ගිනි හෝ විදුරු ජනේල දිය කිරීමට හැකි අභිරහස් විදුලි ගෝල ලෙස විදුලි අකුණු විශ්මයාකාර ස්වරූප බොහෝමයකින් පවතියි. එ්වායෙන් ඉතාමත් අසාමාන්‍ය කලාතුරකින් දැකිය හැකි අකුණුසැර විදුලි රූප කැමරා ඇසට හසු වී තිබේ. මෙලෙස අවබෝධ කර ගැනීමට අපහසු සහ ක්ෂණයකින් අතුරුදහන් වන විදුලි අකුණු කිහිපයක් පිළිබඳව පහත වාර්තා පල වී තිබේ. Sprites අකුණු වලා වලට ඉහළින් සිටින...

April 18, 2017

රෝග විනිශ්චය කරන උපකරණයක්

විද්‍යාත්මක ප්‍රබන්ධ බොහෝවිට නව සොයාගැනීම් සදහා විද්‍යාත්මක අනුප්‍රාණයක් ඇති කරයි. හොලොග්‍රම් (Hologram) හෙවත් ආලෝක කදම්භ මගින්  මවන ත්‍රිමාණ රූප, ටෙලෙප්‍රොටේසන් (Teleportation) හෙවත් පදාර්ථය අවකාශයේ භෞතික නොවන ලෙස චලනය කිරීම යනාදිය මේ සදහා උදාහරණ ලෙස දැක්විය හැක. Star Trek විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියෙන් ඉදිරිපත් කළ සර්වකාර්ය වෛද්‍ය උපකරණය වූ Tricorder (ට්‍රයිකොඩරය)...

April 17, 2017

අන්තර්ජාලය හරහා බිමට ලෙමනේඩ්

ජලය වීදුරුවක්, LED බල්බයක් සහ විදුලි ස්පන්ධන භාවිතා කර මිනිසුන්ගේ ඉන්ද්‍රිය සංවේදීතාව ප්‍රයෝගයෙන් රවටා ලෙමනේඩ් පානයක මිහිර අන්තර්ජාලය හරහා ලබාදීමට සිංගප්පූරුවේ විද්‍යාඥයින් සමත්වී තිබේ. එනම් පෙනුමෙන් ලෙමනේඩ්, රසින් ලෙමනේඩ් වුවත් එය ලෙමනේඩ් නොවේ. මෙලෙස අන්තර්ජාලය හරහා බෙදාහදා ගනිමින් ලෙමනේඩ් පානයක රස විදීමේ හැකියාව ලබාදීම සාර්ථක විය හැකි විභවයක් සහිත සැලැසුම් සිංගප්පූරු...

April 7, 2017

ඉරුගු වලින් නිපදවන සපත්තු අඩි

ක්‍රීඩා සහ එළිමහන් භාවිතය සදහා රෙදිපිළි හා සම්භාණ්ඩ නිෂ්පාදනය කරන සමාගම් ඔවුන්ගේ වෙළද භාණ්ඩ වලට උපයෝගී කර ගැනීමට සුදුසු පුනර්ජනන අමුද්‍රව්‍ය සොයා ගැනීමට මහත් උනන්දුවක් දක්වයි. ඒ අතරින් Reebok සමාගම සපත්තු අඩි නිපදවීම සදහා කල්පවත්නා එහෙත් ජෛව ජීර්ණ අමුද්‍රව්‍යක් ලෙස ඉරුගු ධාන්‍ය තෝරාගෙන තිබේ. මෙය ඔවුන්ගේ කපු සහ ඉරුගු නිෂ්පාදන ආරම්භක ක්‍රියාවලියේ තවත් අදියරයකි. ගස් වල සපත්තු...

ජලයේ ලුණු ඉවත් කිරීමට ග්‍රැෆින් පෙරණය

ජලයේ ඇති ලුණු ඉවත් කර පිරිසිදු ජලය ලබා ගැනීමට ග්‍රැෆින් භාවිතා කරන අයුරු විද්‍යාඥයෝ ප්‍රදර්ශනය කලහ. එහෙත් මෙමඟින් මිලියන ගණනාවක ජනතාවගේ ජල අවශ්‍යතාවය සපුරාලිය හැකි වේද? මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායම මේ පිළිබඳව Nature Nanotechnology  සඟරාවේ විස්තර පළකර තිබේ. ජලය පෙරනය කිරීම සඳහා සුදුසු ග්‍රැෆින් පටලයක් හෙවත් ග්‍රැෆින් සිහින් ස්ථරයක් භාවිතා...