April 8, 2016

සුවපත් දිවියක් සඳහා ආහාර.


අප ගන්නා ආහාර මගින් ලැබිය යුත්තේ මිනිසාගේ ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා වැඩීමකි. එහෙත් අද අප විසින් ආහාර යැයි ගනු ලබන බොහොමයක් දේ සම්බන්ධයෙන් ඉහත කාරණා ඉටු වේදැයි යන්න පිලිබඳව නැවත නැවතත් සිත් යොමු කළ යුතුය.

මේ අතරින් නිෂ්ඵල ආහාර (Junk Foods - අධික සීනි හා ලුනු අඩංගු) , පිරිසැකසූ ආහාර ( Processed Foods - කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය යොදා කල් තබා ගැනීමට සැකසූ ආහාර ) අහිතකර මේදය බහුල ආහාර (Trans Fat අඩංගු - ගැඹුරු තෙලේ බඳින ලද ආහාර හා ඇතැම් බේකරි නිෂ්පාදන) පරිභෝජනය පිළිබඳව ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුය. හේතුව නිතර නිතර මෙම ආහාර පරිභෝජනය බෝ නොවන රෝග රැසකට අත වැනීමකි.

සාමාන්‍යයෙන් ඔබේ ආහාර පිඟානෙහි ½ ක් ධාන්‍ය හා අල වර්ග ද, ඉතිරි අඩෙන් 2/3 ක් එළවළු ද, පිඟානෙන් ඉතිරි 1/3 ක මාළු, බිත්තර, මස්, පියලි හා ඇට වර්ග ද, මේදය අඩංගු ආහාර මද ප්‍රමාණයෙන් ද තිබිය යුතුය.

විශේෂයෙන්ම ඔබ නැවුම් එළවළු හා පළතුරු අනුභවය කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. ප්‍රධාන ආහාර වේලට ප්‍රථම පළතුරු අනුභවය වඩාත් යෝග්‍යය. දිනකට අවම වශයෙන් එළවළු වර්ග 3 ක් හා පළතුරු වර්ග 2 ක් වත් ආහාරයට ගත යුතු අතර, මේවායේ විවිධත්වයක් පැවතීම ඉතා වැදගත් වේ.
තවද එළවළු හා පළතුරු ගැනීම තුලින් මළ බද්ධය වැලකෙන අතර. ඉන් ශරීරයට විෂ ද්‍රව්‍ය උරා ගැනීම අවම කරයි.

එළවළු හා පළතුරු වර්ගවල ඇති ප්‍රතිඔක්සිකාරක සංයෝග හා තන්තුමය කොටස් මගින් ශරීරය ආරක්ෂණයක් සිදු වේ. මින් තන්තුමය කොටස් රුධිරයේ සීනි මට්ටම පාලනයට මෙන්ම අන්ත්‍රයේ අවසන් කොටසේ ජීවත් වන හිතකර බැක්ටීරියාවන්ට සුදුසු පරිසරයක් ගොඩ නඟා දීමක් සිදු කරයි.

මිනිස් සිරුරට ඇතුළු වන විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමේ දී පෝෂණය ඉතා වැදගත් ය. මේ අතර,
ක්ෂුද්‍ර පෝෂක - (Micro nutrients - ඛනිජ ද්‍රව්‍ය හා විටමීන් වර්ග) මෙන්ම
ප්‍රතිඔක්ෂිකාරක සංයෝග (Antioxidants) ප්‍රධාන වේ.

ක්ෂ්‍රද්‍ර පෝෂක ශරීරයේ හෝමෝනවල නිසි ක්‍රියාකාරීත්වයට බෙහෙවින් වැදගත්ය. උදා - ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය මනාව සිදු විමට සෙලිනියම් (Se) නම් ක්ෂුද්‍රපෝෂක මූලද්‍රව්‍ය උපකාරී වේ.

අපගේ ආහාරයට එක් කර ගන්නා කොළ මැල්ලුම තුලින් මෙවැනි ක්ෂුද්‍ර පෝෂක ලබා ගත හැකිය.

එමෙන්ම ප්‍රතිඔක්සිකාරක සංයෝග මගින් ශරීරයේ විෂ නැසීමේ ක්‍රියාවලියේ දි සෑදෙන ඔක්සිකාරක සංයෝග ඉවත් කිරීමක් සිදු කරයි. මේනිසා ශරීරය තුල ඇති වන පිළිකා සෛල විනාශ කර දැමේ.

විශේෂයෙන්ම කහට පිපෙන ස්වභාවය වැඩි හා තද පැහැති එලවළු හා පළතුරුවල ප්‍රතිඔක්සිකාරක බහුලව පවති. උදා- ලෙස හොඳින් ඉඳුනු ලොවි, ජම්බු, වෙරළු, නෙල්ලි වැනි දේශීය පළතුරු මෙන්ම වැටකොළු, අලුකෙසෙල් වැනි එළවළු වර්ග

එහෙත් අද වෙළඳ පොළෙන් අප ගන්නා අධික ලෙස කෘෂි රසායන ද්‍රව්‍ය යෙදූ එළවළු හා පළතුරු පරිභෝජනය ද  ගැටළුකාරී තත්වයකි.

සාමාන්‍යයෙන් රසායන ද්‍රව්‍ය භාවිතය අඩු Green Fifteen කාණ්ඩයට අයත් එළවළු හා පළතුරු අතර, අලිගැටපේර, බඩ ඉරිඟු, අන්නාසි, ගෝවා, ලූණු, අඹ, පැපොල්, වම්බටු, බතල වැනි ආහාර වර්ග ප්‍රධාන වේ.

කෘෂි රසායන ද්‍රව්‍ය අවශේෂ බහුලව අඩංගු Dirty Dozen කාණ්ඩයට අයත් ඇපල්, ස්ට්‍රෝබෙරි, මිදි, අර්ථාපල් වැනි ආහාර වර්ග පරිභෝජනයේ දි සැලකිලිමත් වන්න.

එළවළු හා පළතුරු වර්ග පරිභෝජනයට ප්‍රථම පහත ක්‍රියාමාර්ග තුලින් ඒවායේ ඇති කෘෂි රසායන ද්‍රව්‍ය අවශේෂ යම් පමණකින් ඉවත් කර ගත හැකිය.

1.     ගලායන ජලයෙන් හොඳින් සේදීම
2.     විනාකිරි සහ ජලය 1:4 මිශ්‍ර කර එම ද්‍රාවණයේ එළවළු හා පළතුරු පැයක් පමණ ගිල්වා   තැබීම.
3.    පොතු ඉවත් කිරීම

4.    දෙහි යුෂ තේ හැඳි 01       බේකින් පවුඩර් තේ හැඳි 01        ජලය කෝප්ප 01
         එකට මිශ්‍ර කර සාදාගත් ද්‍රාවණය පළතුරු මතට  spray කර මි. 5 -10 අතර කාලයක් තබා පිරිසිදු ජලයෙන් සෝදා ගැනීම

නීරෝගීමත් දිවියක් සඳහා ඔබ ආහාර පරිභෝජනයේ දී,
3S -  Starch   -   සුදු පිටි
         Sugar    -   සීනි
         Salt       -   ලුණු             පරිභෝජනය අඩු කරන්න.

ආහාරවල ඇති සැඟවුණු සීනි ද ඇතුළත්ව දිනකට සීනි තේ හැදි උපරිමව 6කට ද , ලුණු තේ හැදි 1ක් (5g) කට සීමා කරන්න.

වැඩිපුර සීනි පරිභෝජනයෙන් පිළිකා සෛල වර්ධනයට අවශ්‍ය පෝෂණය වැඩිපුර සැපයෙයි.

ආර්.ඩී.එන්. ප්‍රියන්ති
විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
කිරින්ද පුහුල්වැල්ල


(ආචාර්ය චින්තා රූපසිංහ මහත්මිය විසින් පැවැත්වූ දේශනය ඇසුරිනි.)

0 comments:

Post a Comment