April 1, 2016

ස්පන්දනය වන මිනිස් හදවතක් වගා කරයි.

බද්ධකළ හැකි හදවත් වගා කිරීම සඳහා වූ පර්යේණාත්මක ක්‍රියාවලියෙන් මේ දක්වා වගා කළ ස්පන්ධනය සහිත වූ මිනිස් ප්‍රමාණය හදවත මෙය බව පර්යේෂකයෝ ප්‍රකාෂ කරති.
ප්‍රේරිත හෘදමය කෝෂ මත හදවත් පටක රෝපණය කර පර්යේෂකයන් විසින් නිර්මාණය කළ ජීව ප්‍රතික්‍රියාකාරකයන් තුල වර්ධනය කිරීම මඟින් හදවත වගාකර තිබේ.

ඇමරිකාවේ පමණක් වසරකට 4000 ක පමණ රෝගින්ට හදවත් බද්ධ කිරිමට අවශ්‍ය වන අතර එයින් 2500 කට පමණ හදවත් බද්ධ කරනු ලැබේ. හදවත් බද්ධකිරීමේදී අත් විදිය හැකි ප්‍රධාන අවධානම නම් රෝගියාගේ ශරීරය ආධුනික නව හදවත ප්‍රතික්ෂේප කිරීම සඳහා ඇති කරන සුව්ශාල ප්‍රතිශක්ති ප්‍රතික්‍රියාවයි. බද්ධ කිරීම සඳහා ඇති හදවත් ප්‍රමාණය  සීමා සහිත බව නිසා මෙම ප්‍රහාරය තව තවත් දරුණු වී තිබේ. මේ නිසා රෝගියාගේම සෛලවලින් කෘතීම ඉන්ද්‍රීයන් නිර්මාණය කිරීමට පර්යේෂකයන් කටයුතු කරමින් සිටී. මැසවුස්ට් රෝහලේ සහ හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලය එකතු වී සෑදුණු පර්යේෂණ විද්‍යාඥයන් කණ්ඩායමක් මෙම ක්‍රියාවලියේ පියවර කීපයක් ඉදිරියට පැමිණ තිබේ.
අදහසක් ලෙස  විද්‍යාඥයින්ට රෝගියාගේම සෛල වලින් හදවත වගාකර ගත හැකිවිය යුතුය. එහෙත් එතරම් දුරට එම ක්‍රියාවලිය සාර්ථක වී නොමැත. සෑම ඉන්ද්‍රියකට විශේෂ වූ නිර්මාණ ස්වරෑපයක් (architecture) තිබේ. සෛල ගොඩනැගීමට සුදුසු අස්ථි පද්ධතියක් ඇත්නම් පර්යේෂණාගාරයේදී ඉන්ද්‍රිය ගොඩනැගීම පහසුය. නිදසුනක් ලෙස සැකිල්ල සකසා ඇති විට ගොඩනැගිල්ල ඉදිකිරීම සැලකිය හැකිය.

ප්‍රතිලාභී රෝගියාගේ ශරීරයේ ප්‍රතිශක්ති ක්‍රියාවලිය සඳහා ප්‍රතිචාර දැක්විය හැකි පිරිසිදුකාරක තීරුවක් දායක ඉන්ද්‍රියට ඇතුළු  කිරිමට විද්‍යාඥයින් මුලදී කටයුතු කරන ලදී. එහෙත් එය සාර්ථක නොවීය. විද්‍යාඥයින් ඉන්පසු වැඩිහිටි සමක සෛල සහ නව තාක්ෂණයන් භාවිතා කර එම සෛල බහුබල ස්ටෙම් (stem) සෛල බවට පරිවර්තනය කලේය.

ඉන්පසු එම ස්ටෙම් සෛල ප්‍රේරණය මඟින් වර්ග දෙකක හෘදමය සෛල බවට පරිවර්තනය කරන ලදී. ආකෘතියේ ඉතිරිය නව සෛල සඳහා හොඳ පදනමක් ඇති කරන බව සහතික වූ පසු විද්‍යාඥයින් තවත් ක්‍රියාවලි කිහිපයක් ක්‍රියාත්මක කර වගාකළ නොමේරු හදවතට විදුලි කම්පනයන් ලබා දුන්විට එය ස්පන්දනය වීම ආරම්භ විය.

උපුටා ගැනීම : 
NTISTS grow full-sized, beating human hearts from stem cells

https://www.youtube.com/watch?v=pd3TFB0wOI0

0 comments:

Post a Comment