April 18, 2016

දියවැඩියාවට එරෙහිව සැල්මොනෙල්ලා එන්නත

සාමාන්‍ය භාවිතයේදී කෙටියෙන් දියවැඩියාව [Diabetes mellitus (DM)] ලෙසද හැඳින්වෙන මධු දියවැඩියාව නොහොත් මධුමේහය ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්හි අක්‍රමිකතාවයක් නිසා රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. (සින්ඩ්‍රෝමයකි) මෙය ඇතිවන්නේ සිරුර තුළ ඉන්සියුලින් නැමැති හෝමෝනය දේහයට නොලැබීමෙනි. මෙම ඉන්සියුලින් හිඟතාවය එම හෝමොනය කෙරෙහි දේහයෙහි ප්‍රතිරෝධතාවයක් නොමැතිව වුවද ඇතිවිය හැකිය.

දියවැඩියාව ඇතිවන්නේ අග්න්‍යාශය මගින් ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් හෝමෝනය නිපද නොවීම නිසා හෝ දේහයේ සෛල ඉන්සියුලින් වලට නියම ලෙස අනුකුලතා නොදැක්වීම නිසා හෝ වේ. දියවැඩියාවෙහි ප්‍රධාන ආකාර තුනක් ඇත:
·         Type 1 DM: දේහයට ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවීමට නොහැකි වීම නිසා ඇති වෙයි. මෙම ආකාරය කලින්, ඉන්සියුලින් මත පදනම් වූ දියවැඩියාව [insulin-dependent diabetes mellitus (IDDM)] ලෙස හෝ යෞවන දියවැඩියාව (juvenile diabetes) හඳුන්වන ලදී
.Type 2 DM: ඉන්සියුලින් වලට ප්‍රතිරෝධය නිසා හට ගනී. දේහ සෛල ඉන්සියුලින් වලට නිසි ලෙස ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීම නිසා ඇති වන තත්ත්වයකි. රෝගය වර්ධනය වන විට ඉන්සියුලින් හිඟතාවය ද වර්ධනය වේ. මෙම ආකාරය කලින්, ඉන්සියුලින් මත පදනම් නොවූ දියවැඩියාව [non insulin-dependent diabetes mellitus (NIDDM)] ලෙස හෝ වැඩිහිටියන්ට වැළදෙන (වෘද්ධ) දියවැඩියාව (adult-onset diabetes) හඳුන්වන ලදී. මෙයට මූලිකම හේතු වන්නේ අධික දේහ බර සහ ප්‍රමාණවත් තරම් ව්‍යායාම නොලැබීමයි.

·         ගර්භනික දියවැඩියාව (Gestational diabetes), තුන්වන ප්‍රධාන ආකාරයයි. කලින් දියවැඩියාව නොතිබුන ගර්භනී කාන්තාවකගේ රුධිරගත ග්ලුකෝස් මට්ටම ඉතා ඉහල යාම මගින් මෙය ඇතිවේ.
පළමු වර්ගයේ දියවැඩියා රෝගයෙන් සම්පූර්ණ සුවය ලබා දිමට ලබා දිමට හැකි මුඛ එන්නක් සොයා ගැනීමට     පර්යේෂකයන් උත්සුක වී ඇත.දියවැඩියා රෝගය ආකාර දෙකකට වැළෙදේ. උපතින්ම දියවැඩියා රෝගයට ගොදුරුවීම හදුන්වන්නේ පළමු වර්ගයේ දියවැඩියාව වශයෙනි. උපතින්ම හා ළමා කාලයේ දී මෙම දියවැඩියා රෝගය වැළෙ‍දේ. අග්න්‍යාසයේ ඉන්සියුලින් හෝමෝන නිපදවන සෛල විනාශවීම මෙකී තත්ත්වයට හේතු වේ. එමෙන්ම වෛරස්‌ ආසාදන සොයා නොගත් ස්‌වයං ප්‍රතිදේහ නිසාද පළමු වර්ගයේ දියවැඩියා රෝගයට ගොදුරු විය හැක

මෙම එන්නත නිපදවා ඇත්තේ සැල්මොනෙල්ලා බැක්ටීරියාව පදනම් කර ගෙනය.ප්‍රතිශක්තීකරණ පද්ධතිය විනාශ වීම නිසා විනාශ වූ අග්න්‍යාසයේ ඉන්සියුලින් හෝමෝන නිපදවන සෛල නැවත යතා තත්වයට පත් වන බව පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත.
මෙම එන්නත Salmonella typhimurium බැක්ටීරියාව සහ සයිටොකයනින් නම් ප්‍රෝටීනය එකතු කර සාදන මෙම එන්නත  Anti-CD3  ලෙස හදුන්වා ඇත.මේ මගින් අග්න්‍යාසයේ ඉන්සියුලින් හෝමෝන නිපදවන සෛල විනාශවීම
වලක්වා  රැධිරයේ සීනී මට්ටම නැවත යතා තත්වයට පත් කිරීමට හැකියාවක් ලැබෙන බව මීයන් යොදා කරන ලද පර්යේෂණ වලින් අනාවරණය කර ඇත.
අනාගතයේදී මෙම එන්නත සාර්ථක වුවහොත් පළමු වර්ගයේ දියවැඩියාව වලක්වා ගත හැකිවනු ඇත.
තවද අගන්‍යාශයේ ඉන්සියුලින් හෝමෝන නිපදවන සෛල වර්ධනය උත්තේජනය කිරිමට පර්යේෂණ සිදු කරමින් පවතී. මෙය සාර්ථක වුවහොත් පළමු වර්ගයේ දියවැඩියා ව මෙන්ම දෙවන වර්ගයේ දියවැඩියාවද වලක්වා ගත හැකි වනු ඇත.


උපුටා ගැනීම-Science daily  Article

0 comments:

Post a Comment