April 4, 2016

ඖෂධීය ‍තේ

ඖෂධීය ශාකයක කොටසක් හෝ සම්පුර්ණ   ශාකයම උණු ජලය සමග මිශ්‍ර කර ටික ‍වේලාවක්
 තබා ගන්නා මිශ්‍රණයයි.
ඖෂධීය ‍තේ ඈත අතීතෙය් සිටම භාවිතා විය.
ඖෂධීය ‍තේ සාදා ගැනීමට තේ, කුරැදු ,කරිවිල,රණවරා, බෙලිමල්,ඉරමුසු,කරපිංචා,කොතලහිබටු ,නෙල්ලි රසකිද,ගොටුකොල වැනි ශාක භාවිතා කරයි.


මෙම ශාක කොටස් තනිව හෝ සමූහ වශයෙන් භාවිතා 
වේ
උදා  උඩරට තේ ,කුරැදු සහ කරිවිල. යොදා සකසන ලද 
ඖෂධීය ‍තේ

 නෙල්ලි රසකිද යොදා සකසන ලද ඖෂධීය ‍තේ

  බෙලිමල් පානය

 රණවරා නීරමුල්ලිය සහ පොල්පලා යොදා සකස් කරන ලද පානය

තේ යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පානයයි.තේ ඖෂධීය වටිනාකමකින් යුක්ත වන අතර තනිව හෝ වෙනත් ශාක කොටස් සමග මිශ්‍රව   පානයක් ලෙස භාවිතා කරයි.
මෑත කාලයේ කරන ලද බොහෝ අධ්‍යයනවලින් හෙළි වී ඇති කරුණක් වන්නේ අපගේ ජීවන රටාව නිසා වැළඳෙන රෝග බොහෝමයකට හේතු වී ඇත්තේ පරිවෘත්තිය ක්‍රියාවල අතුරු ඵලයන් ලෙස ශරිරයේ අතිරේකව "විමුක්ත රැඩිකල (free radicles)" (විමුක්ත රැඩිකල යනුවෙන් හැඳින්වෙන්නේ ඉතා සක්රීය ඉලෙක්ට්‍රෝන හෝ පෝටෝන වර්ගයක් වන අතර ඒවා ඉතා ක්ෂනයකින් දේහ පටක ඔක්සිකරනය කරයි.) ඇතිවීමයි.
තේ වල ඇති ප්‍රතිඔත්සිකාරකයන් විමුක්ත රැඩිකල් වල සමග ක්‍රියා  කර ඒවායේ ක්‍රියාකාරීත්වය පසුබස්වයි,
මෙසේ සෛල සහ පටක හානි වීම අවම කරයි.
අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ 'තේ' යනු ප්‍රතිඔක්සිකාරකයන් බහුලවම අඩංගු ස්වාභාවික මූලාශ්‍රයක් බවයි
     ගුදයේ පිළිකා නිවාරණය සඳහා තේවලට අපුරු හැකියාවක් ඇත.
          පැරණි චීන ජාතිකයන්ද තේ පානයේ ඇති ගුණාංග ගණනාවක්ම හඳුනාගෙන තිබේ. තේ පානය කිරීමෙන් හුදෙකලා බව, තෙහෙට්ටුව, සහ වේදනාවන් සමනය වන බැව් ඔවුන් සඳහන් කොට ඇත.    නිතර තේ පානය කරන්නන් හෘදයාබාධවලට ගොදුරුවීමේ හා ඒවායින් මරණයට පත්වීමේ අවදානම බොහෝදුරට අඩුය
            එමෙන්ම තේ පානය නිසා ආහාර ජීර්ණයට පහසුවක් ඇතිවන අතර ස්නායු පද්ධතිය සැහැල්ලු කරයි. අපගේ ආමාශය, ෂුශුම්නාව, සහ බඩවැල් ප්‍රබෝධමත් තත්වයේ තබන්නටත් තේ පානය හේතුවන බව හෙළි වී ඇත.
         මතකය ඉහළ නැංවිමට, මානසික සමබරතාවය ඇති කිරීමට, රුධිර නාල සහ රුධිර වාහිනි ශක්තිමත් කිරීමට, තයිරොයිඩ් ග්‍රන්ථියේ මනා ක්‍රියාකාරිත්වයට, දත් දිරායාම වැළැක්වීම සඳහා ෆ්ලෝරයිඩ් ලබා දීමට මෙන්ම සිරුරට විටමින් බී සහ ඊ ලබා දීමට තේ පානය වඩාත් ගුණදායක බැව්‍ ලොව පුරා සිදුකොට ඇති බොහෝ අධ්‍යයනවලින් හෙළි වී ඇත.
           
        අනෙකුත් ඖෂධීය ශාක වල වලද විවිධ  ගුණ හෙලිදරව් කර ඇත.

       ඖෂධීය තේ නිෂ්පාදන ක්‍රමවේදය

නෙලා ගත් ඖෂධීය කොටස් සුරක්ෂිතව ගබඩා කර තැබේ.මෙය ක්ෂුද්‍ර ජීවීන්ගෙන් තොරව සකස් කර    ගැනීම සදහා 1% සාන්ද්‍රනයකින් යුත් බීලිචින් ද්‍රවනයක මිනිත්තු 23 ක් ගිල්වා නැවත දිය බේරා වියලා ගත යුතුය. විජලිත කුටීරයක වියලීම වඩාත් ගැලපේ.

විජලිත කොටස් කුඩු කර පැකට් වල අසුරා භාවිතයට ගැනීම වැදගත්ය .

අද වෙළදපොළ තුල දක්නට ලැබෙන කල්තබාගැනීමේ කාරක සහ රසකාරක භාවිතා කර සකස් කරන ලද පානයන්ට වඩා පිපාසය සදහා ඖෂධීය ‍තේ පානය කිරීම නිරෝගීමත් පරපුරක් ඇති කිරීමට මනා පිටුවහලක් වනු ඇත.

 

0 comments:

Post a Comment