April 8, 2016

‍ඖෂධීය ගුණ සපිරි දෙහි

 ඖධීය ගුණයෙන් පිරි දෙහි, පොදු ජනවහරේ පැගිරි කුලයට අයත් යැයි පවසනු ලබන අතර, විද්‍යාත්මකව හදුන්වන්නේ රුටේෂි  ශාක කුලය ලෙසය. මෙම කුලයට අයත් ශාක සම්භවය වී ඇත්තේ උතුරු ඉන්දියාව, උතුරු මියන්මාරය හා දකණු මධ්‍යම චීනයේ යුහාන් ප්‍රදේශය තුලය. මෙම ප්‍රදේශය තුල සිට ආසියාවේ අවට ප්‍රදේශ වලට මෙම බෝගය ව්‍යාප්ත වී වගාවක් වශයෙන් පවත්වාගෙන ගොස් තිබෙන්නේ වාර්තාගත සාධක පවා සොයා ගැනීමට අපහසු තරම්  කාලයකට පෙර සිටය. ඉන්පසු එය ක්‍රමක්‍රමයෙන් ලෝකයේ සෙසු නිවර්තන හා උපනිවර්තන ප්‍රදේශ කරා මිනිසා විසින් ගෙනගොස් වගාකර තිබේ. 

                                    මෙම බෝග අප රටේ විශාල වශයෙන් වගා කරනු ලබන්නේ මොණරාගල, රත්නපුරය, කුරුණෑගල හා බදුල්ල යන දිස්ත්‍රික්ක වලය.
                                     
                                               මෙහි අඩංගු විටමින් සී, විටමින් බී6,  විටමින් ඒ, විටමින් ඊ, නියාසින්, තයමින්, ෆෝලේට්, රයිබෝෆ්ලෙවින්, කොපර්, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොටෑසියම්, සින්ක් ,පොස්පරස් , පැන්තෝතෙනික් අම්ලය සහ ප්‍රෝටීන් වැනි පෝෂක නිසා ඖෂධීය වටිනාකමක් ඇත.
              
                                       මෙය පලතුරක් සේම එහි අඩංගු ‍‍ ඖෂධීය    ගුණ නිසා උගුරේ අමාරුව,  මලබද්ධය, දත් සම්බන්ධ රෝග,  සියළුම ආකාරයේ උණ රෝග, අභ්‍යන්තර ලේ ගැලීම්,  පිළිස්සීම්,     ස්වශන ආබාධ  අධිරැධිර පීඩනය,  indigestion, rheumatism, obesity වැනි රෝග සදහාද  සුවදායකය. දෙහි යුෂ වල අඩංගු පොටෑසියම් නිසා හෘදරෝග සම්බන්ධ රෝගීන්ට එය පානය කිරීම ඉතා ගුණදායකය. දෙහි යුෂ සම මත ගැල්වීම මගින් හිරු එළියෙන් සමේ ඇතිවන පිළිස්සීම් වළක්වා ගැනීම, සම රුලි වැටීම වළක්වා ගැනීම මෙන්ම කළු ලප ඉවත්වීම සහ දෙහි යුෂ සමග මීපැණි මිශ්‍ර කර පානය කිරීම මගින් සමේ නිරෝගී වර්ධනයක් ඇතිකර ගත හැක.   දෙහි යුෂ හිස්කබල මත ඇතිල්ලීම මගින් හිස්සොරි පාලනය කිරීම සහ හිසකෙස් වැටීම මෙන්ම හිසකෙස් වල ගැල්වීම මගින් ස්වභාවික දිස්නය පවත්වාගත හැකිය. දෙහි යුෂ මද උණුසුම් ජලයේ මිශ්‍ර කර මීපැණි සමග පානය කිරීමෙන් ශරීරයේ බර අඩුකර ගත හැකිය.

                                  අප ශරීරයේ ප්‍රතිශක්තිකරනයටද බලපාන දෙහි යුෂ මුත්‍රාශයේ ගල් දියකරන ඹෞෂධයක් ලෙසද ප්‍රසිද්ධය.  මෙහිදි Urinary citrate   සංයෝගය සෑදීම නිසා   Crystals   ඇති වීම මගහැරී යයි. දෙහි වලින් ලබාගන්නා Scent මදුරුවන් පලවා හැරීමටද යොදා ගනී. දෙහිවල අඩංගු Antibacterial ගුණාංගය නිසා උගුරේ අමාරුව සදහා යොදා ගනී.

                                              දිනකට කුඩා දෙහි ගෙඩියක 1/2 ක යුෂ පානය කිරීමෙන් සෞඛ්‍යමත් ජීවිතයක් ලබාගත හැකිය.
  



සැකසුම - විද්‍යා හා තාක්ෂණ නිලධාරි
                
                ඒ.ඒ.සී.වි. අතාවුද
                  
                අරණායක

2 comments:

වටිනා කරුණු..

උ පෙ සිසුන්ට වටිනා කරැණු රැසක්. .....

Post a Comment