Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

July 3, 2014

දිනකට පැයකට වඩා MP3 අසන්න එපා...

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදු කල සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 6-9 අතරේ දරුවන් ගෙන් සියයට 12.5 මේ හඬ පතුරුවන ශ්‍රවන උපකරණ පැළදීම හේතු කොට ගෙන ශ්‍රවන ඌනතා වලට ලක්ව තිබේ. මේ පිළිබඳව විමසිලිමත්ව අධ්‍යනය කිරීමේදී MP3 Player /Phone එක හා සම්බන්ධව එන උපාංගයේ Ear bud නමින් හැඳින්වෙන කුඩා ස්පීකරය අභ්‍යන්තර ශ්‍රවන ඉන්ද්‍රිය වලට බෙහෙවින් හානි කරන බැව් හෙළිදරව් වී තිබේ.

කැසට් පට, සීඩී පට හා වෝක්මන් යනුවෙන් හැඳින්වෙන සංගීත උපකරණද තිබෙන නමුත් MP3 සම්බන්ධයෙන් වෙසෙසින්ම පර්යේෂකයන් උනන්දුවක් දක්වන්නේ ඇයි? එයට වැදගත් හේතුවක් තිබේ.
කැසට් පටයක, සීඩී පටයක සිංදු ගබඩා කල හැක්කේ සීමිත සංඛ්‍යාවකි. එහෙත් නව පරම්පරාවේ MP3 තාක්ෂණය සංගීත රසාස්වාදය සඳහා යොදවා ගැනීමේදී සිංදු 200-300ක් නැතිනම් ඊටත් වඩා වැඩි සංඛ්‍යාවක් වුව ඒ තුල පහසුවෙන් ගබඩා කළ හැක. තරුණ පරපුර මේ සිංදු පැය ගණනාවක් තිස්සේ එකින් එක ඇසීම අද විලාසිතාවකි.මේ නිසා MP3 වාදන ශ්‍රවනය කිරීමේදී ඒ සඳහා ගත කරන කාලය පිළිබඳව සැලකිලිමත් වීම ශ්‍රවන සෞඛ්‍ය විෂයෙහි ඵලදායී පියවරක් බව විද්වතුන් ප්‍රකාශ කර සිටී.
Ear buds නමින් හැඳින්වෙන ස්පීකර් වල ඇති හානිය නම් එමඟින් ශබ්දය සෘජුවම කර්ණ නාලයට සම්ප්‍රේශණය  කරන අතර බාහිර පරිසරයේ අවශේෂ ශබ්දයන් සපුරා අවහිර කිරීමයි.
බෙස්ටන්හි ළමාරෝග්‍යශාලාවේ වෛද්‍ය බ්‍රයන් ජුලියෝ පවසන අකාරයට ඩෙසිබල් 85ක ශ්‍රවන පරාසයකට පැය 80 පමණ කාලයක් මුළුල්ලේ කණ නිරාවරනය කිරීමෙන් නිශ්චිත ශ්‍රවන හානියක් සිදු වීමට ඉඩ තිබේ.
MP3 නිසා ඔබේ ශ්‍රවනය දැනටමත් දුර්වල වෙලාද?
පහත අත්දැකීම් වලට ඔබ මුහුණ පාන්නේ නම් දැනටමත් ඔබේ ශ්‍රවනය දුර්වල වී ඇති බවට ඉඟියකි.
·        මිනිසුන් ඔබට කථා කරන විට නැවතත් කියූ දේ කියන ලෙස ඔබ නිතර නිතර ඉල්ලා සිටිනවාද?
·        අන් අය කථා කරන විට ඔබට එම කථාවේ සමහර කොටස් ඇහෙන්නේ නැතිද?
·        ඔබ රූපවාහිනිය ක්‍රියාත්මක කර ඇති විට එහි අධික ශබ්දය අන් අයට බාධාවක්ද ?
මේ අත්දැකීම් ඔබේ ශ්‍රවන තත්වය දුර්වල වී ඇති බවට ඉඟියක් විය හැකිය.
තමන්ගේ ශ්‍රවන ඉන්ද්‍රිය සු‍රැකෙන, තමන්ට අවදානමක් නැති MP3 සංගීත ශ්‍රවනයේ සීමාව කුමක්ද?
   
විද්වතුන් පවසන ආකාරයට දිනකට  MP3 නාද පැයකට වැඩි කාලයක් ඇසීම සෞඛ්‍ය  සම්පන්න නොවන බවයි.ඔබත් සංගීතයට ආදරය කරන අතරේ ඔබේ ශ්‍රවන ඉන්ද්‍රිය වලටත් ආදරය කරන්නේ නම් මෙම උපදෙස් පිළිපදින්න.
 Source : cbsnews.com

July 2, 2014

දුම්පානයෙන් විපතේ වැටෙන්නේ ජාන තෙද බල අනුවයි.

දුම්පානයෙන් විපතේ වැටෙන්නේ ජාන තෙද බල අනුවයි.
 

දුම් පානය පෙනහළු පිළිකා වලට අත වනනවා. ඒත් ඇතැම් බරපතල ලෙස දුම් පානය කරන්නන් පෙනහළු පිළිකා වලට නතු නොවන අතරේ ඇතැමුන් ඉතා පහසුවෙන් මේ විපතේ වැටෙනවා. 
ඊශ්‍රාලයේ විද්‍යා අධ්‍යයන පිළිබඳව වයිස්මාන් ආයතනයේ පර්යේෂකයින් කණ්ඩායමක් මෙහි රහස අනාවරණය කරගෙන තිබෙනවා.
මේක එක් එක් කෙනාගේ DNA සැකසුම පිළිබඳවප්‍රශ්නයක්.දුම්පානය නිසා සිරුරේ DNA වලට කොහොමත් හානි පැමිනෙනවා.ඇතැමෙක්ගේ මේ හානිය බොහෝම ඉක්මනට අලුත්වැඩියා වෙනවා.ඒත් සියයට 10-16 අතර ප්‍රමානයකගේ මේ හානිය ඒ විදිහටම පිළිසකර වන්නේ නෑ. මෙන්න මේ අය තමයි බොහෝම පහසුවෙන් දුම්පානය නිසා පෙනහළු පිළිකා වලට ගොදුරු වන්නේ.
දුම්කොළ සතු හානිකර රසායන හා ගැ‍ටුණු විට DNA වල ඇතැම් අංග ප්‍රත්‍යංග මකා දමන OGC නම් එන්සයිමයක් පිළිබඳව මේ විද්‍යාඥයින් දැන් පරීක්ෂණ කරනවා. ඔවුන්ගේ අරමුණ රුධිර පරීක්ෂාවක් මඟින් OGC එන්සයිමයේ ක්‍රියාකාරිත්වය මැනීමයි. සාමාන්‍ය අළුත්වැඩියා වීමේ හැකියාව තිබෙන පුද්ගලයන්ට සාපේක්ෂව 5-10 ගුණයකින් පමණ මේ අඩුලුහුඩුතාව පවතින පුද්ගලයින්ගේ පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානම ඉහළයි.
Source ; Journal of the national cancer institute.

අන්තර්ජාලයේ සැරිසැරීම මොළය කුළු ගන්වනවා.........

 අන්තර්ජාලයේ සැරිසැරීම මොළයේ ක්‍රියාකාරිත්වය කුළු ගන්වනවා.........
භාෂාව,කථනය,ස්මරණය මෙන්ම දෘශ්‍ය ප්‍රතිග්‍රහනය අතින්ද අන්තර්ජාල පරිශීලකයන් පෙරමුණේ....
අන්තර්ජාලයේ සැරිසරන්නන්ගේ ව්‍යවහාරික දැනුම සෙසු කාණ්ඩ වලට සාපේක්ෂව සොයා බැලීමේ පරීක්ෂාවක් කැලිෆෝනියා සරසවියේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරනු ලැබුවා. ප්‍රතිඵල මවිතයට පත් කරවන සුළුයි. අන්තර්ජාලයේ සැරිසරන අයගේ මොළයේ ක්‍රියාකාරිත්වය අවශේෂ අන්තර්ජාලය භාවිතා නොකරන්නන්ට සාපේක්ෂව සැළකිය යුතු ඉහළ අගයක් පෙන්නුම් කරන බව ඉන් හෙළි වුනා.
මේ සම්බන්ධ පරීක්ෂණයට කාණ්ඩ දෙකක පුද්ගලයන් සහභාගී කර ගනු ලැබුනා. කාණ්ඩ දෙකේම වයස් කාණ්ඩ,ලිංගිකත්ව අධ්‍යාපන මට්ටම සම සමව තිබුණා. ඔවුන්ගේ මොළය අධ්‍යනයට යොමු කෙරුනේත් fMRI  නොහොත් Functional MRI ප්‍රතිබිම්භ ක්‍රමවේදය ඇසුරේය. fMRI  ඇසුරේ මොළයේ  ක්‍රියාකාරිත්වය මනින්නේ Voxel වලින්.
මේ පර්යේෂණයට අනුව අන්තර්ජාල අත්දැකීමක් නැති කාණ්ඩයේ මොළයේ ක්‍රියාකාරිත්වය 81646 Voxel ලෙස සටහන් වෙද්දී අන්තර්ජාලයේ සැරිසරන්නන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය 21782 Voxel ලෙස සටහන් වුණා. මේ අනුව මොන තරම් ඇබ්බැහිකාරයෙක් වුණත් අන්තර්ජාලයේ සැරිසැරීමෙන් මොළයේ සුමට හා මනා ක්‍රියාකාරිත්වයක් ලැබන බව ප්‍රත්‍යක්ෂයෙන් පන්වාදීමට UCAL පර්යේෂකයන් මැළි වුනේ නෑ.
Source :- Brain stimulating Tips..