February 7, 2019

කෘතිම බුද්ධියෙන් සංවර්ධනය කළ නව රොබෝ සුනඛයා


කෘතිම බුද්ධියෙන් සවිගැන්විමට පෙර තිබුනාට වඩා වැඩි වේගයෙන් ධාවනය කිරීමට , කාර්යක්ෂමව වැඩ කිරීමට හැකි  හා ක්‍ෂයවිමෙන් පසු නැවත ප්‍රකෘතිමත් කිරීමට හැකියාව ඇති සුනඛයෙක් හා සාමාන රොබෝ යන්ත්‍රයක් කෘතිම බුද්ධියේ නව ප්‍රවණතා අනුව නිපදවීමට ස්විස් සමාගමක් කටයුතු කර ඇත.
රෝබෝවරයෙකුට අලුතෙන්, සත්‍ය හා භෞතික ලෝකයේ ක්‍රියාකාරකම් ඉගැන්වීමට වඩා වැඩි වේගයකින් පරිගණක තිරය මත කෙරෙන උද්දීපන මෘදුකාංගයකින් ක්‍රියාකාරිකම් ඉගැන්වීම මෙහිදී කෘතිම බුද්ධියේ නව ප්‍රවණතාව සමත්වි තිබෙන බව Science Robotics සඟරාවේ නව අධ්‍යන වර්තාවක සදහන් වේ. ඇත්තවශයෙන්ම මෙම උද්දීපනය සත්‍ය ලෝකයට වඩා 1000 වාරයක් පමණ වේගවත් බව හා එය ස්වයං මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය සදහාද ප්‍රයෝජනවත් වන බව වාර්තාවේ දක්වා තිබේ.
සුනඛයා සිය කුසලතා ඉගෙනගත් simulation (සිමියුලරය/උද්දීපනය) හි නිවැරදිව බව සනාථ කිරීම සඳහා පර්යේෂකයන් ප්‍රථමයෙන්ම රොබෝවරයා සැබෑ ලෝකයේ හැසිරෙන ආකාරය පිළිබඳ දත්ත ඇතුළත් කිරීමට කටයුතු කර ඉන්පසුව, පරිගණක යන්ත්‍රය ඉගෙනීමේ උපකරණයක් වන ස්නායු ජාලයක් ලෙස simulation මගින් රොබෝව පාලනය කිරීමට ඉගෙන ගත්තේය.

වේගවත් ඉගෙනීමකට අමතරව මෙම තාක්ෂණය මගින් පර්යේෂකයන්ට සැබෑ ජීවිතයේ දී කිරීමට අකමැති වූ ක්‍රියාකාරකම් කෙරෙහි රොබෝව යොමු කිරීමට හැකි විය. නිදසුනක් වශයෙන්, බිදෙන සුළු රොබෝ සුනඛයෙක් වායුගෝලයට විසි කර එය බිම ඇදවැටීමෙන් පසු බිදී නොගොස් නැවත නැඟි සිටවීම සදහා සිමියුලරය  භාවිතා කළ හැකි බව ව්‍යාපෘතියේ ප්‍රධාන පර්යේෂකයෙකු හා ස්විට්සර්ලන්තයේ සූරිච් හි රොබෝටික් පද්ධති විද්‍යාගාරයේ පශ්චාත්අචාර්ය උපාධිධාරීයකු වන Jemin Hwangbo (ජෙමින් හුවාන්බෝ) ප්‍රකාශ කරයි.

ස්නායු ජාලය අනුක්‍රමණය පිළිබඳ පුහුණුව අවසන් කිරීමෙන් පසුව, එම ඉගෙනීම, භෞතික රොබෝව වෙතට ලබා දීමට පර්යේෂකයන් සමත් විය. Boston Dynamics (බොස්ටන් ඩිනේමිස්) විසින් නිෂ්පාදිත SpotMini නමින් හැඳින්වෙන මෙම භෞතික රොබෝ, විදුලි බලයෙන් ක්‍රියාකරන අතර අඩි 2 ක් පමණ උසකින් හා  සවි කරන ලද සන්ධි 12 කින් සමන්විත වේ. SpotMin ට හැතැප්ම 1.1 ක් ගමන් කිරීමට අණ කළහොත්, එය පෙරට වඩා නිවැරදිව කළ හැකිය. එය වැටීමෙන් පසු සාර්ථකව නැඟිට ඉක්මණින් ධාවනය කිරීම ඇතුළු නොයෙක් අසාමාන්‍ය ක්‍රියාකාරකම් කිරීමට සමත් වි තිබේ..

අන්තර්ජාලය ඇසුරින් සකස් කළේ : හර්ෂ ලංකේශ්වර
https://youtu.be/aTDkYFZFWug?t=7

0 comments:

Post a Comment