January 31, 2019

කුරුල්ලන්ගේ පිහාටු එකට සැලීම


මත්ස්‍යයින් සමුහයක් ලෙස පිහිනිමත් කුරුල්ලන් රංචු ලෙස පියාඹීමත් සිදුකරන්නේ ඇයිදැයි පිලිබදව  බොහෝ කාලයක් පුරා විද්යාඥයන්ගේ කුතුහලය යොමුවී තිබුණි. එමගින් එක් එක් මත්ස්‍යයාට හෝ පක්ෂියාට කුමක් ලැබේද? ඔවුන්ගේ සංයුතියෙන් ප්‍රත්‍යෙකයාට (පෞද්ගලිකව) ලැබෙන ප්‍රයෝජන මොනවාදැයි පිලිබදව නිව් යෝර්ක් සරසවියේ නව සොයාගැනීම් මගින් යම් ආලෝකයක් සපයා තිබෙන බව වාර්තා වේ.

බයිසිකල් ධාවන තරඟයක යෙදෙන රංචුව (bunch) මෙන් නොව , මත්ස්‍යයින් සහ පක්ෂින් සැරිසරනුයේ ඔවුන් සියලුදෙනා වටා සිටින එක් මධ්‍යක් තුලය. එය ඔවුන්ට පහලින් නොපිහිටන අතර මත්ස්‍යයින් හා පක්ෂීන් දෙවර්ගයම ක්‍රියාකරනුයේ  මූලික වශයෙන් සමාන යාන්ත්‍රණයන් සහිතව යැයි  නිව් යෝර්ක් සරසවියේ Ph.D. උපාධි අපේක්ෂක හා මෙම අධ්‍යනයේ  ප්‍රධාන කතුවරයා වන Joel Newbolt (ජොඑල් නිව්බෝල්ට්) ප්‍රකාශ කරයි. එය ඔහු “flapping.” ලෙස හඳුන්වයි.

පෙර අධ්‍යනයන් පෙන්නුම් කර ඇත්තේ, " බැටළුවන් මෙලෙස රංචු ලෙස මෙහෙයවීමෙන් එම කණ්ඩායමට භුමිය මත හෝ ජලය හරහා ගමන් කිරීම සඳහා අවශ්‍ය ශක්ති ප්‍රමාණය අඩු කිරීම වැනි දේවල් කළ හැකි බවත් නිව්බෝල්ට් සදහන් කරයි. කුරුල්ලන්ගේ සහ මත්ස්‍යන්ගේ මෙවැනි සමුහ චාරිකා  ආවේණික ගුණාංග සහිත විවිධ රටා නිර්මාණය කරයි. ඒවායේ ස්වරූප සත්ව ප්‍රභේදයෙන් ප්‍රභේදයට වෙනස් වේ. නමුත් ඔවුන් සියලුදෙනාම ඔවුන්ගේ රැළෙන් ප්‍රතිලාභ ලබයි.

මෙම නවතම අධ්‍යනයේදී පර්යේෂකයන් ඇත්ත වශයෙන්ම පාලනය කළ සැකසීම් සහිත ආදර්ශ“flapping.” යාන්ත්‍රණයන් භාවිතා කර තිබේ. ඔවුන් වතුර ටැංකියක් තුල දියර කාර්යක්ෂම ලෙස කපා දැමීමට හැකි දියෙහි මතු වෙන එසවුම් යන්ත්‍ර (hydrofoils) දෙකක් ස්ථාන ගත කරන ලදී. මාළුවාගේ පිහිනුම් වලිගය හෝ කුරුල්ලෙකුගේ ඇඹරුම් පියාපත්වල පොදු චලනයන්ට සමාන්තර ලෙස ඔවුන් මෙම “hydrofoils” දෙක එකක් පිටුපස එකක් පිහිටුවා flapping ක්‍රියාත්මක කරන ලදී. පර්යේෂකයන් විසින් ප්‍රකාශයට පත් කරන ලද අතිරේක වීඩියෝ පටයට අනුව hydrofoils ප්‍රබෝධ කිරීම මගින් අනුගාමිකයා නායකයාගෙන් ගැටීම හෝ වෙන්වීම පවා රැකගත හැකි බව පෙන්වා දෙයි.

මෙලෙස කුරුල්ලෝ කණ්ඩායම් සාර්ථක ලෙස සාර්ථකව ගමන් කළ හැකි ආකාරය අවබෝධ කර ගැනීම සුළං හා ජල විදුලිබලය වැනි විකල්ප බලශක්ති තාක්ෂණයන් සැලසුම්කරුවන්ට විවිධ සූක්ෂ්ම දෘෂ්ටියන් ලබාදෙන බවත් ඒ සදහා ඉගෙනගත යුතු බොහෝදෙ ඇති බවද නිව්බෝල්ට් පවසයි.
අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ : හර්ෂ ලංකේශ්වර

0 comments:

Post a Comment