January 17, 2019

නානෝ පදාර්ථය සහ සතුන්

නැනෝ පදාර්ථයේ භෞතික ගුණ
නැනෝ අංශු වල ද්‍රවාංක‍, තාපාංක එම මුලද්‍රවය හෝ සංයෝග සාමාන්‍ය අවස්ථාවේ දක්වන අගයන්ට වඩා බෙහෙවින් පහල අගයන් ගනියි. එසේ වන්නේ කොහොමද කියලා අපි හොයලා බලමු. ද්‍රවාංකය කියන්නේ ඝන ද්‍රව්‍යක නිශ්චිත ස්ථානවල පවත්න අංශු වලට නිදහසේ චලනය වීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන උෂ්ණත්වයයි. මතුපිට පෘෂ්ඨයේ පවතින අංශු අභ්‍යන්තර අංශු වලට වඩා ලිහිල් අවස්ථාවකයි පවතින්නේ. 

මොකද ඒවා ගැටෙන්නේ අඩු අංශු ප්‍රමාණයක් සමග නිසා අඩු ආකර්ෂණ බල ප්‍රමාණයකටයි යටත්වෙලා තියෙන්නේ. එනිසා ඒවා අඩු ශක්තියකදීම නිදහස් චලිතයට පත් වෙනවා. නැනෝ වස්තු සලකන කොට ඒවායේ A/V  (කේෂ්ත්‍රඵලය/පරිමාව ) අගය ඉතා ඉහලයි. බාහිරව පවතින අණු ප්‍රතිශතය එවිට වැඩිවන නිසා අඩු ශක්තියකින් නිදහස් වන අණු ප්‍රතිශතයද ඉහළය. එනිසා ද්‍රව වීමට අවශ්‍ය ශක්තිය අඩුය. අවශ්‍ය උෂ්ණත්වයද අඩු බැවින් ද්‍රවාංකය පහල යයි.
නැනෝ පදාර්ථයේ රසායනික ලක්ෂණ 
නැනෝ අංශු වල A/V (කේෂ්ත්‍රඵලය/පරිමාව ) අගය ඉතා ඉහල බව දැන් දන්නවානේ. එනිසා අණු සමග ගැටීමේ හැකියාව වැඩියි. සසම්භාවී චලිතයද වැඩි නිසා එය තවත් වර්ධනය වේ. මේ ලක්ෂණ නිසා ප්‍රතික්‍රියාතාවය, ප්‍රතික්‍රියා මාපාංකය යනාදිය සාමාන්‍ය පදාර්ථයට වඩා බෙහෙවින් වැඩි අගයක් ගනී.  නැනෝ පදාර්ථයේ සුවිශේෂි ගුණාංග සහ ලක්ෂණ මොනවාදැයි අපි දැන් ඉගෙනගත්තානේ. දැන් අපි බලමු එම ගුණාංග ඇත්තටම අපිට දැකගන්න පුලුවන් අවස්ථා තියනවද කියලා. මුලින්ම අපි සඳහන් කලා සොබාදහම තුල තමා නැනෝ විද්‍යාවේ අපුර්වතම රහස් සැඟවිලා තියෙන්නෙ කියලා. එහෙනම් මෙන්න බලන්න ස්වභාවික නැනෝ ලෝකය.
ඔබ කවදාවත් හිතුවද මිනිසාට කලින් හූනෙක්, මකුලුවෙක්, කුරුල්ලෙක්, සමනලයෙක්, එහෙමත් නැත්නම් කුරුමිණියෙක් නැනෝ විද්‍යාව භාවිත කලා කියලා? ඔව්! ඒක තමා ඇත්ත. අපි බලමු මේ සතුන් ලඟ තිබෙන්නෙ කොයි වගේ රහසක්ද කියලා.
හූණා ගැන සිතන්න . හූණාට සිරස් බිත්ති දිගේ පමණක් නොව, වහලෙ මත උඩුබැලි අතට වුනත් ගමන් කරන්න පුලුවන්. අපි කවදාවත් දැකලා නැහැ නේද එහෙම උඩුබැලි අතට ගමන් කරල හූණෙක් වැටිලා ඉන්නවා. ඒ කොහොමද ඒ? හූණා වහලෙට ඇලිලද ඉන්නේ? ඔව්! හූණා වහලෙට ඇලිලා ඉන්නේ එයාගේ පාදයේ තිබෙන නැනෝ ව්‍යූහයක් නිසයි. උගේ එක් පාදයක නැනෝ කෙඳි 500,000 ක් පමණ තිබෙනවා. එක් කෙන්දක නැනෝ චූෂණ කොටස් 100 ගණනක් තිබෙනවා. එක් පාදයකින් 100N ක පමණ බලයක් ඇති කරන්න ඌට පුළුවන්. පුදුමයි නේද?
අපි මකුළුවා දෙසට හැරෙමු. වසර මිලියන 450 කට පමණ පෙර සිට මකුළුවන් විසින් කෙඳි හා ඵලක ලෙස ඇසිරිය හැකි නැනෝ පදාර්ථයක් මගින් සේද වියනවා. එම සේද වල ශක්තිමත් බව හා ප්‍රත්‍යන්ථ බව ඉතාම ඉහලයි. නැනෝ පරිමාණයේ සංඝටකයකින් නිර්මාණය වන මකුළුදැල් ස්කන්ධය අනුව වානේ හා සම ප්‍රමාණයක් සැලකුවහොත් ඒවා වානේ වලට වඩා ශක්තිමත්. ඒ වගේම මුල් දිග වගේ 10 ගුණයක් වුනත් ඇදීමේ හැකියාවෙන් යුක්තයි.
ජෙකෝගේ ඇඟිලි වල අඩි එකකට පමණ පළල හා දිග ප්‍රමාණයෙන් නැනෝමීටර් 200 ක් පමණ කුඩා ඇලවුම් හිසකෙස් තිබේ. 

මෙම හිස එහි පරිසරය සමග සෘජු භෞතික සබඳතාවයක් තුළ ජෙකෝව තබයි. 

තන්තු වල හැඩය ද වැදගත් ය.නිදසුනකට, හිසකෙස් මත ස්පේටූල-හැඩැති කෙළවර විශේෂයෙන් ශක්තිමත් ඇල්ෙයිබෝනයක් සපයයි. 

කෘමීන්ගේද  පාද හැඩ ගැස්වීම, ආවේග ශක්තිය වැඩි දියුණු කිරීම සඳහා කෘතිම වියලි ඇලවුම් ක්‍රමවේද  වල    ජෛව ප්‍රබෝධයක් ඇති කරවන ආකාරය පිළිබඳව පර්යේෂණ කිරීම.

මෙම නැනෝස්කෙල් කුරුමිණියා පියාසර, මකුළු සහ ජෙකෝ වන ඇඟ පුරා මයිල් ඇමුණුමක් පෑඩ් දී fibrillar ව්යුහයන්. මතුපිට හිසකෙස්වල ඝනත්වය සත්වයාගේ සිරුරේ බර සමග වැඩි වන අතර සියලු සත්ත්ව විශේෂ අතුරින් ඉහළම ඝනත්වය ගනී.
 (රූප: ලෝහ ප්ලාන්ක් පර්යේෂණ ආයතනය / ගොන්බී )
මහේක්ෂීය වස්තූන් සඳහා, එම නියමිත හැඩය අනුව නිර්මාණය කර ඇත්තේ කුඩා ජ්‍යායාමිතික විචල්‍යයතාවන් සඳහා බන්ධනය වීමේ ශක්තිය කුඩා වීම නිසාය. මෙම සීමාව ප්‍රරමාණය අඩු කිරීම මගින් ප්‍රතිස්ථාපනය කළ හැකිය.
මෙම පර්යේෂණයෙහි ප්‍රධාන සොයා ගැනීම වන්නේ නැනෝමීටර 100 ක් පමණ විවේචනාත්මක ස්පර්ශක ප්‍රමාණයක පවතින අතර ස්පර්ශක මතුපිට හැඩයේ කුඩා වෙනස්කම් වලින් ස්වායක්තව ප්‍රාථමික  විශ්වාස කළ හැකි ය.

 සාමාන්‍යයෙන්,ප්‍රමාණය අඩු කිරීම හා හැඩය උපරිම කිරීම මගින් නියමිත  ඇත්දැකීමක් ලබා ගත හැකිය. 
මෙම ප්‍රතිඵලය මගින් ජීව විද්‍යවේ දී කෙස් ඇමිණුම් පද්ධතිවල ලක්ෂන විශාලත්වය, නැනෝමීටර් සිය ගණනක් සහ මයික්රෝමීටර කිහිපයක් අතර පරාසයක පරාසයට ලක් වී ඇති අතර, ඉංජිනේරු ශිල්පය තුළ අලවන ව්යුහ නිර්මාණය කිරීම සඳහා ප්‍රයෝජනවත් මාර්ගෝපදේශ කිහිපයක් යෝජනා කරයි.

මෙම තාක්ෂණය උපයෝගී කරගෙන ගම් රහිත ටේප් වර්ග නිර්මාණය කර ඇත.


උපුටා  ගැනීම -අන්තර්ජාලය

0 comments:

Post a Comment