February 8, 2019

වැලපෙන ඩොල්ෆින් මව


සති තුනකට ආසන්න කාලයක් ඇගේ මියගිය පැටවා රැගෙන පිහිනමින් සිටි ඔර්කා ලෙස හැදින්වෙන තල්මසා වර්ගයේ මත්ස්‍යය මවගේ ඛේදවාචකයෙන් පසු නැවත වතාවක් ඒආකාරයේ සිදුවීමක් වාර්තාවී තිබේ. මෙවර තම පැටියාගේ මරණයෙන් දුකට පත්ව  වැලපෙන ඩොල්ෆින් මවක් තම පැටියා කර තබාගෙන අවමංගල්‍ය ගමනක් මෙන් නවසීලන්තයේ වෙරළ තීරයේ පිහිනමින් සිටින බව නවසීලන්තයේ සංරක්ෂණ දෙපාර්තමේන්තුව (DOC) සදහන් කරයි. ඔවුන් පවසන පරිදි මල උපතක් ලෙස සැකකරන පැටවා කර තබාගෙන මෙම ඩොල්ෆින් මව පිහිනනු පලාමු වරට නිරීක්ෂණය කර ඇත්තේ පසුගිය ජනවාරි 29 දිනයේදීය. මෙම වාර්තාව පළවූ පෙබරවාරි 01 දිනද ,Bay of Islands මුහුදුවෙරල ආසන්නයේ ඇය එම දුක්බර ගමන සිදුකරමින් සිටියාය.

සාමාන්‍යයෙන් මුහුදු ක්ෂීරපායීන් තුළ නිරන්තරයෙන් සිදුවන "මාතෘ බන්ධන හැසිරීම" මෙම ඩොල්ෆින් මව හඬ නගමින් මියගිය පැටියා කර තබාගෙන පිහිනමින් වඩාත් තීව්‍රව ප්‍රදර්ශනය කරන බැවින් මෙම ශෝකී මවට එම කාර්ය සදහා ඉඩ හා කාලය අවශ්‍ය වේ.

Bay of Islands (දිවයින් බොක්ක) යනු ගිම්හානයේ දී කාර්යබහුල ස්ථානයක් වන අතර එහි ජලය ආශ්‍රිතව බොහෝ ක්‍රියාකාකම් සිදුවේ. මෙම මවට දුක සංසිදවා ගැනීමට ජලයේ අමතර ඉඩ හා ගෞරවය සියලුදෙනා විසින් ලබාදිය යුතු බවට ප්‍රකාශයක්  DOC ආයතනයට සම්බන්ධ ජෛව විවිධත්වයේ ජ්‍යෙෂ්ඨ ආරණ්‍යපාලිකාව (ranger biodiversity) වූ Catherine Peters (කැතරින් පීටර්ස්) විසින් නිකුත් කර තිබේ.

ඇයගේ පිට මතින් පැටවා වතුරට වැටුණු විට නැවත පැටවා ලබාගැනීමට ඇය ලුහුබැද පිහිනන බැවින් කණ්ඩායමේ අනෙක් ඩොල්ෆින් එයට ඉඩ සැලසීම සදහා ඇගෙන් ඉවතට පිහිනා යයි. එවිට විලෝපිකයන්ගෙන් සහ සමුද්‍රය භාවිතා කරන විවිධ යාත්‍රා සහ ජනතා ක්‍රියාකරමවලින් ඇයට හානි සිදුවිය හැක.  එනිසා ඔබ දූපත් බොක්කෙහි සිටින්නේ නම් කරුණාකර ඩොල්ෆින් ගැන අමතරව සැලකිලිමත් වන්න. හඳුනාගැනීමට අපහසුනම් ඩොල්ෆින් කණ්ඩායම් මගහරින්න යයි කැතරින් තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් මෙවැනි ඛේදජනක හැසිරීම් නිරීක්ෂණය කර ඇති පළමු වතාව මෙය නොවේ. මිට වසර දෙකට පෙර මෙවැනි බොටල්නෝස් වර්ගයේ (bottle-nose) ඩොල්ෆින් විසින් මියගිය පැටවෙකු පිටමත තබාගෙන පිහිනු බව ග්‍රීසියේ ඇම්බ්රියා ගල්ෆ් ප්‍රදේශයෙන් වාර්තාවී ඇත. වර්ෂ 2015 දී පෘතුගාලයේ වෙරළ තීරයේදී මියගිය පැටවකු රැගෙන මතුපිට මුහුදේ සැරිසරන Atlantic spotted ඩොල්ෆින් වර්ග හතරක් නිරීක්ෂණය කර ඇත. ඒ හා සමානව, නැගෙනහිර මුහුදු තීරයේ wild long-beaked ඩොල්ෆින් වර්ග කීහිපයක් මිය ගිය සහෝදරයකුට සහයෝගය දැක්වීමක්ද වාර්තා වි තිබේ.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ : හර්ෂ ලංකේශ්වර
https://youtu.be/4H-HJmT5TIQ?t=5

1 comments:

For translating this precious article I would like to express my gratitude ! An eye opener to many!

Post a Comment