February 15, 2019

එන්නත්කරණ අනුපාතය 500% ක් දක්වා වැඩිවීම


වොෂිංටන්හි ක්ලාක් ප්‍රාන්තය සරම්ප රෝගය පැතිරීයාමේ තර්ජනයට මුහුණ දී ඇති අතර එන්නත් සඳහා ඉල්ලුම පස් ගුණයකින් පමණ වැඩි වී තිබේ. මෙයට වෛරසයෙන් ආරක්ෂාවීමට ඇති ප්‍රතිශක්තිකරණය සදහා වූ එන්නත්කරණයෙන් වැලකි සිටි දෙමව්පියන් මුලිකවී ඇති බව කයිසර් සෞඛ්‍ය පුවත් වාර්තා කරයි.

උදාහරණයක් ලෙස, 2018 ජනවාරි මාසයේ දී Vancouver (වැන්කුවර්) සායන මධ්‍යස්ථානය  ප්‍රතිශක්තිකරණය සදහා එන්නත් 263 ක් පමණක් ලබාදී ඇති නමුත් 2019 ජනවාරි මාසයේ දී එන්නත් 1,444 ක් ලබාදී ඇති බව වාර්තා වේ. මේ අතර, ප්‍රාන්තයේ 2018 ජනවාරියේදී සිදු කළ 530 ක් පමණක් වූ එන්නත්කරණයන් 500% ක පමණ ප්‍රමාණයකින් ඉහළ යමින්  2019 ජනවාරිය සදහා එන්නත්කරණ  5,130 ක් ඇණවුම් කර ඇත.

මෙම ඉල්ලුම වැඩි වශයෙන් පැහැදිලිව පැමිණ ඇත්තේ, ආචාරධර්ම හේතුන් හෝ  එන්නත්කරණය හා ස්වේච්චතා අතර සොයා නොගත් සම්බන්ධතාවය පිළිබද කටකතා නිසා  තම දරුවන් එන්නත් ලබා නීමෙන් වළක්වාලු දෙමාපියන්ගෙන්ය. මේ අතර ජීවිතයට තර්ජනාත්මක ආසාත්මිකතාවයක් හෝ ප්‍රතිශක්තිකරණ පද්ධතිය රෝගාබාධවලින් දුර්වල වීම හෝ රසායනික චිකිත්සනය යනාදී   හේතු නිසා රෝග පාලනය සහ වළක්වා ගැනීමේ මධ්‍යස්ථාන (CDC) මගින් ඉදිරිපත් කරන ලද එන්නත් වලින් වැළකී සිටීම සඳහා නීත්‍යානුකූල වෛද්‍ය උපදෙස් සහිත අවස්ථාද මේ අතර ඇති නමුත් ඒවා බොහෝ දුරට සුළු වශයෙන් බවත් වාර්තාවේ සදහන් වේ.

CDC මඟින් සරම්ප රෝගයෙන් වැළකීමට, එන්නත ( MMR) මාත්‍රා දෙකකින් ලබා දෙයි. පළමු මාත්‍රාව මාස 12 සිට 15 දක්වා කාලයේදීද දෙවන මාත්‍රාව අවුරුදු 4 සිට 6 දක්වා කාලය තුලදී ලබා දෙයි.

"සරම්ප එන්නත පරිපූර්ණ නොවේ, නමුත් එක් මාත්‍රාවකින් රෝගයෙන් වැළැකීමේ ප්‍රතිශතය සියයට 93 ක් මාත්‍රා දෙකකින් එම ප්‍රතිශතය සියයට 97 දක්වා වැඩි වේ " ක්ලාක් ප්‍රාන්තයේ සෞඛ්‍ය නිලධාරියෙකු සහ මහජන සෞඛ්‍ය අධ්‍යක්ෂ Dr Alan Melnick (වෛද්‍ය ඇලන් මෙල්නික්) ප්‍රකාශ කරයි.

නිලධාරීන්ගේ ඇස්තමේන්තුවට අනුව 2017-18 පාසල් වර්ෂයෙදී ක්ලාර්ක් ප්‍රාන්තයේ බාලාංශ ළමයින්ගෙන්  76.5% ක් පමණක් ප්‍රතිශක්තිකරණයන් සදහා අවශ්‍ය සියලු එන්නත් ලබාගෙන තිබුණු නමුත් එය සමුහ ප්‍රජා ප්‍රතිෂක්තිකරණයක් සදහා ප්‍රමාණවත් නොවිය. සමුහ ප්‍රජා ප්‍රතිශක්තිකරණයක් සදහා බාලාංශ දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය  සියයට 90 ත් 95 ත් අතර විය යුතුය. තව ද, වළක්වාගත හැකි රෝග සඳහා එන්නත් නොලැබූ එක්සත් ජනපදයේ ළමුන්ගේ සංඛ්‍යාව 2001 සිට මේ දක්වා සිව් ගුණයකින් වැඩි වී තිබේ.

"රෝගය පැතිරීයාමේ තර්ජනය නිසා එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කළ බොහෝදෙනා දැන් පැමිණෙනවා ඒ  සදහා අප සුදානම්.අවශ්‍ය තරම් එන්නත් තිබීම නිසා අප සතුටු වෙනවා” යැයි  Sea Mar ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ආසාදන පාලන හෙදියක් වන Virginia Ramos (වර්ජිනියා රාමොස්) කයිසර් සෞඛ්‍ය පුවත් වෙත පැවසීය.



ක්ලාක් ප්‍රාන්තයේ පමණක් තහවුරු කර ඇති සරම්ප රෝහි තත්ව 53 ක් බව රාජ්‍ය වාර්තා පෙන්වා දෙයි. නමුත් තවත් බොහෝ දෙනෙකුට මේවනවිට  රෝගය පැතිරී ගොස් ඇතැයි සැක කෙරේ. මෙම රෝගීන්ගෙන් අවම වශයෙන් 47 ක්වත් රෝගයට එරෙහිව ප්‍රතිශක්තිකරණය සදහා එන්නත් ලබාගෙන නොතිබුණි. තවත් අවස්ථාවකදී, රෝගියාට MMR එන්නතෙහි නිර්දේශිත මාත්‍රා වලින් මුල් දෙක පමණක් ලබාගෙන ඇති අතර ඉතිරි  ප්‍රතිශක්තිකරණ මාත්‍රා පහ ලබාගැනීම පිළිබද සත්‍ය තවමත් තහවුරු කර නොමැත.

මෑත වසරවල දී සරම්ප රෝගීන්ගේ වර්ධනය සිදුවී ඇත්තේ වොෂිංටන් ප්‍රාන්තයේ පමණක් නොවේ. නිව් යෝර්ක් නගරයේ සහ නිව්යෝර්ක් ප්‍රාන්තයද වසංගතවලට මුහුණ දෙමින් සිටින අතර, පසුගිය සතියේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම  වාර්තාවකට අනුව, යුරෝපයේ දැන් සරම්ප රෝගීන් සංඛ්‍යාව  2016 දී මෙන් 15 ගුණයකින් වැඩි වී ඇති බව සොයාගෙන තිබේ.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/i1AiyjMRsKc?t=57

0 comments:

Post a Comment