February 15, 2017

සුළගින් දුවන විදුලි දුම්රිය



නෙදර්ලන්ත දුමිරිය සමාගම විසින් 2015 වර්ෂයේදී ගන්නා ලද එක් සුවිශේෂි තීන්දුවක් හේතුකොට ගෙන ප්‍රවාහන ක්ෂේත්‍රය තුල වැදගත් වෙනසක් ඇති කිරීමට ඔවුන්ට හැකියාව ලැබිණි. එනම් ඔවුන් භාවිතා කරන මගීන් ප්‍රවාහන විදුලි දුම්රිය සඳහා විදුලිය උත්පාදනය කිරීමට සුළං බලශක්තිය යොදාගත යුතු බව දුම්රිය සමාගම විසින් තීරණය කිරීමයි. මෙම ව්‍යාපෘතියට අනුව 2018 වර්ෂය ආරම්භ වන විට එරට සියලු මගී ප්‍රවාහන දුම්රිය සඳහා සුළං බළශක්තියෙන් විදුලිය සැපයිය යුතු විය. මේ සඳහා දුම්රිය සමාගම බලශක්ති නිෂ්පාදන සාමාගමක් වන එනිකෝ සමාගම සමග ගිවිසුම් ගත වූ අතර ඔවුන් එක්ව ගත් ප්‍රයත්නයේ සාර්ථක ප්‍රතිඵලයක් වශයෙන්  2017 වර්ෂය ආරම්භ වන විටම අදාල ඉලක්ක වෙත ලගාවීමට ඔවුන්ට හැකියාව ලැබිණි.

මෙම නව ව්‍යාපෘතිය හේතුකොට ගෙන විදුලිය නිපදවීම සඳහා පොසිල ඉන්ධන භාවිතයේදී පරිසරයට එකතුවන කාබන්ඩයොක්සයඩ් ප්‍රමාණය අඩු කල හැකි අතර මෙය පොසිල ඉන්ධන ශක්ති ප්‍රභවයක් වශයෙන් භාවිතාවන අනෙකුත් කර්මාන්ත සඳහාද ආදර්ශයක් වනු ඇතැයි එනිකෝ සමාගමේ අදහසයි. නෙදර්ලන්තය සැලකීමේදී ප්‍රවාහනය මගින් පරිසරයට මුදාහරින මුළු  CO2  ප්‍රමාණය 20% පමණ වන අතර, ප්‍රවාහන පහසුකම් සලසා ගන්නා අතරම පරිසරය ආරක්ෂා කිරීමද මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කෙරේ.

දිනකට නෙදර්ලන්ත ජනතාවගෙන් මිලියන 1.2 පමණ දුම්රියෙන් ගමන් ගන්නා අතර මේ සඳහා ටෙරාවොට් පැය 1.4 ක විදුලියක් සුළං බලශක්තියෙන් උත්පාදනය කලයුතු වේ. මෙම ප්‍රමාණය ඇමස්ටරඩෑම් ප්‍රදේශයේ ගෘහස්තව පරිභෝජනය කරන මුළු විදුලි බලයට සමානවේ. එනිකෝ සමාගමේ දත්ත වලට අනුව සුළං බලශක්ති නිෂ්පාදනාගාරයක් පැය 01ක් ක්‍රියාත්මක කිරීම මගින් විදුලි දුම්රියකට කි:මී: 200(සැතපුම් 120) යාමට අවශ්‍ය ශක්තිය උත්පාදනය කරගත හැක.

ව්‍යාපෘතිය ආරම්භයේදී විදුලි දුම්රිය සඳහා අවශ්‍ය වන සුළං විදුලිබලශක්තිය ආසන්න රටවලින් ලබාගැනීමට අපේක්ෂා කල අතර කෙසේ නමුත් අවසානයේදී රට තුලම සුළං විදුලිබලශක්ති ජනන මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩිකිරීම මගින් අදාල බලශක්ති අවශ්‍යතාවය සපුරාගැනීමට  දුම්රිය සමාගමට හැකියාව ලැබිණි. ඔවුන්ගේ මීලග ඉලක්කය වන්නේ මගියෙකු සඳහා වැයවෙන ඉන්ධන ප්‍රමානය 2005 වසර හා සැසදීමේදී 2020 වසරේදී 20% අඩු කිරීමයි.


උපුටාගැනීම: http://www.sciencealert.com/all-electric-trains-in-the-netherlands-are-now-100-powered-by-wind-energy

0 comments:

Post a Comment