February 13, 2017

වසර දහයක ආයු කාලයක් සහිත බැටරි විශේෂයක්

වසර දහයක ආයු කාලයක් සහිත විදුලි කෝෂ (බැටරි) නිසා පුනර්ජනන බල ශක්තියේ අනාගතය විප්ලවකාරී වනු ඇත.හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් වසර දහයකට වඩා කල්පවතින නව විදුලි කෝෂ විශේෂයක් නිර්මාණය කර තිබේ. ඉතා පහළ මට්ටමේ අවක්‍රමනයක් සහිත මෙම නිර්මාණය ඵල දැරුවුවහොත් පුනර්ජනන ප්‍රභව වලින් නිෂ්පාදනය කරන බලශක්තිය ගබඩා කිරීමේ ප්‍රමුඛයා වීමට එයට හැකියාව තිබේ.

Michael Aziz සහ Roy Gordon ගේ මෙහෙයවීමෙන් පළකර ඇති ACS බලශක්ති තොරතුරු අනුව redox flow (රෙඩොක්ස් ප්‍රවාහ) විදුලි කෝෂය මේ සදහා යෝජනා වී තිබේ. මෙම ක්‍රමය මගින් ආරෝපණ (විදුලිය), විශාල ද්‍රාවක ටැංකි තුළ ගබඩා කෙරේ. නව redox flow බැටරිය smart දුරකථනය සදහා බලය සැපයීමට නොව නිවාස ඇතුළු විශාල ප්‍රදේශ සදහා බලශක්තිය ලබාදීමේ විප්ලවයක් වේ.

පුනර්ජනන බලශක්ති ක්‍ෂේත්‍රයේ හදුනාගෙන ඇති ප්‍රධාන දුර්වලතාවයක් නම් නිපදවිය හැකි අමතර පුනර්ජනන බලශක්තිය පසු ප්‍රයෝජනය සදහා ගබඩා කිරීමේ ක්‍රම වේද ඉතා සාර්ථක මට්ටමේ නොතිබීමයි. පුනර්ජනන බලශක්තිය නිපදවනුයේ සුළං මෝල, සුර්ය පනේල යනාදියෙන් නිසා ඒවා නිපදවූ විට කෙලින්ම විදුලි ජාලයට (electricity grid) යොමු කෙරේ. මේ අනුව අමතරව නිපදවිය හැකි පුනර්ජනන බලශක්තිය භාවිතය අවශ්‍ය නොවන නිසා කාර්යක්‍ෂමව ගබඩා කරගැනීම ඉතා වැදගත් වේ. ගබඩා කිරීමට දැනට භාවිතාවන ක්‍රමය නම් ලිතියම්-අයන් (Lithium-Ion) බැටරියි. ටෙස්ලා සමාගම මගින් මහා පරිමාණයෙන් ලිතියම්-අයන් විදුලි කෝෂ නිෂ්පාදනය දැනටමත් ආරම්භ කර ඇතත් එම කෝෂ වල ජීව කාලය වැඩි කිරීමට හා අධික නිෂ්පාදන වියදම අඩුකිරීමට කරන ලද පර්යේෂණ සාර්ථක වී ඇති බව වාර්තා නොවේ. එමගින් විකල්ප ගබඩා කිරීමේ ක්‍රම වේද වල අවශ්‍යතාවය තවදුරටත් මතු වී තිබේ. නව ප්‍රවාහ කෝෂ (flow battery) විකල්ප තරගයේ ජයග්‍රහාහකයා වීමට බොහෝ දුරට සමත් වනු ඇත.

ද්‍රාවක සංයෝග සහිත විශාල ටැංකි දෙකක් මගින් ප්‍රවාහ කෝෂ (flow battery) මුලිකව ක්‍රියාත්මක වේ. මෙම ද්‍රාවක සංයෝග බලශක්තිය + ආරෝපිත විද්‍යුත් විච්ජේදක සහ - ආරෝපිත විද්‍යුත් විච්ජේදක ලෙස ගබඩා කර ගනියි. ඉන්පසුව අවශ්‍ය විටක මෙම ආරෝපිත ද්‍රාවක සංයෝග එකිනෙකා අතර ගලායාමෙන් බලය නිපදවනු ඇත.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙණි.  

සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්‍යා හා තාක්ෂණ නිලධාරි

https://www.youtube.com/watch?v=AagO07cHRG8

0 comments:

Post a Comment