February 3, 2017

ලියුකේමියා රෝගී ළදැරියන් බේරාගත් ජාන සකස් කිරීමේ ප්‍රතිකාරය

පිළිකාව වැනි සුවකල නොහැකි රෝග නිසා අන්ධකාරයේ පවතින වත්මන් ලෝකයට විද්‍යාව විසින් බොහෝ ආලෝකයන් සපයමින් නව ප්‍රතිකාර මඟින් එම රෝගීන් ආරක්ෂා කිරීමට පියවර ගනී. සුවකල නොහැකි ලියුකේමියා රෝගී තත්වයක් ලෙස පෙර පැවති රෝගයකට ගොදුරු වූ ළදැරියන් දෙදෙනෙකු ජාන සංස්කරණ නව ක්‍රම වේදය මඟින් බේරාගැනීම මේ සඳහා හොඳ උදාහරණයකි.

ජාන ඉංජිනේරු ශිල්පය උපයෝගී කරගෙන සුදු රුධිර සෛල ලබා දීම මඟින් ළදැරියන් දෙදෙනාගේ පිළිකාමය සෛල සාර්ථකව සටන් කිරීමට හැකියාව ලැබී තිබේ. ඒ නිසා Acute lymphocytic leukemia (උග්‍ර වසාසෛට ලියුකේමියාව) රෝගය නිසා මිය යමින් සිටි ළදැරියන් දෙදෙනා දැනට සුවෙන් පසුවන බව යුරෝපීය පර්යේෂක කණ්ඩායම Science Translational Medicine  නමැති සඟරාවට ප්‍රකාශ කර තිබේ.

මීට පෙර බොහෝ ඹෟෂධ සමාගම් මෙම තාක්ෂණය භාවිතා කළේය. එහෙත් ඒවායේදී ඔවුන් සකස් කිරීම සඳහා භාවිතා කරන ලද්දේ රෝගියාගෙන්ම ලබා ගත් සුදු රුධිර සෛල වේ. නව ක්‍රමයේදී  සටන් කරන ජානමය සෛල නිර්මාණයට අවශ්‍ය සෛල ලබා ගන්නා ලද්දේ නිරෝගී රුධිර දායකයන්ගෙන්ය. ප්‍රතිකාරයෙන් මාස දෙකකට පසුව එක්  ළදැරියකගේ ප්‍රතිශක්ති ප්‍රතිචාරය ප්‍රතිකාරය සඳහා සතුටුදායක ලෙස බලනොපාන  ලදි. නමුත් ඇයට විටමින් හා හෝර්මෝන සංයෝග (Steroids) සහ ඇටමිදුලු ප්‍රතිබද්ධ යන ප්‍රතිකාර කිරීමෙන් පසුව ඇය සුවපත් වූ බව වාර්තා වේ.

පිලිකා විවිධාකාර ස්වරූප වලින් පැමිණේ. සැමවිටම ඒවා ප්‍රතිශක්ති පද්ධතියට රහසින් ඇතුළු වී අපගේ ශරීර දුබල කරයි. මෙම ප්‍රතිකාර ක්‍රමය වැඩිහිටියන් හා තරුණයන් සදහා ක්‍රියාත්මක කිරීමට නම් එය තවදුරටත් දියුණු විය යුතු බවද පර්යේෂකයෝ ප්‍රකාශ කරති.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙණි.

සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්‍යා හා තාක්ෂණ නිලධාරි

https://www.youtube.com/watch?v=orWjnq7FXR8

0 comments:

Post a Comment