February 18, 2015

සංවර්ධන ව්‍යාපෘති වලදී සාමාජයීය බලපෑම් අධ්‍යනයේ වැදගත්කම

සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේදී සමාජයට ඇතිවන බලපෑම අධ්‍යනය කිරීම(Social Impact Assesment) ඉතා වැදගත් වේ. ජනගහනය මිලියන 20ක් පමණ වූ ශ්‍රී ලංකාවේ භූමිය වර්ග කිලෝමීටර් 65610කි.  වැඩිවන ජනගහනයත් සමග සීමීත භුමිප්‍රමාණයේ සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීම සමාජයට ඇතිවන බලපෑම් පිළිබඳ අධ්‍යයනය කර ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්ය.

එම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණු
  •  ව්‍යාපෘතියට ඇතුල්වන ජනගහන ප්‍රමාණය
  •  මුලික දත්ත,ද්විතික දත්ත,විද්‍යාත්මක,සාහිත්‍ය වැනි දත්ත හදුනාගත හැකි වේ
  • දත්ත අතර වෙනස සඳහා සැලසුම් සැකසිය හැකියි.
  •  විවිධ ජන කොටස් වලට ඇතිවන බලපෑම් හඳුනාගත හැකි වේ.
  •  බලපෑම් ඇතිවන ජන කොටස් වලට ව්‍යාපෘතිය සඳහා හවුල් කරගැනීම( තේ කඩ,බිම් සැකසීම ආදිය)
  •   ව්‍යාපෘතියෙන් වැඩි ප්‍රතිලාභ ලැබෙන කොටස හා දැඩිව බලපෑම් ඇතිවන කොටස හඳුනා ගැනීම.
ඇතිවන ගැටළු හා වඩාත් සැලකිය යුතු කරුණු වලට ප්‍රමුඛතාවය ලබාදීම.
  •   ව්‍යාපෘති සැලසුම් කරන්නන් හට සමාජයට ඇතිවන බලපෑම් අධ්‍යනය කර ඇතිවන ගැටළු අවම කර  ගැනීම සඳහා යෝජනා ඉදිරි පත් කිරීම හා යෝජනා සඳහා විකල්ප හා වෙනස්කම් ඇති කිරීම.
  •   එමෙන්ම අසාමාන්‍යයෙන් ඇතිවන අහිතකර බලපෑම් කළමණාකරණය සීමා කිරීම හා පසු විපරම් කිරීම සඳහා වැඩසටහනක් සාදා ගත හැකි වේ.
  •   එමගින් සමාජීය හිතකාමි සංවර්ධනයක් කරා යා හැකියි.
ඉහත කරුණු අනුව පෙනී යන්නේ සංවර්ධන වැඩසටහන් වලදී  පරිසර බලපෑම් අධ්‍යනය මෙන්ම සමාජීය බලපෑම් අධ්‍යනය ඉතා වැදගත් වන බවයි.

                                                                                                                        එස්.එම්.ටී.කේ.සමරකෝන්
                                                                                                                   විද්‍යා හා  තාක්ෂණ නිළධාරි
                                                                                                                     ගඟවට කෝරළය

0 comments:

Post a Comment