February 18, 2015

කෝමාරිකා අයිස් කියුබ් සාදමු

ම් අයකු සුළු පිලිස්සුම් අවස්ථාවකට පත්වූවිට ඒ සදහා ඉක්මන් සහනයක් සොයනු නොඅනුමානය. සුළු පිලිස්සුම් වලින්පවා වේදනාවක් හා පිලිස්සුම් ස්ථානයේ රතු පැහැගැන්වීමක් අතුවිය හැක. සමහරවිට  එම ස්ථානයේ දියබුබුලූ දැමීමක් හෝ ඉදිමීමක් පවා සිදුවිය හැක. මෙම වේදානවට ibuprofen නම් ඖෂධය  භාවිතා කළහැකි වුවත් ඒ සදහා දිගු කාලයක් ගතවේ. මේ සදහා ක්ෂණික සහනයක් ලබා ගැනීමට කෝමාරිකා ජෙලිය භාවිතා කිරීමට අප පුරුදුව සිටිමු.

මෙම අපුර්වතම ශාකයේ පවතින ඖෂධීය ගුණය හා හැකියාවන් හේතුවෙන් වේදනාව සමනය කිරීම මෙන්ම පිලිස්සුම් ස්ථානය සිසිලනය කර ඉතා ඉක්මන් සහනයක් ලබාදීම සිදුකරයි. කෝමාරිකා ජෙලිය භාවිතාකර අයිස් කිකුබ් සදාගැනීමෙන් මෙම ගුණාංග තවදුරටත් වර්ධනය කර ඉතා ඉක්මන් සහනයයක් ලබාගැනීමට හැකියාව ලැබේ.
ඔබගේ නිවසේ, සේවාස්ථානයේ හෝ පිලිස්සුම් අනතුරු සිදුවීමට හැකියාවක් සහිත ස්ථානවල ශීතකරණය තුල  කෝමාරිකා කියුබ් තබාගැනීම පිලිස්සුම් අවස්ථාවකදී මහත් උපකාරයක් වනු ඇත.
  
අපි දැන් ඉතා පහසුවෙන් හා සරලව කෝමාරිකා ජෙලිය භාවිතාකර අයිස් කියුබ් සාදන්නේ කෙසේදැයි බලමු.

1.    හොදින් වර්ධනය වූ කෝමාරිකා පදුරකින් එහි මේරු පත්‍ර තෝරාගන්න.

 

2 . පිහියක් ආධාරයෙන්  නිරෝගී කොළ පැහැති මේරු පත්‍ර එහි පත්‍ර පාදයෙන් නොඉරෙන පරිදි  කපාගන්න. පසුව පත්‍රධාර වල ඇති කටුවැනි නේරුම් කපා ඉවත් කරන්න.


 
3 .කපනලද පාත්‍ර වීදුරුවක් හෝ එවැනි භාජානයක් තුල මදක් ආනතව  ඉහලට සිටින ලෙස රදවන්න. පසුව විනාඩි 10-15 පමණ තබන්න. මෙවිට කෝමාරිකා පත්‍රවල ඇති ජේලිය සෙමෙන්  භාජානය තුලට වැස්සෙනු ඇත.

 
4 . තියුණු පිහියක් ආධාරයෙන් කෝමාරිකා පත්‍රවල අග හා රළු පැත්ත දිග් අතට කැපුමක් දමන්න.  දැන් ඔබට කෝමාරිකා පත්‍රයේ ඇති ජෙලිය  භාජානය තුලට සුරාගන්න.


 









5. භාජානය තුලට එකතු කරගත් කෝමාරිකා ජෙලිය අයිස් කියුබ් තැටිය වලට පුරවා ඝණ    වනතුරු ශීතකරණයේ තබන්න.












මේ ආකාරයට සකසාගත් කෝමාරිකා කියුබ් පිලිසස්සුම් අවස්ථාවකදී පිළිස්සීම සිදුවූ ස්ථානයේ කෙලින්ම අතුල්ලන්න. මෙවිට එම ස්ථානයේ හිරිවැටීමක් සිදුවන අතරම කියුබය දීයවීම ද සිදුවේ. මේ ආකාරයට කෝමාරිකා බියුබ් දෙකක් පමණ භාවිතා කිරීමෙන් ඉක්මන් සහනයක් ලබාගත හැක.

 
කෝමාරිකා බියුබ් කෙලින්ම අතින් ඇල්ලීම වෙනුවට පිරිසිදු රෙදි කැබැල්ලකින් ඇල්ලීම මගින් විසබීජ ඇතුල්වීම හා දියවන කියුබ වලින් වැස්සෙන දියරය උරාගන්නා නිසා එමගින් සිදුවන අපහසුතාවද මගහරවා ගැනීමට ඔබට හැකිවනු ඇත.


ඔබ කෝමාරිකා බියුබ් මගින් ප්‍රතිකාරය කළ පසුව පිලිස්සුම් ස්ථානය රෙදි කැබැල්ලකින් පිසදැමීම වෙනුවට ස්වභාවිකව වාතශ්‍රයෙන්  වියලීමට සලස්වන්න.

සැකසුම : U. W. V බණ්ඩාර
                 විද්‍යා හා තාක්ෂණ නිලධාරී
                 ( පස්බාගේකෝරලේ)

Referance source:  www.wikihow.com
http://www.wikihow.com/Use-Aloe-Ice-Cubes-to-Treat-a-Sunburn

0 comments:

Post a Comment