April 16, 2020

අත්සෝදන පිරිසිදුකාරක

අත්සෝදන පිරිසිදුකාරක වෙළඳ පොලේ නැද්ද? මෙන්න විසඳුම‍‍!

කොරෝනා වෛරසය රටපුරා පැතිරීමේ අවදානමකින් රටම වෙලී යද්දී මහජනතාව මේ වෛරසයෙන් ගැලවීමේ මාර්ග කෙරෙහි ලොකු අවධානයකින් පසුවෙනවා. දෑත් පිරිසිදුව තබාගැනීම මේ වෛරසයයෙන් ගැලවීම සඳහා භාවිතා කලයුතු හොඳම සෞඛ්ය පුරුද්ද බව වෛද්ය විශේෂඥයින් පවසනවා.


මේ නිසාම ජනතාව ‍‍වෙළඳ පොලේ පැවති අත් සෝදන මධ්යසාර සහිත දෑත් පිරිසිදු කාරකයන් මිළදී ගැනීමට උත්සුක වුනා. දැන් වෙළඳපොලේ මෙම පිරිසිදු කාරක දක්නට ඇත්තේම නැති තරම්. නමුත් මෙවන් පිරිසිදුකාරකයක් ඉතා පහසුවෙන් ඔබට නිවසේදීම සාදා ගත හැකියි. පහත දැක්වෙන්නේ ලෝක සෞඛ්ය සංවිධානය විසින් 2010 දී නිකුත් කල එවන් පිරිසිදු කාරකයක් සාදා ගැනීමේ පිළිවෙලයි.

මෙහිදී මධ්යසාර වර්ග දෙකක් භාවිතා කරමින් ද්රාවණ දෙකක් සාදා ගන්නා ආකාරය ඔවුන් දක්වා තිබුනා.

අවශ්ය ද්රව්

පළමු ද්රාවණය ( 100 ml සඳහා)

96% සාන්ද්රණයෙන් යුත් එතනෝල් මධ්යසාරය - 83 ml

3% සාන්ද්රනයෙන් යුත් හයිඩුජන් පෙරොක්සයිඩ් - 4 ml

98% සාන්ද්රණයෙන් යුත් ග්ලිසරීන් - 1 ml

දෙවන ද්රාවණය (100 ml සඳහා)

98.8% සාන්ද්රණයෙන් යුත් සර්ජිකල් ස්ප්රීතු - 75 ml

3% සාන්ද්රනයෙන් යුත් හයිඩුජන් පෙරොක්සයිඩ් - 4 ml

98% සාන්ද්රණයෙන් යුත් ග්ලිසරීන් - 1 ml

සාදන ක්රමය

පළමුව 100ml බෝතලයක් හෝ භාජනයක් රැගෙන එයට මධ්යසාර දමන්න. අනතුරුව එයට හයිඩ්රජන් පෙරොක්සයිඩ් සහ ග්ලිසරීන් එකතු කර හොඳින් මිශ්ර කර එයට උණු කර සිසිල් කරගත් ජලය 100 ml මට්ටම දක්වා එකතු කර නැවතත් හොඳින් මිශ්ර කරන්න. මේ ආකාරයට සාදා ගත් මෙම පිරිසිදු කාරක දෙකම කොරෝනා වැනි වෛරස සහ වෙනත් විශබීජ ඉතා පහසුවෙන් විනාශ කල හැකි බව ලෝක සෞඛ්ය සංවිධානය පෙන්වා දෙනවා.

මූලාශ්ර - ලෝක සෞඛ්ය සංවිධානය

0 comments:

Post a Comment