කොවිඩ් 19 යනු
වෛරසයක් නිසා හට ගන්නා රෝග තත්ත්වයක් වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වෛරසය SARS-CoV-2 ලෙස නම්
කරනු ලබනවා. මෙම වෛරසය සිය ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස තනි දාම RNA අණුවක්
දරණ අතර මේ නිසා මෙය RNA වෛරස ඛාණ්ඩයට අයත් වනවා. වෛරසයක් යනු ඉතාම කුඩා අංශුවක් වන අතර මෙය
නිරීක්ෂණය කළ හැකි වන්නේ ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයකින්ම පමණි. මේ හේතුව නිසාම වෛරස
රෝගී තත්ත්වයන් නිෂ්චය කිරීම තරමක් භාරදූර කාර්යයක් වන අතර බොහෝවිට ඒ සඳහා වෛරසයේ
ප්‍රවේණික ද්‍රව්‍ය අණුක ජීව විද්‍යාත්මක ක්‍රම භාවිතා කරනු ලබනවා. මෙම ලිපිය
මඟින් දැනට මෙම කොවිඩ් 19 ආසාදිතයෙක් හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ක්‍රම පිළිබඳ විද්‍යාත්මක සොයා
බැලීමක් සිදු කිරීමට කරනු ලබනවා.
ලොවපුරා
කොරෝනා ආසාදිතයින් හඳුනාගන්නා ප්‍රධාන ආකාර දෙකකි…
⦁ Rapid tests
(antigenic and serological) හෙවත් වේගවත්
පරීක්ෂන මගින්
පරීක්ෂන මගින්
⦁ Molecular
Diagnostic Assays (Real Time RT-PCR) හෙවත්
අණුක රෝග විනිශ්චය පරීක්ෂණ
අණුක රෝග විනිශ්චය පරීක්ෂණ
𝐑𝐚𝐩𝐢𝐝 𝐭𝐞𝐬𝐭𝐬 (𝐚𝐧𝐭𝐢𝐠𝐞𝐧𝐢𝐜 𝐚𝐧𝐝 𝐬𝐞𝐫𝐨𝐥𝐨𝐠𝐢𝐜𝐚𝐥) – වෛරසයට
එරෙහිව සිරුර තුල නිපදවෙන ප්‍රතිදේහ හඳුනා ගැණීමේ පරීක්ෂාවසාමාන්‍යයෙන් ඕනෑම රොග කාරකයෙක් අප සිරුරට
ඇතුළු වූ විට අප සිරුරේ ප්‍රතිෂක්තිකරණ පද්ධතිය හා සම්බන්ධ සුදු
රුධිරාණු මඟින් එම රෝග කාරකයට පමණක් බැඳිමේ හැකියාව ඇති විශේෂිත ප්‍රෝටීනයක්
නිපදවනු ලබයි. මෙම ප්‍රෝටීන හඳුන්වනු ලබන්නේ ප්‍රතිදේහ (Antibody) ලෙසයි.
මෙම ප්‍රතිදේහ රුධීරයට කෙලින්ම මුදා හැරෙන අතර මෙවා හඳුනා ගැනීම මගින් අදාළ රෝග
කාරකය ශරීරගතවී ඇති බව සනාථ කරගත හැක.මෙම පරීක්ෂණයේ සංකල්පය ගර්භණී බව නිර්ණය
කරන HCG හෝමෝන පරීක්ෂණ ක්‍රියාත්මක වන ආකාරය හා සමාන වේ.surescreen ආයතනය
මගින් නිපදවා ඇති RAPID කොවිඩ් 19 පරීක්ෂණ තීරුවක් (ඡායාරූපය – https://www.surescreen.com/ )මෙම පරීක්ෂණ RT-PCR පරීක්ෂණවලට
වඩා විශ්වසනීයබව අඩුය. නමුත් මිල අධික උපකරණ අවශ්‍යතාවයකින් තොරව හෝ ක්ෂේත්‍රයේදීද
සිදු කළ හැකිය. මෙහිදී විශේෂ පරීක්ෂණ තීරු භාවිතා වන අතර එය මතට එකතු කරනු ලබන
රුධිරය බිඳුවක කොවිඩ් 19 රෝග කාරකයට එරෙහිව ප්‍රතිදේහ නිපදවී ඇත්නම් වර්ණ වෙනසක්
ලබා දේ. ඒ අනුව විනාඩි 10ක් වැනි සුළු කාලයක් තුල මේ පරීක්ෂාවේ ප්‍රතිඵල ලබා ගත හැක.මෙම පරීක්ෂණ මිනිත්තු 10-30 කින් සහ
විශාල රසායනාගාර වලින් බැහැරව කළ හැකි නමුත් ඒවා විශ්වාසදායක මිනුම් ලබා දීම සඳහා
විශ්ලේෂණයේ ප්‍රතිදේහ සාන්ද්‍රණය ඉහල අගයක් ගත යුතුය. මෙයින් අදහස් කරන්නේ මෙම
වර්ගයේ පරීක්ෂණ බොහොමයක් ක්‍රියාත්මක විය හැක්කේ රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් තුළ
පමණක් බවයි.මේ හේතුව නිසාම RT-PCR පරීක්ෂණවලට වඩා විශ්වසනීයබව අඩු බැවින්, දන්නා
පරිදි මෙය ලංකාවේ බොහොමයක් රටවල තවමත් භාවිතා නොවේ.
උපුටා ගැනීම -අන්තර්ජාලය
4 comments:
Wow! this is Amazing! Do you know your hidden name meaning ? Scratch here to find your hidden name meaning ████████████████████████████████████████████████████████████████████████████████████████████████

Post a Comment