May 3, 2019

"BIOSOLAR LEAF" තාක්ෂණය පරිසර දුෂණය වැළැක්වීමට හේතු වේද?


"BioSolar Leaf" තාක්ෂණය පරීක්ෂා කිරීම සඳහා ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි නියමු ව්‍යාපෘතියක් ලෙස Arborea- Bionic leaves (බයෝනික පත්‍ර) ක්‍රමය බ්‍රිතාන්‍ය ආරම්භ කර ඇත. මෙය වාතය පිරිසිදු කිරීම සඳහා වූ පර්යේෂණාත්මක තාක්ෂණයක් ලෙස ලන්ඩන්හි ක්‍රියාත්මක වේ.

පරිසර දූෂණය වළක්වන "ලොව නවතම" ක්‍රියාමාර්ගය ලෙස එය ප්‍රකාශයට පත් කර තිබේ. විද්‍යාඥයින් විශ්වාස කරන්නේ ඔවුන්ගේ පුරෝගාමී "biosolar leaf" තාක්ෂණයෙන් ගස් 100 කින් කළ හැකි පරිසර පිරිසිදු කිරීම එක ගසක ඉඩ ප්‍රමාණයක් පමණක් භාවිතා කිරීමෙන් සිදු කළ හැකි බවයි. භුමි ප්‍රමාණය සිමාවන හා වටිනා මෙන්ම දැනටමත් වැඩි පරිසර දුෂණයක් සහිත විශාල නගරවලට හා නාගරීකරණයට මෙම නව තාක්ෂණය වඩා වැදගත් වේ.

ක්ෂුද්‍ර ශාකවල ප්‍රභාසංස්ලේෂණය මගින් වාතය පවිත්‍ර කරන අතර, ඔක්සිජන් නිපදවමින් පරිසරයෙන් හරිතාගාර වායු ඉවත් කිරීම මෙම තාක්ෂණය මගින් සිදුවේ. ලොව තික්‍රියාත්මක මෙම වර්ගයේ පළමු තාක්ෂණය ලෙසද එය සැළකේ. මෙම පද්ධතිය මගින් ක්ෂුද්‍ර පැළෑටිවලින් වායු දූෂණය ඉවත් කිරීම සමග එකවර ආහාර සංඝටක සෑදීමද සිදු වේ. එනම් මෙම තාක්ෂණය කාබන් විමෝචනය සමඟ සටන් කිරීමට පමණක් නොව, සාගින්න නිවීම සදහාද උපකාර වේ.

Arborea විසින් නවෝත්පාදන වගා පද්ධතියක් නිර්මාණය කර ඇත. ක්ෂුද්‍ර ඇළ්ගී, diatoms (ද්විපරමාණු: ඩයටම), සහ phytoplankton (ශාක ප්ලවාංග) යන කුඩා ක්ෂුද්‍ර ජීවින් වර්ධනය කිරීමට විශාල සූර්ය (කෝෂ) පුවරු වැනි ව්‍යුහයන් භාවිතා කිරීමට මෙම වගා පද්ධතිය සමත් වේ. එමගින් වායුගෝලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා ඉඩම්, ගොඩනැගිලි සහ අනෙකුත් සංවර්ධන කටයුතු වල "BioSolar Leaf" තාක්ෂණය ස්ථාපිත කළ හැකිය.

ප්‍රභාසංස්ලේෂණය සමඟ මෙම ශාක ඔක්සිජන් නිපදවීමෙන් වායුවේ ඇති කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරයි. අක්කර 100 ක ගස් සහිත වනාන්තරයක පිරිසිදු කිරීම, Arborea පද්ධතියක අක්කර එකක ප්‍රමාණයකින් සිදු කරයි.

වාතය පිරිසිදු කිරීම BioSolar Leaf තාක්ෂණයෙන් එක් ක්‍රියාවකි. නමුත් ක්ෂුද්‍ර ශාක මගින් කාබනික ප්‍රෝටීන නිෂ්පාදනයද සිදු කරයි. කාබනික ප්‍රෝටීන, Arborea නිස්සාරණයට සහ ශාක පදනම් වූ ආහාර නිෂ්පාදනය සදහා  යොදා ගැනේ.

  

"මෙම නියමු ව්‍යාපෘතිය කල්පවත්නා සෞඛ්‍ය සම්පන්න ආහාර ආකලන නිෂ්පාදනය කරන අතර අවට පරිසරයෙහි ඔක්සිජන් නිපදවීමෙන් සහ කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීමෙන් පරිසරය පිරිසිදු කරයි” යයි ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් Arborea (අබෝරියා) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි Julian Melchiorri (ජූලියන් මෙල්කෝරි) මහතා පැවසීය.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ : හර්ෂ ලංකේශ්වර
https://youtu.be/BDVDa5Xuffs?t=2


0 comments:

Post a Comment