Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

December 31, 2014

ඇස් පෙනීම හොදින් පවත්වා ගැනීමට නම්

ඇස  ශරීරයේ වැදගත්ම ඉන්ද්‍රියක් වන අතර ඇසේ පෙනීම හොදින් පවත්වා ගැනීමට සියළු ජීවීන්ගේ  අවශ්‍යතාවයකි. පෙනීම  දිවා  කල පෙනීම හා රාත්‍රී කල පෙනීම ලෙස  කොටස් දෙකකි. නොපිසූ ආහාර ගැනීම මගින්  ස්වභාවිකවම ඇසේ පෙනීම වර්ධනය වේ.  වීශේෂයෙන්ම  එළවළු හා පළතුරු පෝෂණය අතින් ඉතා ඉහල වේ. ආහාර පිසීමේදී මෙම පෝෂ්‍ය කොටස් බිද හෙලී යන අතර ආහාර අමුවෙන් ගැනීමේදී  මෙම  පෝෂ්‍ය කොටස් ඉතිරිව පවතී.  
මෙම නොපිසූ ආහාර  ශරීරයට ඉතා හිතකර වුවද දෘෂ්ධිය සදහා විශේෂවන ආහාර වර්ග වෙන් වෙන්ව තෝරාගත  යුතුයි.
 දිවා කාලයේ පෙනීම සදහා වැදගත් වනුයේ  කැරොටීන් අඩංගු ආහාර වේ. කහ හෝ  තැඹිලි වර්ණ සහිත  එළවළු පළතුරු මේ සදහා වැදගත්ය.   කැරටි වල අඩංගු බීටා  කැරොටීන්  , විටමින් ඒ  අඩංගු ආහාර දිවා  කල පෙනීම සදහා විෂේශිත වේ. දිවා කාලයේ ඇස් පෙනීම  හොදින් පවත්වා ගැනීමට හිරු එළියෙන් වන හානිය වලක්වා ගත යුතුයි. හිරු එළියෙන් වන හානිය සම්පූර්ණ පෙනීම සදහාම බලපායි.  නිවිති , බොකුටු ගෝවා හා වෙනත් කොළ පැහැති පළා වර්ග ස්වභාවිකව ඇසේ පෙනීම වර්ධනය කරන අතර ආලෝකයෙන් වන  හානි වලින් ඇස ආරක්ෂා කරයි.
රාත්‍රී කාලයේ ඇසේ පෙනීම වර්ධනය කිරීම සදහා ඇන්තොසයනීන් වර්ණක අඩංගු ආහාර ගත යුතුයි. ඇන්තොසයනීන් වර්ණකය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන අතර ඇසේ පෙනීම වර්ධනය කර රාත්‍රී කාලයේ හොද පෙනීමක් ලබා දීමට හේතු වේ.  මිදි , නිවිති  වැනිඇන්තොසයනීන් වර්ණක බහුල ආහාර වේ.
ඇසේ  නිරෝගීව පවත්වා ගැනීම සදහා  මීට අමතරව ඇසේ සුද ඇති වීම වලක්වා  කාචය ආරක්ෂා කර ගත යුතුය.  නොපිසූ  රතු ලූණු  සුදු ලූණු  සෝයා ආහාරයට ගැනීම ඇසේ සුද ගොඩ නැගීම වලක්වා පෙනීම වර්ධනය කරයි. මේවා ස්වභාවික විෂ නාශක බැවින් ඇස වටා විවිධ ඉදිමුම්, ප්‍රදාහයන් ඇති වීම වලක්වයි.
තවද විවිධ  අහිතකර කෑම වර්ග (Eg Junk food) ආහාරයට ගැනීමෙන්   වැලකීමද ඇස නිරෝගීව පවත්වා ගැනීමට වැදගත් වේ.
 ඇස විජලනයට පත් වීමේන් වලක්වා  ජලය වැඩිපුර පානය කිරීමද ඇසේ නිරෝගීතාවයට වැදගත් වේ. එසේම ඔමෙගා 3 මේද අම්ල  බහුල ආහාර ගැනීමද ඇසේ පෙනීම වර්ධනය කරයි.
මාංසමය නොවන ප්‍රෝටීන වර්ග  වැඩිපුර ගැනීම ද පෙනීම වැඩිකිරීමට වැදගත් වේ. 

අතහැර දැමූ ජපන් කර්මාන්තශාලා උසස් තාක්ෂණික ගොවිපල බවට හැරවීම


සීඝ්‍රයෙන් සංවර්ධනය වූ චීන සහ කොරියානු විද්‍යුත් උපකරණ  නිපදවීමේ  සමාගම් සමග තරග කිරීමේ දී විද්‍යුත් උපකරණ  නිපදවීමේ  ජපන් කර්මාන්ශාලා වැසීයාම සිදුවිය. නමුදු එම කර්මාන්තශාලා  වල ගොඩනැගිලි ඵලදායි ලෙස   යොදාගැනීමට ඔවුන් සමත්විය. ඔවුන් එම  කර්මාන්තශාලා කෘෂිකාර්මික අවශ්‍යතා සපුරන  ගොවිපල  බවට හැරවිය. වසර හතකට පෙර පූජිටිස්හු (Fugitsu) ඔවුන්ගේ ෆුකුෂිමාවල (Fukushima) පිහිටි  චිස් නිෂ්පාදන කර්මාන්තශාලා තුනක් වැසි ගිය අතර එම කර්මාන්තශාලා වල වායුසමනය කල ජිවානුහරිත කාමර (Sterile room ) දිනකට සලාද  3.500 Kg වඩා නිෂ්පාදනය කරන ගොවිපල බවට පත්කරවීය.
මෙම සලාද( Lettuce) රහිත වගා මාධ්‍යයක වගාකරණු ලබන අතර ඒවා පොහොර සහ අනෙකුත පෝෂක මාධ්‍ය හරහා බිංදු ලෙස ටික ටික ලබාදෙනු ලැබේ. හැම දෙයක්ම  නිෂ්චිතව මනිනු ලබන අතර විශේෂයෙන් ම කාර්යය මණ්ඩලයේ විශේෂ වගකීම වනුයේ පොටෑසියම් පහල මට්ටමක තබා ගැනීමටත් සලාද ගස් ( Lettuce) අසල බැක්ටීරියා කිසිවක් නොරැදෙන පරිදි වගාකිරීම වන අතර එම සලාද ශිතකරණයක් තුල මාස 02 කාලයක් තබාගත හැකිය.
ටෝකියේ කිට්ටුව පිහිටා ඇති එලෙසම පරිගණක මැටි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක එළවලු වගා කිරිම ආරම්භ කිරීමට මෙම සමාගම සැලසුම් කරණු ලබන  අතර එම වගාවන් ලෝකය පුරා දේශගුණික වෙනස්වීම් වලට ලක්වන  ප්‍රදේශවලට සහ ජල හිගයන් සහිත   ප්‍රදේශ වලට වගාකල හැකි  පරිදි  තාක්ෂණය සකස්කර ඇත. මෙම උසස්  තාක්ෂණය භාවිතා කර වර්ෂය පුරා අස්වනු නෙලා ගැනීමට හැකිවන එළවලු වගාවන් ව්‍යාප්ත කිරිමට මෙම සමාගම බලාපොරොත්තු වේ.
මෙම ක්‍රමය අනුගමනය කරමින් පැනසොනික් විධ්‍යුත් උපකරණ කර්මාන්ත ශාලාව (Panasonic Electronics companies)  ඔවුන්ගේම වෙළද නාමයක් යටතේ වගාකරන ලද නිවිති ද,  ඩුබායිහි (Indoor site)  අභ්‍යන්තර වගා බිමිවල, සපයන ලද ආලෝක  සහ වාතය පිරිසුදුකිරීමේ   තාක්ෂණයන් යටතේ මෙම ගොඩනැගිළි තුල ස්ට්‍රොබෙරි වගාකිරීමට Sharp සමාගම ද  කටයුතු කරමින් සිටී.
 එලෙසම පැනසොනික් සමාගම( නිවැරදි සම්මිශ්‍රණයක් යටතේ  ) මෙම උසස් තාකෂණය සහ පාරම්පරික වගා තාක්ෂනයන් නිවැරදිව සමිමිශ්‍රණයකර  භෝග හරිතාගාරතුල වගාකිරිමට උත්සහ කරමින් සිටින අතර එහිදි ගොවීන්ට මෙම හරිතාගාර තුල  සුපුරුදු පරිදි පස් සහ බීජ යොදා වගා කළ හැකිවනු ඇත. එහිදී පැලෑටි වර්ධනය වන විට හරිතාගාරතුල උෂ්නත්වය සහ තෙතමන මට්ටම් මැනීම සදහා සංවේදක භාවිතා වන අතර හරිතාගාර තුල අධික ලෙස  රත්වී ඇතිනම් හෝ උෂනත්වයවැඩි වී ඇත්නම්  (Panasonics)  ක්‍රමය ස්වයංක්‍රීයව තිරරෙදි වඩා හිරැ එළිය අවහිර කරනු ලබන අතරම කවුලු හැර සිසිල්වීමට ඉඩ කරිනු ලැබේ. එලෙසම හරිතාගාරතුල ශීතල වැඩි වු විට මෙයට ප්‍රතිවිරුද්ධව  ක්‍රියා කරණු  ලැබේ. රජය මේ සදහා ගොවින් දිරිමත් කරනු ලබන අතර විශේෂයෙන්ම දැනට මෙම ක්ෂේත්‍රයේ ආධිපත්‍යදරා සිටින කර්මාන්ත කිහිපයක අයිතිය ඇති ගොවි පවුල්වලට එමගින් වැඩි මිල සහිත බෝග නිසා මෙය පාලනය කිරිමට හැකියාව ලැ‍බෙනු ඇත.
 Source – www.sciencealerts.com
Nayana wijeratne STO- Yatinuwara

ජලය පානය කිරීමේ අවශ්‍යතාවය

පුද්ගලයෙකුගේ ශරීර බරින් 55-70% දක්වා වූ ප්‍රමාණයක් ජලය වේ. මේදමය පටකවල 20% ක් පමණද මාංශ පේෂීවල 75% ක් පමණද රුධිරයේ 90% ක් පමණද ජලය අඩංගු වේ. මේ නිසා ජලය යනු සිරුරේ සෑම කොටසකටම අවශ්‍ය වන වැදගත් පෝෂකයකි.
  සෑම ඉන්ද්‍රියකම ක්‍රියාකාරීත්වය සදහා ජලය අවශ්‍ය වේ. ඉන්ද්‍රිය චලනයේදී ලිහිසි ද්‍රව්‍යයක් ලෙසද ජලය ක්‍රියාත්මක වේ. ශරීරයේ උෂ්ණත්වය ප්‍රශස්ථ මට්ටමකින් පැවැත්වීම සදහා ද ජලය අත්‍යාවශ්‍ය වේ. සෛලයක සිට තවත් සෛලයක් දක්වා පෝෂක ගෙන යනු ලබන වාහකයද ජලය වේ.

ශරීරයේ සිදුවන විවිධ වෙනස් වීම් තුලනය කිරීම, ආහාර ජීර්ණය, ආහාර වලින් පෝෂක අවශෝෂණය කිරීම, රුධිර සංසරණය, පටක වල ඇති අපද්‍රව්‍ය බැහැර කිරීම සහ බහිශ්‍රාවය යන ක්‍රියාවලට ජලය අවශ්‍ය වේ.
විවිධ රසායනික ද්‍රව්‍ය, හෝමෝන, විටමින් B,C ආදිය එහා මෙහා ගෙනයෑම සදහා ද්‍රව්‍යයක් වන්නේද ජලයයි. වකුගඩුවල හා මූත්‍රාශයේ ගල් හට ගැනීම ජලය මැනවින් පානය කිරීමෙන් සෑහෙන දුරට මග හරවා ගත හැක.


අපගේ දෛනික ජල අවශ්‍යතාවය ?

වැඩුණු පුද්ගලයෙකුට දිනකට ජලය ලීටර් 5.5 ක් පමණ පානය කිරීම නිරෝගී දිවි පැවැත්මකට උපකාරී වේ. ජලය මිනිස් සිරුර සදහා අතිවිශිෂ්ඨ පොෂකයක් වේ.  

සැකසුම : විද්‍යා හා තාක්ෂණ නිලධාරී - මාතලේ
උපුටා ගැනීම :

http://thisworksb odywrap.com/how-much-w ater-to-drink-with-it-works-body-wraps/

මයික්‍රොචිප්ස්

අද ලෝකයේ දිනෙන් දින දියුණු වෙමින් පවතින තාක්ෂණයේ Super computers (සුපිරි පරිගණක) , ජංගම දුරකතන වල සිට මයික්‍රොවේව් උදුන් මෙන්ම විවිධ ඉලෙක්ට්‍රොනික විද්‍යුත් උපාංග දක්වා භාවිතා කරන සමෝධානික පරිපථ (Integrated Circuits- IC) නිෂ්පාදන වල ආරම්භක මූලද්‍රව්‍ය වන්නේ වැලි වල හමුවන සිලිකන්ය. 1947 බෙල් ලැබ්ස් ආයතනය විසින් ට්‍රාන්සිස්ටරය සොයා ගැනීමෙන් අනතුරුව විද්‍යාව හා ඉංජිනේරු ක්ෂේත්‍රවල විශාල පෙරලියක් ඇතිවිය. ඉතා කුඩා ප්‍රමාණයේ ඉලෙක්ට්‍රොනික විද්‍යුත් උපාංග නිෂ්පාදනය වීමට පටන් ගැනින.

සිලිකන් යනු ස්වභාවිකව හමුවන අර්ධ සන්නායකයකි. එක්තරා තත්ත්ව යටතේ විදුලිය සන්නයනය කරයි. තවද පරිවාරකයක් (Insulator) ලෙසද භාවිතා වේ. සිලිකන් වල ඇති මෙම ගුණාංග Impurities (වෙනත් මූල ද්‍රව්‍ය) එකතු කර ගැනීමෙන් වෙනස් කර ගත හැක. මෙය Doping ලෙස හැඳින්වේ. මෙවිට විද්‍යුතය වර්ධනය කරන උපාංගයක් වන ට්‍රාන්සිස්ටර් නිෂ්පාදනය සඳහා කදිම අමුද්‍රව්‍යයක් සෑදේ. ට්‍රාන්සිස්ටර්ය බූලියානු මෙහෙයුම් සංකේත වන "and," "or" ,"not" වැනි සංයෝජන ඉදිරිපත් කිරීමේ දී on/off ස්විචයක් ලෙසද භාවිතා කෙරේ.

අද වන විට විවිධ වර්ගයේ මයික්‍රොචිප්ස් දැක ගත හැක. Microprocessors වාණිජ පරිගණක (commercial Computers) වල ගණනය කිරීම් සඳහා වන තාර්කික චිපයක් ලෙසද, Memory චිප්ස් තොරතුරු ගබඩා කිරීම සඳහා ද භාවිතා කරයි. සංඛ්‍යාංක සංඥා සකසනය( Digital Signal Processors ) ප්‍රතිසම සංඥා (Analog Signal) සහ සංඛ්‍යාංක සංඥා ( Digital Signal) පරිවර්ථකයක් ලෙස ක්‍රියා කරයි.
චිප්ස් සාදනු ලබන්නේ fabs යනුවෙන් හඳුන්වන ලබන පිරිසැකසුම් ස්ථානයකය. මෙහිදී වැලි උණු කර 99.9999% ක්  ම පිරිසිදු සිලිකන් ලබා ගනී. ඉන්පසු සිලිකන් ඉන්ගොට්ස් (Ingots) සාදයි. එනම් සිලිකන් දඬු සාදයි. මෙම සිලිකන් ඉන්ගොට්ස් විවිධ ප්‍රමාණයේ ඉතා කුඩා තීරු වලට ඉරා සිලිකන් වේෆර්ස් (Wafers) සාදා ගනී. මෙය සිදු කරනු ලබන්නේ ඉතාමත් පිරිසිදු ස්ථානයකය. මෙම වේෆර්ස් හොඳින් පිරිසිදු කර ඔපදමා ඉන්පසු විවිධ චිප්ස් නිෂ්පාදනයට යොදා ගනී.

මෙම වේෆර්ස් මත විදුලි පරිවාරකයක් (විදුලිය ගමන් නොකරන) වන සිලිකන් ඩයොක්සයිඩ් ආලේප කර  එය මත ආලෝක සංවේදී රසායන ද්‍රව්‍යයක් (photoresist) ආලේප කරයි.ඉන්පසු මෙම ආලෝක සංවේදී ද්‍රව්‍ය මතට පාර ජම්බුල කිරණ ලැබීමට සලස්වයි. පාර ජම්බුල කිරණ ලැබීමට සලස්වන්නේ Mask එකක් හරහාය. එනම් පරිපථ සැකැස්මක් ඇති patterned plate එකක් හරහාය. පාර ජම්බුල කිරණ ගැටුණු ස්ථාන ඝන බවට පත් වේ. ඉන්පසු උණුසුම් වායු ධාරාවක් ලබා දේ.පාර ජම්බුල කිරණ නොගැටුණු ස්ථාන වල කොටස් ඉවත් වේ. දැන් ඉතිරිවන්නේ ඝන වූ කොටස් පමණී. එනම් පරිපථය පමණී.

තව දුරටත් මෙම පරිපථයට මාත්‍රා (Doping) කිරීමෙන් හා විදුලිය ගමන් කරන තැන් සහ ගමන් නොකරන තැන් රටාවන් අනුව සකස් කිරීමෙන් සහ සමහර ස්ථාන (embodied ) ඔසවා සමහර ස්ථාන සීරීම් කර පරිපථය සකසනු ලැබේ. මේ සඳහා වාර සිය ගණනක් පමණ Mask කිරීම සිදු කරයි. ඉන්පසු විදුලිය ගමන් කිරීමට හැකිවන පරිදි පරිපථය සකසා ගැනීමට ඉතා තුනී ඇලුමිනියම් තට්ටුවක් ආලේප කරනු ලැබේ. ඉන්පසු අනවශ්‍ය ඇලුමිනියම් ආලේප ඉවත් කර අවශ්‍ය පරිපථය සකසා ගනු ලැබේ.සමහර අවස්ථාවල වීදුරු පරිවාරකද භාවිතා කරයි. අවසානයේ මෙම වේෆරයේ තත්ව පරීක්ෂාකර බලා අවශ්‍ය චිප්ස් යන්ත්‍රයකින් කපා ගනී. හොඳ තත්වයේ පවතින චිප්ස් භාවිතයට ගෙන හොඳ තත්වයේ නොමැති චිප්ස් ඉවත් කරනු ලැබේ.

උපුටා ගැනීම්
http://www.computerworld.com/article/2576786/computer-hardware/making-microchips.html
http://www.engineersgarage.com/invention-stories/microchip-history