August 6, 2019

සාගර පතුලේ සැබවින්ම ජීවත් වන්නෝ?

සාගර පතුලේ ඇති දේ ගැන දැනගැනීමට සෑම දෙනාම ආශාවක් දක්වන අතර ඉතිහාසය පුරාම බොහෝ දෙනෙක් එය අධ්‍යනය කිරීමේදී විවිධ ත්‍රාසජනක අත්දැකීම්වලට මුහුණ දී තිබේ.  කෙසේ වෙතත්, සාගර පතුලේ ඇති අබිරහස් අනාවරණය කර ගැනීමට ඔවුන් දැරූ උත්සාහයන් මගින් සැබවින්ම ගැඹුරෙහි සැඟවුනු ලෝකයේ ඉතා සුළු ප්‍රමාණයක් පමණක් අනාවරණය කර ගැනීමට මිනිසා  සමත් වී ඇත. සාගරය වපසරිය පෘථිවි පෘෂ්ටයෙන් සියයට 70 ක් පමණ වන අතර, එයින් සියයට 80 කට ආසන්න ප්‍රමාණයක් නිශ්චිතව හා ගවේෂණයකින් තොරව ඉතිරිව ඇත. මුහුදු පතුලේ සැබවින්ම වාසය කරන්නේ කවුද? කුමක්ද? කෙසේද? කොහොමද?යැයි නිගමනය කිරීමට මානව වර්ගයා මහත් පරිශ්‍රමයක් දැරිය යුතු වීම පුදුමයක් නොවේ.

මෙම අතිවිශාල ජල ශරීරය පිළිබඳ ගවේෂණය හා ලේඛනගත කිරීමේ කාර්යය  අපහසුව තිබියදීත්, 20 වන සියවස, වර්තමාන සමාජය තුළ මුහුදු ගවේෂණය පිලිබඳ අඛණ්ඩව කුතුහලය දනවන රැල්ලක් ඇති කළේය - සාගර පතුල වෙත සැතපුම් ගණනක් ගමන් කරමින් ගවේෂණය කිරීම සහ පැහැදිලි කිරීම අරමුණු කරගනිමින්, අපට සොයා ගැනීමට අපේක්ෂා කළ හැකි දේ පිළිබඳව කටයුතු කිරීමට වර්තමාන සමාජයේ යොමුවක් ඇත. නැව් සුන්බුන් සිට පිටසක්වල ජීවීන් දක්වා, දිලිසෙන මාළු සිට ක්ෂුද්‍ර ජීවීන් දක්වා, සාගර පතුලේ සෑම කොටසක්ම පාහේ මෙම ජිග්සෝ ප්‍රහේලිකාවේ එකට එකතු වේ.

සමුද්‍ර ජීව විද්‍යාඥයින්ට පැසිෆික් සාගරයද මෙලෙස එහි මතුපිටට යටින් ඇති දේ දැනගැනීමට බාධා කරන හා අවහිර කරන ස්ථානයකි. පෘථිවියේ ගැඹුරුම ස්ථානය වන මරියානා අගල පමණක් එහි පුළුල් ගැඹුර නිසා තවමත් ගවේෂණය කරමින් පවතී. ගවේෂණය සමඟ සොයාගැනීම් පැමිණෙන අතර සාමාන්‍යයෙන් ඒවා කිමිදීමට පෙර අප කිසිවක් නොදැන සිටි අමුතු ජීවීන්ගේ ස්වරූපයෙන් ඇත. මේවායින් සමහරක් හුරුබුහුටි හා උපකල්පනය කිරීමට නොහැකි වන අතර අනෙක් ඒවා ත්‍රාසජනක චිත්‍රපටයක නිර්මාණ මෙන් වේ.
සමහර සතුන් ගැන මීට පෙර ඔබ දැක ඇති හෝ අසා ඇති බව ඔබට පෙනී යනු ඇත . ඔවුන් ඔබේ සෑම බියකරු සිහිනයකම හොල්මන් කරනවා විය හැකිය. සෑම එකක්ම අද්විතීය හා වෙනස් වන අතර ඒවා පැසිෆික් පරිසරයට යමක් ලබා දෙයි. මෙම මුහුදු ජීවීන්ගෙන් සමහරක් සියවස් ගණනාවක් පුරා ව්‍යාප්ත වී ඇති අතර සෑම නව වෙනසක්ම ජය ගැනීමට අනුවර්තනය වී ඇති අතර අනෙක් ඒවා මෑතකදී සොයාගෙන ඇත. නව සොයා ගැනීම් තවමත් පැසිෆික් විද්‍යාඥයන් විසින් අධ්‍යයනය කරමින් පවතී.

ඔවුන් අතර JAPANESE SPIDER CRAB, VAMPIRE SQUID, ROBUST CLUBHOOK SQUID, GOBLIN SHARK, SEA TOAD, FRILLED SHARK, GRENADIERS, CHIMERA, FRINGEHEAD, PACIFIC VIPERFISH, SLENDER SNIPE EEL වැනි බොහෝ සතුන්ගෙන් කිහිපදෙනකු හඳුනා ගනිමු. ඔවුන්ගේ නම් මෙහි දක්වා ඇත්තේ වෙන්කර හඳුන්වාදීමට හුදෙක් වචනාර්ථයෙන් පමණි.

JAPANESE SPIDER CRAB (ජපානයේ මකුළු කකුළුවා)

ඔබ එහි නමින් අනුමාන නොකළේ නම්, මෙම යෝධ කකුළුවා ජපානයේ වෙරළට ඔබ්බෙන් වූ සීතල වතුර තම නිවස ලෙස තෝරා ගෙන තිබේ. ඔවුන් හුදෙකලා විශේෂයක් වන අතර, ආහාර සඳහා මුහුදු පතුලේ විසිරී යමින් තනිවම දඩයම් කරයි. තරමක් මෘදු යෝධයන් වන ඔවුන් දක්ෂ දඩයම්කරුවන් නොවන බැවින් මසුන් ඇල්ලීමේදී  තමන්ගේ අත් පාද සමහර අවස්ථාවන්හිදී අහිමි කර ගනියි. මෑත වසරවල ඔවුන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුවී ඇති බැවින් ආරක්ෂිත විශේෂයක් ලෙස ගැනේ.


VAMPIRE SQUID (රීරි පිසාච දැල්ලා)

පැසිෆික් සාගරයේ විලෝපිකයන් සිටින බවට ප්‍රසිද්ධ නමුත්  වැම්පයර් දැල්ලන් භියජනක බොහෝ දේ නොකරයි. සිත්ගන්නා කරුණ නම්"කේප්" දිගුව මෙන්ම වූ ගැඹුරු රතු පැහැය නිසා එම නම ලැබී තිබුනද  නමට පටහැනිව, උන් කිසිසේත් දැල්ලන් නොව්විමයි. මෙම සත්වයාට ඌටම ආවේණික වූ අනන්‍යතාවයක් ඇති අතර ඌ කිසිසේත් දඩයම් නොකරන අතර අවට ජලයේ ඇති බාධක වලින් සීරීම් වලටද ගොදුරු වේ. ඌට අභියෝගයක් විය හැකි වෙනත් විලෝපිකයන් ව්‍යාකූල කිරීම සඳහා ජෛව විච්ඡේදක ද්‍රව්‍යයක් ශරීරයෙන් නිකුත් කරයි.


ROBUST CLUBHOOK SQUID (දැඩි ගදා කොකු දැල්ලා)

මෙම දැල්ලන් විශේෂය විශේෂත්වයක් වන්නේ උන් කැලිෆෝනියාවේ සිට ජපානය දක්වා ඕනෑම තැනක ගැවෙසෙන නිසාත් නිවර්තන හෝ ශීතල ජලයේ ජීවත් විය හැකි නිසාත් ය. උන්ගේ දිග අඩි හතක් පමණ දක්වා වර්ධනය විය හැකි අතර උන්ගේ කණ්ඩායමේ සංඛ්‍යාව 50 සිට 60 දක්වා පමණ වේ. ඌ පැසිෆික් සාගරයේ හමු වූ විශාලතම දැල්ලන් විශේෂයක් වන අතර 2004 දී ප්‍රථම වරට ඡායාරූප ගත ක ඇත.

SEA TOAD (මුහුදු මැඩියා)

මෙම මුහුදු මැඩියා ගැඹුරු පැසිෆික් මුහුදු ප්‍රදේශයට ආවේණික වන අතර ඇත්ත වශයෙන්ම ඇන්ග්ලර්ෆිෂ් (anglerfish) පවුලේ අයෙකි. දළ වශයෙන් අඩි 8,000 ක් පමණ ගැඹුරකින් සොයාගත හැකි පතුලේ වාසය කරන උගේ සිරුර ආවරණය වන පරිදි පෙනෙන කොරපොතු සැබවින්ම කොඳු ඇට පෙළකි. ඔවුන් දිගින් අඩියක් පමණ දක්වා වර්ධනය වන අතර සමීපව බැලුවහොත් - ඔවුන්ගේ ඉදිරිපිට පිහිටි එල්ලෙන ආකර්ෂණිය පෘෂ්ඨීය වරල් ජෛව විච්ඡේදක උගුලක් ලෙස දීප්තියක් විහිදුවණු දැක ගත හැකිය. දිය යට අමුතු ගෙම්බෙකුගේ පෙනුම ලබා දෙන උගේ "කකුල්" ඇත්ත වශයෙන්ම වරල් වේ.
අන්තර්ජාලය ඇසුරෙන් හර්ෂ ලංකේශ්වර

0 comments:

Post a Comment