August 1, 2019

දිගු කළ විටද ක්‍රියා කරන නම්‍යශීලී බැටරි

ලිතියම්-අයන බැටරියක් එහි ස්වභාවික ප්‍රමාණයෙන් සියයට 300 කට වඩා විශාල වනසේ ඇඳි / විහිදවු විට පවා එහි විද්‍යුත් සන්නායකතාව පවත්වා ගැනීමට හැකි සන්නායක සංඝටකයක් නිපදවීමට මිචිගන් විශ්ව විද්‍යාලයේ Nicholas Kotov  (නිකලස් කොටොව්) සහ ඔහුගේ සගයන් සමත් වී තිබේ. එනිසා අනාගතයේදී දිගු කළ හැකි බැටරි මගින් බල ගැන්විය හැකිවීමෙන් මිනිසුන් පළදින උපාංග (wearable devices) ඉක්මනින් වඩාත් නම්‍යශීලී වනු ඇතැයි වාර්තා වේ.

Polyurethane (පොලියුරේතන්/ යුරේතීන් බහු අවයවකය) සහ රත්තරන් නැනෝ අංශුවල බහු ස්ථර වලින් මෙම සන්නායකය සාදා ඇත.පොලියුරේතන් යනු ෆෝම් ස්පොන්ජ් (ඉස්පන්ජි/ foam sponges) සහ ගෙවතු හෝස් (සුනම්‍ය නළ/garden hoses) වැනි පොදු භාණ්ඩ හා උපකරණ සෑදීමට භාවිතා කරන බහු අවයවයකි.
සෘණ ආරෝපිත නැනෝ අංශුවල ස්ථර සහ ධන ආරෝපිත ස්ථර විකල්ප රිද්මයෙන් මෙම මෘදු පොලිමර් වල සකස් කර තිබේ. සන්නායකය දිගු වන විට, රන් නැනෝ අංශු පෙළගැස්වූ මාර්ග වලට ස්වයං-සංවිධානය වන අතර එමඟින් විදුලිය අඛණ්ඩව සන්නයනය කිරීමට ඉඩ සැලසේ.

නම්‍යශීලී බැටරි සැලසුම් කිරීමේ ප්‍රධාන අභියෝගයක් වන්නේ දිගු කිරීම සහ විද්‍යුත් සන්නායකතාවය අතර සමබරතාවයක් සොයා ගැනීමයි. මේ සඳහා අප කණ්ඩායම ලිතියම් විද්‍යුත් විච්ඡේදයක (lithium electrolyte) සහිත බැටරියක් තුළ සන්නායකයේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කළේය. දිගු කළ හැකි බැටරියේ බල ඝනත්වය සාමාන්‍ය ලිතියම් අයන බැටරි වලට වඩා අඩු වූ නමුත් චක්‍ර 1000 කට පසුව එය එහි ධාරිතාවෙන් සියයට 96 ක් රඳවා ගැනීමට සමත් විය. බැටරිය සැමවිටම එහි දිගු තත්වයේ පැවති පරීක්ෂණ වලදී මෙය සැලකිය යුතු ලෙස පහත වැටුණි: එම තත්වයන් යටතේ එය චක්‍ර 10 කට පසුව එහි ධාරිතාවෙන් සියයට 72 ක් පමණක් රඳවා ගෙන ඇත. නමුත් වික්‍රියාව /මාදිලිය  මුදා හැරීමෙන් පසු එහි ධාරිතාව නැවත වැඩිවේ. යයි කෝටෝ සදහන් කරයි.

දිගු කළ හැකි බැටරි පැළඳිය හැකි හෝ කාවැද්දිය හැකි (implantable) උපාංගවලට මෙන්ම නම්‍යශීලී කකුල් හෝ ග්‍රාහිකාවන් සහිත මෘදු රොබෝවරුන් සඳහාද භාවිතා කළ හැකි බවත් බැටරියේ ගුණාංග වෙනස් කළ හැකි බවත් කොටොව්  පවසන අතර. “ගබඩා කිරීමේ අවශ්‍යතා අනුව අපට නිශ්චිත යාන්ත්‍රිකයන්ට අනුවර්තනය විය හැකි අතර, ආදේශ කළ හැකි උපාංග හෝ වෙනත් උපාංග සඳහා අවශ්‍ය විය හැකි පරිදි සැලසුම් කළ හැකිය.ඔහු පවසයි.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යා ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර


0 comments:

Post a Comment