July 1, 2019

හිස කෙස් ගැලවී යාමට තෙල්


එරඩු තෙල් හිස මත සම්භාවනය කරන පැය භාගයක් තබා  ෂැම්පූ යොදා ස්නානය කිරීම මගින්  හිස කෙස් ගැලවී යාම වලක්වා ගත හැකි වනු ඇත.
එරඩු  තෙල් පොල් තෙල් සමග මිශ්‍ර කර ආලේප කිරීම මගින්  හිස කෙස් වර්ධනය උත්තේජනය කර ගත හැක.
මෙම තෙල් හිස් කබල මතු පිට සම්භාවනය කිරීම මගින් දිලීර ආසාදන වලක්වා මතු පිට පෝෂණය කරවයි. හිස කෙස් ගැලවී යාම වලක්වයි.


මෙම තෙල් මගින් හිස කෙස් ඝන කරන අතර අකලට සුදු වීමද වලක්වයි.
අධික විටමින් Eසංයුතියකින් සපිරි එරඩු  තෙල් මගින් හිස කෙස් වල තෙතමනය රදා පැවැත්මක් සිදු කරන අතර ගැබුරැ කන්ඩිෂන් ගුණයක් හිස කෙස් වලට ඇති කරයි.
හිස් කෙස් අග වල එරඩු තෙල් ආලේපනය කිරීමෙන් මෘදුව සහ සුමුදුව තබා ගැනීමට වැදගත් වේ.

එරඩු තෙල් ලූණු නිස්සාරනය සමග මිශ්‍ර කර හිස කෙස් මත ආලේප කිරීම මගින්

හිස කෙස් වර්ධනය උත්තේජනය වේ.
හිස කෙස් ශක්තිමත් වේ.
පොල් තෙල් සමග එරඩු තෙල් මිශ්‍ර කර ජල තාපකයක මිනිත්තු කිහිපයක් රත් කර හිස කෙස් මත ආලේප කර ගත හැක.

එරඩු තෙල් ඉගුරැ යුෂ සමග මිශු කර හිස කෙස් මත ආලේප කිරීමෙන් හිස කෙස් නිරෝගීව තබා ගත හැකි වේ.
එරඩු තෙල් ආමනඩ් තෙල් සමග මිශ්‍ර කර හිස කෙස් මත ආලේප කර හැකිය
මසක් ඇතුලත හිස කෙස් හොදින් වර්ධනය සදහා හිස කෙස් ගැලවී යාමට තෙල් නිෂ්පාදන ක්‍රමවේදයක් පහත පරිදි වේ.
අවශ්‍ය දව්‍ය
·                  නැවුම් ඉඟුරු මුල්
·                  සුදුළූණු බිග් කිහිපයක්
·                  කළු ගම්මිරිස්
·                  එඬරු තෙල්
·                  පොල් තෙල්
සාදා ගන්නා ආකාරය
1.      ඉගුරැ කුඩා කැබලි වලට කපා ගන්න
2.      ඉගුරැ බෙලෙන්ඩරයක දමා පොඩි කර ගන්න
3.      එම මිශ්‍රණයට ගම්මිරිස් තේ හැන්දක් පමණ එක් කරන්න
4.      පොල් තෙල් මිලි ලීටර් 100 ක් පමණ ගන්න
5.       කැස්ටර් තෙල් තේ හැන්දක් එකතු කරන්න
6.      තෙල් රත් කරන්න
7.      එයට ගම්මිරිස් සහ සුදු ලූණු මිශුණය එකතු කරන්න
8.      මිනිත්තු 10 ක් රත් කරන්න
9.      බුබුලු රාශියක් ඇති වී නැති වන අවස්ථාව වූ විට තෙල් සූදානම්ය.
10. ලිප අයින් කර රැයක් තබා භාවිතයට ගත හැක.
11. ඊළඟ දවසේ උදේ මේ තෙල් විදින්න
මෙම තෙල් නිතිපතා භාවිතා කරන්න හිසකෙස් තෙල්. මිනිත්තු 10 ක් සඳහා ඔබේ මුළු ස්කැල්ප් හා සම්බාහනය ආවරණය කරන්න. 

උපුටා ගැනීම -hair care products

0 comments:

Post a Comment