March 29, 2018

සජීවී මිනිස් සෛල වලින් ජෛව පරිගණකයක ඇරඹුම.


computer” යන ඉංග්‍රීසි වදන මුලදී භාවිතා කර ඇත්තේ ගණනය කිරීම්වල නියුතු පුද්ගලයින් විස්තර කිරීම සඳහාය. එනම් වර්තමානයේ සංකීර්ණ තොරතුරු විශාල ප්‍රමාණයක් ක්‍රියායනය කිරීමට භාවිතාවන ඉලෙක්ට්‍රොනික උපකරණයක් ලෙස පොදුවේ සලකන computer (පරිගණක) නාමය විද්‍යුත් උපාංග නොමැතිව මිනිසා විසින් කරන සරල ගණනය කිරීම්  සදහාද 17 වන සියවසේදී භාවිතා කළ බවයි. සජීවී මිනිස් සෛල වලින් ජෛවපරිගණකයක් නිර්මාණය කිරීම යනු මෙම ඉතිහාසය සිහිපත් කරමින් නැවත වරක් එහෙත් වඩාත් සංකීර්ණ ආකාරයකට විද්‍යුත් උපාංග නොමැතිව මිනිසා විසින්ම පරිගණක කාර්යයන් කිරීමේ ආරම්භය විය හැකිය.

සුරිච් හි ETH විශ්වවිද්‍යාලයේ  සහ Basel විශ්වවිද්‍යාලයේ පරීක්ෂක කණ්ඩායමක් විසින් සජීවී මිනිස් සෛල භාවිතයෙන් ජෛවපරිගණක නිර්මාණය කිරීමට හැකිවන ඉදිරි පියවරක් තබා ඇති බව Nature Methods සඟරාවේ විද්‍යාත්මක වාර්තාවක් පළකරමින් ඔවුන්ගේ වඩාත් දියුණු ක්‍රමවේදය ඉදිරිපත් කර තිබේ.
මෙම සංශ්ලේෂී ක්ෂේත්‍රයේ ජීවවිද්‍යා කණ්ඩායම විසින් සෛල වර්ග 9 ක් ත්‍රිමාණ රෝපිතයකට එකලස්කර තිබේ. එය ඉතා සරල පරිගණක පරිපථයක් ලෙස හැසිරවීමටද ඔවුන් සමත් වී ඇත.විදුලි රැහැන්, සඥා වෙනුවට රසායන යෙදවුම් මගින් ඉතා සරල ජෛවපරිගණකයක් ලෙස ලැබෙන දත්ත සඳහා ප්‍රතිචාර දැක්වීමට එය සමත්වන අතර වත්මන් පරිගණක ක්‍රමවේදයේ rudimentry logical gate (මුලික ආකෘතිමය තාර්කික ද්වාර) වන “AND”, “NOT” සහ “OR” භාවිතා කර දත්ත  ක්‍රියායනය (processing) කිරීමේ හැකියාවද එයට තිබේ. සෑම ඩිජිටල් (සංඛ්‍යාක) පද්ධතියක්ම logical gates මත පදනම් වේ. උදාහරණයක් ලෙස 1 නම් ද්විපාද යෙදුම “NOT” ද්වාරය (gate) හරහා 0 නම් නිමැවුමක් ලෙස ලබා ගැනීම. මේවා පරිගණක ක්‍රමවේදයේ අතිශය සරල මුලික කරුණු වන නමුත් එය ජෛවපරිගණකයකින් ක්‍රියාත්මක කිරීමට සමත්වීම පර්යේෂණ කණ්ඩායම ලත් ජයග්‍රහණයකි.
 
DNA භාවිතා කර ක්‍රියාකාරී ට්‍රාන්සිස්ටරයක් නිපදවීම, ජෙලිෆිෂ් යොදාගෙන ජීව පික්සල් (pixel) දර්ශන නිර්මාණය කිරීම යනාදී මින් පෙර ඉදිරිපත් කර ඇති ජිවපරිගණක නිර්මාණ චමත්කාරජනක වුවත් පරිගණකයේ logical gate ක්‍රියාවලිය සිදු කළ මෙම ජයග්‍රහණය ජෛවපරිගණක සඳහා විශාල ඉදිරි පියවරක් බව වාර්තාවේ තවදුරටත් සදහන් වේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරින් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/HKZ2LtfDrmg?t=2

0 comments:

Post a Comment