March 2, 2018

පරිසර හිතකාමී රෙදිපිළි


ගිම්හල ඵලය, පොලිතීන්, ප්ලාස්ටික්, වායු දුෂණය වැනි විවිධාකාර වූ පරිසර දුෂණයන් අතරට අප භාවිතාකරන රෙදිපිලිද ඇතුලත් බව NewScientist සගරාව සදහන් කරයි. දැනට භාවිතාවන රෙදිපිළි නිසා විශාල පරිසර හානියක් සිදුවන අතර පර්යේෂණාගාර වල නිෂ්පාදිත රෙදි වර්ග සහ නව විලාසිත ක්‍රම භාවිතයෙන් එහි විශාල වෙනසක් සිදු කර ගත හැකි බව වාර්තාවේ තවදුරටත් සදහන් වේ.

අපව ආවරණයකිරීම  සහ හැඩගැන්වීම සදහා අත්‍යාවශ්‍ය රෙදිපිළි වර්ග අප ග්‍රහලෝකය දුෂණයට හේතුවන වාණිජ නිෂ්පාදනයකි. වසරකට රෙදිපිළි කර්මාන්තය විසින් බිහිකරන කාබන් විමෝචනය ටොන් බිලියන 1.2 කි. එය ගුවන් ගමනාගමනය නිසා ඇතිවන කාබන් විමෝචනයට වඩා වැඩිය. තවද රෙදිපිළි නිෂ්පාදනය හා නඩත්තු කිරීම සදහා වගුරවන ජලය, බලශක්තිය සහ ප්‍රතිජනනය කල නොහැකි සම්පත් ප්‍රමාණය අතිවිශාල වේ. මේ අනුව රෙදිපිලිවල කළ පැවැත්ම වැදගත් සාධකයක් වේ. කල්පවත්නා ආර්ථික ක්‍රම පිලිබදව වූ MacArthur පදනම විසින් රෙදිපිළි වලින් සිදුවන පරිසර බලපෑම පිලිබදව වාර්තාවක්ද පල කර තිබේ.

බටහිර ඕස්ට්‍රේලියාවේ වයින් නිෂ්පාදනාගාරයක සේවයේ නියුතුව සිටි මිදි වගාව පිළිබද උපාධිධාරියෙකු වූ Gary Cass ට වසර දශක දෙකකට පෙර  සිදුවූ අත්වැරදීමක් නිසා රෙදි වර්ග වඩාත් පරිසර හිතකාමී බවට පත්කිරීමට හැකියාව ලැබී තිබේ. වයින් පිරුණු විශාල පිප්පයකට කාබන්ඩයොක්සයිඩ් මිශ්‍ර කිරීමට එක් දිනක් ඔහුට අමතක විය. එනිසා වයින් පිප්පය තුල වර්ධනය වූ ඔක්ෂිජන් වලින් පණ ගැන්වුණු බැක්ටීරියා විසින් වයින් මතුපිට රොන්බොර තට්ටුවක් සෑදුනු බැවින් නරක්වූ වයින් Cass විසින් මහත් අභිරුචියකින් ඉවතලන ලදී. අදහාගත නොහැකි පරිදි වසර 20 කට පසු එම රොන්බොර වර්ගයම රෙදිපිළි වඩාත් පරිසර හිතකාමී බවට පත්කිරීම සදහා යොදා ගැනීමට හැකිවී තිබේ.

වත්මන් රෙදිපිළි නිෂ්පාදන ක්‍රියායනයේ සිට සේදීම හා ව්‍යාපහරණය දක්වා වූ සියලු ක්‍රියාවලි තුල පරිසර හිතකාමී තත්වයක් ගොඩනැගීමේ උත්සාහදී Cass ක්‍රියාවලියද වැදගත් වී තිබේ. 

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව භාවිතයෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

0 comments:

Post a Comment