July 17, 2017

ලංකාවේ වාසය කරන විෂකුරු සර්පයෝ

සර්පයන්  දෂ්ට කිරීමෙන් සිදුවන අනතුරු අවම කර ගැනීම සදහා ඔවුන් හදුනා ගෙන සිටීම ඉතා වැදගත් වේ. මේ සදහා
1.ඔවුන්ගේ බාහිර පෙනුම (හිස,කද සහ වලිගයේ ස්වභාවය)
2. ශල්ක හෙවත් කොරපොතු වල සංවිධානය
3. දේහ ලක්ෂණ පිළීබදව සැලකිලිමත් වීමෙන් මොවුන් පහසුවෙන් හදුනා ගත හැක.

Common Cobra (Najanajanaja) යන  සත්ව විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන  නාගයාට ඉහලට එසවිය හැකි පෙණයක් ඇති අතර උඩු තොලයට ඉහලින් ඇති තෙවන ශල්කය ඇස හා නාස් විවර අසල වූ ශල්කය සමග සම්බන්ධයි. දේහයේ ඉදිරි කොටසේ  මතුපිට දර්ශනීය සලකුනු  ඇත. සිනිදු ශල්ක වලින්  සිලින්ඩරාකාර දේහය ආවරනය වී ඇති අතර දිගු වලිගයකින් සමන්විත මෙම සර්පයා උග්‍ර විෂ සහිතය. මෙම  විෂ ශරීරගත වීමෙන්  ස්නායු පද්ධතිය මත බලපෑම් ඇති කරයි.
Commonkrait (Bungaruscaeruleus)
තෙල් කරවලා (මග මරුවා)
මග මරුවා හෙවත් තෙල් කරවලා වියලි කලාපයේ සිට මීටර 300 ක් දක්වා වන උස් භූමි ප්‍රදේශයේ ද වාසය කරයි.තෙල් කරවලා කලු පැහැයෙන් යුක්ත අතර  සුදු පැහැති මුදු පෙළක් දේහයේ අග දක්වා දිස්වේ . මෙම සර්පයාද උග්‍ර විශ සහිත සර්පයෙකි.මෙම සර්පයා ගේ විෂ ශරීරගත වීම මධ්‍යස්නායු පද්ධතිය වෙත බලපානු ලබන අතර ක්‍රමක්‍රමයෙන් ස්නායු පද්ධතිය අක්‍රියවීම සිදු වේ.මරණය සිදුවන්නේ ස්වසනය අපහසු වීමෙනි.  පැය 12ක් ඇතුලත රෝගියාට ප්‍රතිකාර ලබා දීම සිදුනොකල හොත් රෝගියා මිය යාමට ඉඩ ඇත.

Ceylon Krait (Bungarusceylonicus) හෙවත් දුනු කරවලා හෙවත් පොළොන් කරවලා තෙත් කලාපය සහ අතරමැදි කලාපයයේ ජිවත්වන තවත් උග්‍ර විෂ දරන සර්ප විශේෂයකි.




 තිත් පොලගා ගේ හිස ගෙලට වඩා පුලුල් අතර හිස මුදුන කුඩා ශල්ක වලින් ආවරනය වී ඇත.නාස් පුඩු විශාලය.ඇස් වලට ඉහලින් විශාල ශල්කයක් (කොරපොත්තක්) පවතී.දේහය පුරා ඉලිප්සාකාර (අණ්ඩාකාර) සලකුණු 22 සිට 24 දක්වා ප්‍රමාණයක් වලිගය දක්වාම    පිහිටා ඇත.උග්‍ර විශ සහිත සර්පයෙක් ලෙස හැදින්විය හැක
Trimeresurustrigonocephalusයන සත්ව විද්‍යාත්මක නාමයෙන් හදුන්වනුලබන පළා පොලගා කොළ රොඩු  ,පදුරු , තුරු ලතා  ආශ්‍රිතව ජීවත්වේ. තේ දලු කඩන අවස්ථාවේදී හා වල් පැල උදුලු ගාන අවස්ථා වලදී මෙම සර්පයා විසින් සපා කෑමට ගොදුරු වේ.
තිත් පොළගා ගේ හිස ගෙලට වඩා පළලින් වැඩි අතර හිස මුදුන කුඩා ශල්කයකින් ආවරනය වී ඇත.නාස් පුඩු වීශාලය. ඇසට ඉහලින් විශාල ශල්කයකි. දේහයේ පෘෂ්ඨීයව වලිගය දක්වා කලු පැහැති ඉලිප්සාකාර සලකුණු 22-24 දක්වා ප්‍රමාණයක් ඇත. උග්‍ර විෂ සහිත සර්පයෙකි.

මාපිලා (Cat–snake) ශාක ආශ්‍රිතව ජීවත් වන සර්ප විශේෂයක් වන අතර ලංකාවේ මාපිලා විශේෂ 4ක් පමණ ජීවත්වේ.සමහර මාපිලා විශේෂ ලා දුඹුරු පැහැයක් ගනී. තවත් විශේෂ තද දුඹුරු පැහැති හෝ ලා රතු පැහැතිය. තවත් ආකාරයක තද පැහැති හරස් තීරු   හෝ පැල්ලම් ඇත.සමහර විශේෂ වල මෙම සලකුණු අඩු වෙන් පෙන්නුම් කෙරේ.මෙම සර්පයා ද උග්‍ර විෂ සහිතය.සාමාන්‍යයෙන්  මරණය සිදුවන්නේ  නාගයා., තෙල් කරවලා සහ තිත් පොලගා වැනි සර්පයන් දශ්ඨ කිරීමෙනි. මීට අමතරව උග්‍රවිෂ රහිත සර්ප විශේෂ ද ලංකාවේ සිටී.

Sri Lanka hump- nosed viper (Hypnalenepa)
මූකලන් කුණකටුවා

Hypnalehypnale
යන සත්ව විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන පොළොන් තෙලිස්සා හෙවත් කුනකටුවා වියලි කොල රොඩු ආශ්‍රිතව ජීවත්වන සර්ප විශේෂයකි. ගුලි ගැසුනු ආකාරයට සිටින මෙම ජීවියා ගේ හිස මුදුනෙහි  ඉදිරිපසට වන්නට විශාල ශල්කයක් ඇත. රබර් ,කෝපි හෝ කජු වගා වන් ආශ්‍රිතව මෙම සර්පයා ජීවත් වේ.
මෙම සර්පයා විසින් දෂ්ඨ කරනු ලබන්නේ වගා කටයුතු වල නියැලෙන ගොවීන්ය.
බොහෝවිට සර්පයන් දෂ්ඨ කරනු ලබන්නේ කෙනෙකුට සර්පයා පෑගීමෙනි.
සාමාන්‍යයෙන් තෙල් කරවලා, දුනු කරවලයා වැනි සර්පයන් රාත්‍රී කාලයේදි ඔවුන් ගොදුරු සොයා ගෙන පැමිණීමේදී (ගෙම්බන් , කටුස්සන් සහ  වෙනත් සර්පයන් ) දෂ්ඨ කිරීමට භාජනය වේ. බොහෝ විට රාත්‍රියට බිම නිදා ගන්නා අවස්ථා වලදි මෙම සර්ප දශ්ඨනයට ගොදුරු වේ.

පුද්ගලයෙක් සර්ප දෂ්ඨනයට ගොදුරු වීම දෛවෝපගතව සිදුවන්නකි. ඉන් සම්පූර්ණයෙන්ම වැලකීමට නොහැක.කෙසේ වෙතත් පහත කරුනු කෙරෙහි අවධානය යොමු කිරීමෙන් මින් සිදුවන අනතුරු වලකා ගත හැක.
  •  දේශිය සර්පයන් හදුනා ගැනීම හා ඔවුන් ජීවත්වන පරිසරය හා ඔවුන් සැගවීමට කැමති ස්ථාන හදුනා ගැනීම.ඔවුන් ක්‍රියාශීලී වන්නේ වසරක, කවර කාලවකවානුවේද යන වග. දිවා කාලයේ සංචරනය හෝ රාත්‍රී කාලයේ සංචරනයේ යෙදේද යන බව. තවද  ඔවුන් වැඩි ක්‍රියාශීලිත්වයක් දක්වන්නට  කැමති කාලගුණික තත්ව
  • විශේෂයෙන්ම සර්පයන් දෂ්ඨ කිරීමට ගොදුරු වන්නේ වැස්සෙන් පසුව ,ගංවතුර කාලයේදී,අස්වැන්න නෙලා ගන්නා කාලයේදී හා රාත්‍රී කාලයේදීය.
  •  රාත්‍රී කාලයේදී සංචරණයේදී හා කැලෑ අකුලක ඇවිදී මේදී පාවහන් පැලදීම හෝ බූට්ස් පැළදීම සහ දිග කලිසම් ඇදීම.
  • රාත්‍රී කාලයේ සංචරණයේදී  විදුලි පන්දම් භාවිතය.
  • සර්පයා දෂ්ඨ කල ස්ථානයේ අයිස් තැබීමෙන් වලකින්න
  • සර්පයෙකු දෂ්ඨ කල විට ගොඩ බෙහෙත් කිරීමෙන් වලකින්න
  • දෂ්ඨ කරන ලද සර්පයා සෙවීමට කාලය ගත නොකරන්න. නවීන වෛද්‍ය විද්‍යාවට අනුව ප්‍රතිකාර කිරීමට සර්පයා හදුනා ගැනීම වැදගත් නොවේ.රෝගියාට ප්‍රතිකාර කරන්නේ රෝග ලක්ෂණ වලට අනුවයි. නමුත් සපා කන ලද සර්පයා හදුනා ගත්තේ නම් ප්‍රතිකාර කිරීම පහසු වනු ඇත. කෙසේ වෙතත් රෝගියා හැකි ඉක්මනින් ප්‍රතිකාර සදහා යොමු කල යුතුය. 
  • රෝගියාගේ හෘද ස්පන්ධනය වැඩිවීමෙන් විෂ පැතිරෙන වේගයද වැඩිවේ. මේ නිසා රෝගියා සන්සුන්ව තබාගැනීමට උත්සාහ කල යුතුය. .ප්‍රතිකාර ලබා දීමෙන් තුවාලය  සම්පූර්ණයෙන්ම සුව කල හැකි බව රෝගියාට තහවුරු කරන්න.   රෝගියා එහා මෙහා  චලනය කිරීමෙන් විෂ ඉතා ඉක්මනින් හෘදයට ගමන් කල හැකි නිසා රෝගියා හැකිතරම් නිශ්චලව තබා ගන්න. සර්පයා සපා කනලද ස්ථානය සබන් යොදා හොදින් සෝදන්න .ආසාධිත ස්ථානය හෘදය වස්තුවට පහලින් සිටින ලෙස තබා ගැනීමෙන් විෂ දේහය පුරා ගමන් කිරීම අවම කරගත හැක.
  •  රෝගියා පැළද සිටින මුදු,අත්ඔරලෝසු සහ වලලු වැනි ආභරණ ඉවත් කරන්න.සර්පයකු දශ්ඨ කල  සැනින් ඉදිමෙන නිසා  මෙවැනි ආභරණ ඉවත් කිරීමේදී රෝගියාට දැඩි වේදනාවක් ඇතිවේ.හැකි නම් රෝගියා පෙන්නුම් කරන රෝග ලක්ෂණ උණ,හෘද ස්පන්ධනය,ස්වසන වේගය,කෙරෙහි දැඩි අවධානය යොමු කරන්න
  • රෝගියා හදිසි තැතිගැනීමේ ලක්ෂණ පෙන්නුම් කරයි නම් රෝගියා බිම දිගා කර පාද  හෘදය මට්ටමට වඩා ඉහලට ඔසවා තබා හැකි ඉක්මනින් ලගම ඇති රජයේ රෝහලක් වෙත රැගෙන යායුතුය.  
         http://poisonoussnakessrilanka.blogspot.com/2009/11/poisonous-snakes-in-sri-lanka.html
         https://en.wikipedia.org/wiki/Sri_Lankan_krait

        ටී.එම්.හේමමාලි
        විද්‍යා හා තාක්ෂණ නිලධාරි
        විදාතා සම්පත් මධ්‍යස්ථානය, මාතර 

1 comments:

සිතුවිලි සටහන් බ්ලොග් කියවනය - http://sithuwilisatahan.com/

පොඩි ස්පෑම් පාරක් බ්ලොග් ලියන අය දැනුවත් කරන්න දැම්මේ අවුලක් නැහැනේ

Post a Comment