June 21, 2018

මන්දපෝෂණය(Malnutrition)


කූපෝෂණය(මන්දපෝෂණය)(Malnutrition)
ශරීරයට අවශ්‍ය වන පෝෂක අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ලැබීම (ඌන පෝෂණය / Under nutrition) හෝ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ලැබීම(අධි පෝෂණය / Over nutrition), කූපෝෂණය ලෙස දැක්විය හැක.

මෙම තත්වයන් නිසා අප සෞඛ්‍ය ගැටලු රාශියකට මුහුණපානු ලබයි.මානසික හා කායික වර්ධනය, ඵලදායීතාවය හා  ජීවිත කාලය කෙටිවීම කෙරෙහි අහිතකර ලෙස මෙය බලපානු ලබයි.


දුප්පත්කම හෝ නොදැනුවත්කම හේතුවෙන් ආහාරයන් සමග අවශ්‍ය පොෂණ කොටස් අවශ්‍ය ප්‍රමාණයට නොලැබීම හෝ ගන්නා ලද ආහාරයේ පවතින පෝෂක කොටස් ශරීරයේ පවතින රෝගී තත්වයන් හේතුවෙන් නිසි පරිදි ශරීරයට අවශෝෂණ කර නොගැනීම ඌන පෝෂණය සදහා ප්‍රධාන වශයෙන් බලපානු ලැබේ.


එමෙන්ම  විශාල ප්‍රමාණයන්ගෙන්  අනවශ්‍ය ලෙස මේදය, පිෂ්ඨය වැනි සමහර පෝෂක කොටස් ශරීරයට ලබා ගැනීම අධි පෝෂණය සදහා හේතු වේ.
   



පාසැල් ළමුන් කූපොෂණයට ලක්වීම හේතුවෙන් ඔවුන්ගේ ඉගෙනීමට ඇති හැකියාව , සිත එක්තැන්වීම, අවධානය, ප්‍රබෝධමත්භාවය , උනන්දුව, වගකීම් දැරීම ආදිය නිරෝධන කරනු ලබයි.එමෙන්ම නිරන්තරයෙන් ඇතිවන රෝගි තත්වයන් හේතුවෙන් ඉගෙනීමට ඇති කාලය අඩු වනු ඇත.අධික වෙහෙස හා පාසැල් ක්‍රියාකාරම්හිදී පසුබැසීම  නිසා දරුවන් අසමත්වීමේ ප්‍රවනතාවයක් ඇතිවේ.අවසානයේදි සිදුවනුයේ කිසිදු හැකියාවක් නොමැති තරුණ පරම්පාරවක් රටේ ශ්‍රම බලකායට එකතුවීමය.

එබැවින් අපගේ පොෂණ තත්වයන් දියුණුවීකිරීම තුලින් රටක ශ්‍රම බලකාය තුල උද්යෝගීමත් ක්‍රියාකාරී පිරිසක් ඇතිවේ. එමගින් රටක නිෂ්පාදන ධාරිතාවය ඉහල නැංවෙනු ඇත.

කූපොෂණය නිර්නායක 03 ක් පදනම් කරගනිමින් මනිනු ලබයි.එවා නම්,

                          01.වයසට සරිලන උස  (Stunting)  
                          02.උසට සරිලන බර  (wasting)                 
                          03.වයසට සරිලන බර  (Underweight)  වේ.

ලෝකයේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ මරණ වලට 45%කට හේතුව කූපොෂණය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනාවරණය කර ඇත. සමබල ආහාර වේලක් ලබා ගැනීම තුලින් ඉහත ගැටලු බෝහෝ දුරට නිරාකරණය කර ගත හැකි වේ.

1 comments:

https://aab-edu.net/

Post a Comment