February 21, 2018

පියාසර කුලී රථයක් ලගදීම ගුවනට


තමන්ගේම පියාසර මෝටර රියක නැගී ගමන් කිරීමට සිහින දකිමින් සිටින අපට ඊටත් ප්‍රථමයෙන් පියාසර කූලි රථයක ගමන් කිරීමේ අවස්ථාව වැඩි ඈතක නැති බව ජර්මිනියේ පර්යේෂකයින් පිරිසක් පවසයි. ජර්මනියේ Lilium Aviation ආයතනයේ පර්යේෂකයන්ට අනුව මෙම යානය වායූ විමෝචනයෙන් තොර, විදුලියෙන් ක්‍රියාත්මක ආසන දෙකකින් යුක්ත වන අතර දැනටමත් මිනිසුන් රහිතව සාර්ථකව අත්හදාබැලීම්කර ඇත. මෙය 2019 දී මිනිසුන් 5ක් සහිතව ගුවන් ගත කිරීමට නියමිත බවත් ඔවුන්ගේ අදහසයි.
මෙහි සුවශේෂිත්වය නම් ජෙට් තාක්ෂණය යොදා සකස්කර ඇති මෝටර් මගින් ක්‍රියාත්මක, භ්‍රමණ පෙති 36ක් මෙම යානාවේ තටු මත සවි කර ඇත. තවද සීරු මාරු කල හැකි තල 12ක් මගින් සුළං ධාරාවන් පාලනය වන අතර මෙමගින් යානාව ඉහලට හා පහලට නැංවීම හා ඉදිරියට ගමන් කිරීම සදහා අවශ්‍ය ජවය ලබා දීම සිදු කරයි.
මෙය අනෙකුත් කුඩා හෙලිකොප්ටර් (Quadcopter – Style) වර්ගයේ යානාවකට සාපේක්ෂව 10% තරම් අවම ශක්තියක් වැයවන අතර වේගය පැයට කිලෝමීටර් 300 කි. එමෙන්ම දූෂක වායු විමෝචනයෙන් තොරව ගමන් කරයි. ගොඩබෑමට හා ගොඩ නැංවීමට අවශ්‍ය ඉඩ ප්‍රමාණයද සීමිත වේ. මේ හේතුවෙන් ගුවන් පථ නඩත්තු වියදම්ද ඉතා අඩුය.
ඇතැම් විට ගුවනේදී යොදා ඇති ජව ගැන්වුම් මෝටරයක් අක්‍රිය වූ විට ඉන් අනෙකුත් මෝටර් සදහා කිසිදු බලපෑමක් ඇති නොවන  අතර එමගින් අනෙකුත් පද්ධතීන් අක්‍රිය වීම අවම කිරීමට වග බලා ගෙන ඇත. යොදා ඇති බැටරි දිගු ගමන් වාරයක් සඳහා ඔරොත්තු දෙන පරිදි නිමවා ඇත. තවද ගුවන් නියමුවන් මගින් ඇතැම් විට ලබා දෙන වැරදි විධානයන් බැහැර ලීම සදහා විශේෂීත ගුවන් ආරක්ෂණ පද්ධත්යක් සැලසුම් කර ඇත.
සාර්ථක අත්හදා බැලීම් වලින් අනතුරුව ආසන 5කින් සමන් විත ගුවන් ටැක්සියක් නුදුරේදීම ගුවන් ගත කිරීමට පර්යේෂකයන් අදහස් කර සිටී.




www.gizmag.com ඇසුරිනි.

0 comments:

Post a Comment