Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

August 28, 2015

මොලයේ ප්‍රතික්‍රියා හා සම්බන්ධ ආත්මාර්ථකාමීත්වයේ වැඩි වීම

අප සියලු දෙනාම පාහේ යම් ප්‍රමාණයකට ආත්මාර්ථකාමීය. එහෙත් සමහරු මෙම සාමාන්‍ය තත්ත්වය අභිබවා යයි. අපගේ ජීවිත කාලය තුල අපට අවශ්‍ය දේ ලබා ගැනීම සඳහා හිතවත් අයට සැලකීමට සහ විරුද්ධවාදීන්ට දඬුවම් කිරීමට පෙළඹීම සාමාන්‍ය තත්වයයි. එහෙත් මිනිසුන්ගෙන් සුළු ප්‍රතිශතයක් මෙම සමාජ සම්මතයට කිසිදු සැලකිල්ලක් නොදක්වයි. ඔවුන් “Machiavellians” (කූට පුද්ගලයන්) ලෙස පොදුවේ හඳුන්වනු ලැබේ. සාමාන්‍ය...

August 27, 2015

සම්පූර්ණ වෙනස් වීදුරු වර්ගයක් සොයා ගැනේ.

වීදුරු ස්වභාවයෙන්ම සසම්භාවී වේ. ඛනිජ ද්‍රව්‍ය කිහිපයක් ඉතා අධික අගාධ උෂ්ණත්වයකදී දියකර වීදුරු නිර්මාණය කර ගනු ලැබේ. කාලයත් සමග ද්‍රව ඝනීභවනය වන සේ වීදුරු වලට ඇත්තේ අහඹු හා අසංවිධානාත්මක ව්‍යූහයකි. කෙසේ නමුත් සතුටුදායක අනපේක්ෂිත සිදුවීමක් හේතුවෙන් විද්‍යාඥයෝ සාමාන්‍ය අණුක රටාවක් සහිත වීදුරු නිර්මාණය කිරීමට සමත්ව තිබේ. ඉහළ මට්ටමේ සමහර වර්ණාවලි මිතික අනුව මෙම නවතම වීදුරුවල...

August 25, 2015

බොඳ නොවන වර්ණ නිපදවීමට විද්‍යාඥයින්ට ඉගැන්වූ ගිරවා

ඉතා උනන්දුවෙන් තෝරාගත්, පියකරු, මිල අධික ඇඳුම්වල වර්ණ බොඳවේ. ඒවායේ වර්ණවල ඇති රසායනික බන්ධන හිරු රෂ්මිය විසින් බිඳ දමයි. එසේ නැතහොත් මෙම රසායනික බන්ධන සේදීමේදී දිය වී යයි. එහෙත් ගිරවාගේ පිහාටුවල ඇති වර්ණ එසේ බොඳවී නොයයි. පිහාටුවල ඇති දීප්තිමත් කොළ හා නිල් වර්ණ සෑදී ඇත්තේ “ව්‍යූහාත්මක වර්ණ” වලින් (Structural Colour) එම වර්ණකවල නැනෝමය (ඉතා කුඩා) අංශු එක් සුවිශේෂී තරංග ආයාමයන්...

August 21, 2015

කොත්තමල්ලි

උද්භිද විද්‍යාත්මකව Coriandrum sativum  ලෙස හැදින්වෙන කොත්තමල්ලි ශාකය Apiaceae කුලයට අයත් වේ.අඩි දෙකක් පමණ උසට වැඩෙන වාර්ෂික ශාකයකි. එහි කද කුහර සහිතයි. වටකුරුය. ගසේ කඳ ළා කොළ පාට හෝ දම්පාටය.කද අතුවලට බෙදේ. පත්‍ර ඒකාකාරය. සංයුක්තය. ශාකයේ පත්‍ර දෙවර්ගයක් තිබේ. පහළින් තිබෙන පත්‍ර වර්ගයේ නටු දිගටි වන අතර ඉහළින් තිබෙන පත්‍ර වර්ගයේ නඩු ඉතා කෙටිය. මේ පත්‍ර ඛන්ඩ යුගල දෙකකට හෝ...

August 13, 2015

ජලය

මිහිතලය මත මුල්ම ජීවියා ඇති වුයේ ජලයේය. ජලය, මිහිමත ජිවත් වන සෑම ජිවියකුටම  සහ ශාක සංහතියට ම අවශ්‍ය වේ. විශාල ගසක් දිනකට ජලය ලිටර් 3ක් පමණ උරා ගනී.  මිනිසාගේ අවශ්‍යතා සදහා පහසුවෙන් ලබා ගත හැකි ජල ප්‍රමාණය ලෝකයේ මුළු ජල ප්‍රමාණෙයන් 0.6% ට වඩා අඩුය. ජලය, හයිඩ්‍රජන් හා ඔක්සිජන් වලින් සංයුක්ත වී ඇත. පිරිසිදු ජලය, රසයකින් තොර, අවර්ණ මෙන්ම ගන්ධයකින්ද තොර වේ. ජීවීන්,...

August 12, 2015

කළු කුහර

කළු කුහර යනු ? -Cygnus කළු කුහරය චිත්‍ර ශිල්පියකුගේ ඇසින්- -එය විශාල තාරකාවක් මධ්‍යයේ පිහිටා ඇත.මේ කළු කුහරය පසෙකින් තිබෙන නිල් තාරකාවේ ද්‍රව්‍ය ඇද ගනු ලබයි.- “කළු කුහරයක්“ යනු අවකාශයේ පවතින ගුරුත්වාකර්ශණය ඉතා ඉහල අවස්ථාවකි. එම අධික ගුරුත්වය නිසා ආලෝකය පවා ඉන් ඉවතට නොවිහිදේ. ආලෝකය පවා එමගින් උරා ගනු ලබයි. එම අධික ගුරුත්වයට හේතුව වන්නේ කුඩා අවකාශයක තෙරපමින්,...

August 10, 2015

කිතුල්

කිතුල් කර්මාන්තය ඉතා වැදගත් විශාල ආදායමක් ලබා දෙන කර්මාන්තයක් ලෙස සැලකිය හැකිවේ.ලෝකයේ කිතුල් කර්මාන්තය කෙරෙන රටවල් අතුරින් පැණි හකුරැ නිෂ්පාදනය කෙරෙන එකම රට ශ්‍රී ලංකාව ලෙස හදුන්වා දිය හැකිය.පොත් ගසට බෙහෙවින් සමානව වර්ධනය වන කිතුල් ශාකයේ කොටස් විවිධ අවශ්‍යතාවයන් සදහා ප්‍රයෝජනයට ගනු ලබයි. කිතුල් මල් මැදීමෙන් ලබා ගන්නා කිතුල් තෙල්දිය භාවිතා කර කිතුල් පැණි හකුරැ නිෂ්පාදනය...