විශ්වයේ මූලික බල 4 ලෙස භෞතික විද්‍යාවට
අනුව ගුරුත්වාකර්ෂණ බලය, දුර්වල අන්තර්ක්‍රියා (දුර්වල න්‍යෂඨික)බලය, විද්‍යුත්
චුම්බක බලය, ප්‍රබල අන්තර්ක්‍රිය (ප්‍රබල න්‍යෂඨික) බලය යන බල හැදින්වේ. එහෙත් බොහෝ භෞතික විද්‍යාඥයන් විශ්වාස
කරනුයේ මෙම මුලික බල 04 ම එක තනි බලයක ව්‍යාප්තියක් හෙවත් කොටස් බවයි. මුලික බල 04 හි එකතුව වූ තනි බලය මෙතක්
හදුනාගෙන නොමැත. එනමුත් විදුලිය, චුම්භකත්වය සහ දුර්වල බලය එක්වී electroweak අන්තර්ක්‍රියා ඇතිවන ආකාරයට එම සියලු ක්‍රියා මුලික බල 04 එක් කිරීම සිදු
කරනු ඇතැයි සැක කෙරේ.
වත්මන් ක්වොන්ටම් යාන්ත්‍රනයේ මෙම බල
පිළිබද පැහැදිලි කිරීමට අනුව අංශු එකිනෙකා හා සෘජුව අන්තර්ක්‍රියා නොකෙරේ.සත්‍යලෙසම
අන්තර්ක්‍රියාවන් සදහා තාත්වික අංශු මාධ්‍ය හෙවත් බලපාන බව විද්‍යමාන වීම පමණක්
සිදුවේ. ක්වොන්ටම් යාන්ත්‍රනයේ “standard
model” ආකෘතිය
ගුරුත්වාකර්ෂණ බලය හැර ඉතිරි බල 03 සදහාම අදාළ වේ. එනිසා බල 04 ම එක බලයකට ගොනු
කිරීමට එසේත් නැතිනම් “standard model” යටතේ ගුරුත්වාකර්ෂණයද සැලකීම සදහා ක්වොන්ටම්
ගුරුත්වාකර්ෂණ අදහස ඉදිරිපත්වී තිබේ. එමගින් graviton නමැති තාත්වික අංශුවක පැවැත්ම උපකල්පනය
කරයි. Graviton ගුරුත්ව අන්තර්ක්‍රියා වලට බලපාන (මාධ්‍ය) මුලිකය
ලෙස සැලකේ. දැනට graviton හදුනාගෙන නැති අතර ක්වොන්ටම් ගුරුත්ව
සිද්ධාන්ත විශ්වීය ලෙස සකස් කර හෝ සාර්ථක වී නැත.
විශ්වයේ මූලික බල 4 එක් බලයක් වීම පිළිබද අනුමාන සංකල්පනාවකට අනුව
අසිමිත ඉහළ උෂ්ණත්වයකදී ( විශ්වය ආරම්භයේදී ) මෙම මුලික බල 04 එක්ව පැවතියේය.
උෂ්ණත්වය
සීඝ්‍රයෙන් අඩුවිමේදී (විශ්වය ආරම්භවී තත්පර 10-43 ට පසුව) එනම්
GeV 1019 උෂ්ණත්වයේදී පළමුවරට ගුරුත්වාකර්ෂණ බලය, පැවති මුලික බල 04 හි එකතුවෙන්
වෙන්විය. ඉතිරි මුලික බල 03 තවදුරටත් තනි බලයක් ලෙස පැවතිණි. උෂ්ණත්වය GeV 1014 දක්වා පහළට ගියවිට ( විශ්වය ආරම්භවී
තත්පර 10-35 කාලයකට පසු ) තනි බලයක්ව තිබු මුලික බල 03ද එකිනෙකින්
වෙන්ව ක්‍රියාකිරීම ආරම්භ විය. මෙතෙක් හදුනා නොගත් අංශු, අවකාශ කාලය (space
time) යනාදිය
නිසා මෙම සංකල්පයද තවමත් ප්‍රායෝගිකව සනාථ කර නැත.
|
||||||||||||||||||||||||||||
*Temperature Conversion: 1 GeV = 1.2 x 1013
K
|
මුලික බල 04 එක් තනි බලයක් වීම එනම් “Theory
of Everything”/ Grand Unified Theory
(සියලු
දේට පොදු ධර්මතාව) පිලිබදව විද්‍යාඥයන් තවදුරටත් අධ්‍යනයේ යෙදේ.
උපුටාගැනීම : අන්තර්ජාලය ඇසුරිනි.
https://www.youtube.com/watch?v=HYbmLNeetk8
0 comments:
Post a Comment