ප්‍රංශයේ අයිෆල් කුළුනේ උසට එනම් ආසන්න වශයෙන් මීටර 300 ක් හෝ ඊට වඩා උසැති
ගොඩනැගිලි 100 කට වඩා ලොව පුරා දැනට ඉදිකර තිබේ. ගෘහනිර්මාණ ශිල්පීන් විසින් ඒවා ‘ Super tall (සුපිරි උස) ’ ලෙස නම් කර ඇති අතර
බොහොමයක් වසර 10 ක කාලය තුලදී ඉදිවූ බවට තොරතුරු අනාවරණය කරයි. ඒ නිසා එම කාල
වකවානුව ‘Super tall era සුපිරි උස යුගය ’ ලෙසද හැදින් වේ. Dezeen
වාර්තා කරන පරිදි උස් ගොඩනැගිලි හා නාගරික ජනාවාස කවුන්සිලයට අනුව අපි සුපිරි තත්වයෙන්
පසු මෙගා උස (Mega
tall) තත්වය අපි ලගා කර ගනිමින් සිටිමු. මීටර 600 ට වඩා උසැති
ගොඩනැගිලි ‘Mega tall skyscraper(අහස සිඹින මෙගා උස) ’ කණ්ඩායමට අයත් වේ.
අද දවස වන විට Mega
tall skyscraper කණ්ඩායමට අයත්වන
ගොඩනැගිලි 3ක් ඇත. වසර 2010 දී සම්පූර්ණ කරන ලද ඩුබායි හි Burj khalifa මීටර 828 එනම් අඩි 2717 ක් උසය.
චීනයේ සැංනායි නුවර ඉදිකර ඇති Shanghai
Tower අඩි 2073 (632 m)
උස වන අතර 2015 දී සම්පූර්ණ කර තිබේ. වසර 2012 දී සම්පූර්ණ කළ
Mecca හි අඩි 1972 (601 m) උස Makkah
Royal Clock Tower තෙවැන්න වේ. නමුත් මෙම ගොඩනැගිලි ප්‍රමාණය 2020
වන විට දෙගුණයකින් පමණ වැඩිවන බව අපේක්ෂා කෙරේ. ඒ සදහා දැනට ඉදිකරගෙන යමින් පවතින පහත ගොඩනැගිලි 4ද
එක්වනු ඇත.
v
Kingdom Tower : සවුදි අරාබියේ
ජෙඩාහි ඉදි කරන මෙය 2018 දී සම්පුර්ණ කිරිමට
අපේක්ෂිත අතර උස අඩි 3280 (1000 m) එනම් කිලෝමීටර
1 ක් වේ.
v Shanghai
Tower: ඉන්දුනීසියාවේ ජකර්තා
නුවර ඉදිකිරීමට බලාපොරොත්තු වන මෙම අඩි 2093 ක් (638 m) උස ගොඩනැගිල්ල
වසර 2020 දී නිම කිරීමට නියමිතය.
v Greenland
centre: චීනයේ වුහන් නුවර ඉදිකරන
අඩි 2087 (638 m) උස මෙම ගොඩනැගිල්ල
2018 දී නිම කිරීමට බලාපොරොත්තු වේ.
v චීනයේ සෙන්
සෙන්හි Pin An Finance Centre
අඩි 1969 ක් උස
වන අතර 2016 දී නිම කිරිමට බලාපොරොත්තු වේ.
එහෙත් මෙම සියලු
ගොඩනැගිලි ආසියාවේ සහ මැද පෙරදිග ඉදිවීම සැලකිය යුතු කරුණකි. යුරෝපය හා ඇමරිකාව
මෙම රටාවෙන් මිදී සිටීද Mega tall Slcyscraper ගොඩනැගිලි අමතර භූමිය
ලබා දෙනවා මෙන්ම දියුණුවේ සහ ධනවත් බවේ සංකේතයක් ලෙසද සැලකේ. කෙසේ වෙතත් මෙම
ගොඩනැගිලි වල ඉඩ පහසුකම් සඳහා විශාල මිලක් නියම විය හැකි නමුත් ඉදිකිරීමේ විද්‍යාවේ
සංවර්ධනය සඳහා ද මේවා තීරණාත්මකව දායක වේ.
උපුටාගැනිම :
Check out all the mega tall skyscrapers we will have By 2020
https://www.youtube.com/watch?v=Cioj_KYMVP8
0 comments:
Post a Comment