
රෙදි මෘදුකාරක වල අඩංගු විය හැකි එවැනි සුලභ රසායනික ද්‍රව්‍යයන්:
- Benzyl acetate/ benzyl alcohol : මේවා සම හරහා ලෙහෙසියෙන්ම ශරීරගත විය හැකිය. ස්වසන ආබාධ, ආසාත්මිකතා, ක්ලාන්තය, වමනය, විශාදයටද හේතු වන බව පැවසේ. මෙම රසායනික ද්‍රව්‍යයන් රෙදි මෘදුකාරක, සුවඳ විලවුන්, ශැම්පෝ, රෙදි සෝදන කුඩු. නිය පාට ඉවත්කරණයන්, පිඟන් සේදුම්කාරක, එයාර් ෙµ්‍රස්නර්ස්, ශරීර ආලේපන වර්ගවල තිබිය හැකිය. බෙන්සිල් ඇසිටේට් යනු ප්‍රභල අග්න්‍යාශයික පිළිකාකාරයක් ද වෙයි.
- Limonene : වාෂ්පශීලී රසායනික ද්‍රව්‍යයක් වන මෙය සැලකිය යුතු මානව පිළිකාකාරකයක් ලෙස සැලකේ. සම මත ගැටීමෙන් ආඝ්‍රාහණය කිරීමෙන් වැළකිය යුතුය. ස්පර්ශ කළ පසු හොඳින් දැත් සේදිය යුතුය.
- A-terpinela : ස්වසන ආබාධ, ඇදුම වැනි ආබාධ ඇතිවිය හැකිය. දීර්ඝ කාලයක් මෙම රසායනිකය සම මත ගැටීම අනතුරුදායක ය.
- Ethyl acetate : ඇමරිකානු පාරිසරික ආරක්ෂණ ඒජන්සිය විසින් අන්තරයදායක මත්කාරක රසායනිකයක් ලෙස නම්කර ඇත. සම මත වියළීම්, පැලීම්, ඇතිවිය හැකි බවත්, වකුගඩුවලට අක්මාවට හානි කරන බවත් සොයා ගෙන තිබේ. භාවිත කළ පසු හොඳින් දැත් සේදිය යුතු වේ.
- pentane : දීර්ඝ කාලීනව සම හරහා ශරීර ගත වීමෙන් dermatitis නමින් හඳුන්වනු ලබන චර්ම රෝගය ඇති විය හැකි රසායනික ද්‍රව්‍යයකි.
කෙසේ වෙතත් රෙදි මෘදුකාරක වල තිබෙන ඇතැම් රසායනික ද්‍රව්‍යයන් පිළිබඳ කර ඇති අධ්‍යයනවලින් පෙනී ගොස් ඇත්තේ ඒවායින් යම් හානිකර තත්ත්වයන් ඇතිවිය හැකි බවයි. මෙම මෘදුකාරක භාවිතයෙන් සේදූ රෙදිවලින් ෙෆාaමැල්ඩිහයිඩ් නිකුත් කෙරෙන බවත් ඇදුම, සොරයිසීස්, පණු කැවිලි (Eczema) ඉරුවාරදය වැනි රෝග තත්ත්වයන් උත්සන්න කෙරෙන බව ඇතැම් අධ්‍යයනවලදී පෙනී ගොස් ඇතැයි විද්‍යාඥයන් වැඩිදුරටත් අනාවරණය කර ඇත.
අන්තර්ජාලය ඇසුරිනි
0 comments:
Post a Comment