තිරසර
සංවර්ධනය යනු පරිසර පද්ධතිය සමඟ සමතුලිතතාවයෙන් යුක්තව සිදුකරනු ලබන
සංවර්ධනයයි. තිරසර සංවර්ධනය යන්න සැම දෙනාම පාහේ පිළිගනු ලබන නිර්වචනය 1987 දී හඳුන්වා දෙන ලද්දේ බෲන්ඩ්ලන්ඩ් කොමිසම වේ.එම හැඳින්වීමට අනුව “අනාගත
පරම්පරාව ඔවුන්ගේ අවශ්‍යතා සපුරාගැනීමේ හැකියාව අනතුරකට නොහෙලා වර්තමාන අවශ්‍යතා
සපුරා ගැනීම” යන්නයි.
තිරසාර සංවර්ධනය ගැන කථා කිරීමේදී එය දෙයාකාරයකට හඳුනා ගත හැකිය.එනම්
සමාජ,පරිසර හා ආර්ථික තිරසර බවය යන්නයි. ඇත්තවශයෙන්ම තිරසර බව අනාගතය කෙරෙහි
අවධානය යොමු කරන්නකි.වර්තමාන අසීමිත
ඉල්ලුම සපුරාලීම සඳහා අනාගතයට හානි කරන දෑ වලින් මිදීම මෙහි අරුතයි.
කාර්මික
විප්ලවයත් සමඟ ඉතා දරුණු ලෙස පරිසර හානිය ආරම්භ වූ අතර එමඟින් සංවර්ධනයේ අවක්‍රමණය
ඇති වීම පිළිබඳව සළකුණු
ඒකරාශී වීම ඇරඹිණ. විශේෂයෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා නිපදවනු ලැබූ පළිබෝධනාශක
,බෝග වලට හානි කරන කෘමීන් තුරන්
වීම වෙනුවට විවිධ කෘමි විශේෂ එම පළිබෝධනාශකයන්ට
එරෙහි ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමෙන් බෝග හානිය එපරිද්දෙන්ම සිදුවිය. එලෙසම
ගෝලීය උණුසුම,ඕසෝන් ස්ථරය ක්ෂයවීම,අම්ල වැස්ස,තෙල් හිඟය,ජලය දූෂණය,ජෛව විවිධත්වය අඩුවීම හා අහිමි වීම යනාදිය ද ලෝක පරිසරමය
හානීන් බවට පත්වීම දැක්විය හැකිය.කෙසේ වුවද වර්තමාන සංවර්ධන නවෝත්පාදන කිහිපයක්ම
කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයන්ය. ඒ අතර මෝටර් රථ නිෂ්පාදනය හා පරිගණකයේ නවීකරණයන්
වැනි සාර්ථක නවෝත්පාදන ගණනක් අපට දැකිය හැකිය. එසේම ඇතැම් නවෝත්පාදන අපට තර්ජන
එල්ලකර ඇති බව ද පෙනේ. එහෙයින් වර්තමාන නවෝත්පාදන වෙනත් මඟකට යොමු කළ යුතුව ඇති බව
අපට පෙනේ. එනම් පරිසරය අභිබවා යෑමට හෝ පමණ
ඉක්මවා ස්වභාවික සම්පත් භාවිතය අපට තව දුරටත් කිරීමට හැකියාවක් නොමැත.
මහා පඬිරුවනක් වන මුණිදාස කුමාරතුංග පළ කළ “අළුත් අළුත්
දෑ නොතනන දැය ලොව නොනගී” යන ප්‍රකට කියමන අදටත් එදා සේම වළංගු වේ.
නවෝත්පාදන යනු ඉබේම සිදු නොවන්නකි.මෙහි පළමු පියවර වන්නේ
යම් නිර්මාණයකි.එම නිර්මාණය යම් යම් තත්ත්ව යටතේ ස්ථාවරත්වයකට පත් වූ පසු නවෝත්පාදනක් ලෙස හැඳින්විය හැකිය. නවෝත්පාදන
බිහිවීමට නම් නිර්මාණශීලීත්වයට සහය ලබාදිය යුතුය.එලෙස නිර්මාණශීලීත්වයන් සඳහා සහය
ලබා දීමේදී විශාල අවදානමක් දැරිය යුතු වේ.ශ්‍රී ලංකාවේ රාජ්‍ය හෝ පෞද්ගලික අංශ
වලින් මෙවැනි නිර්මාණශීලීත්වයන්ට සහය ලැබෙන බව එතරම්ව දැකිය නොහැකිය.එවැනි තත්ත්වයන්
මත ශ්‍රී ලංකාව තුළ නවොත්පාදන බිහිවීම සුලබව දැකිය නොහැකි බව ඇතැම් විටෙක
නිර්මාණශීලීත්වය ආරම්භයේදීම මියැදී යාම් අපට බහුලව දැකිය හැකිය.
වර්තමාන තිරසර ලෝකයන් සඳහා නවෝත්පාදන ස්වභාවිකවම බිහිකළ
හැකිය.ස්වභාව දහම අභිබවා නොගොස් ගෞරවනීය ලෙස එය සිදුවෙමින් පවතින බව යම් යම් ක්‍රියාවලීන්
දෙස බැලූවිට අපට පෙනේ.එවැනි අනුකරණ ලෙස සකස් වී ඇති පුනර්ජනනීය බලශක්ති ක්‍රියාවලියේ
ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය ,නැනෝ තාක්ෂණයේ ස්වයං - ස්ථර කරණය වැනි ක්‍රියාවලීන් සඳහා
උත්සාහ දැරීම උදාහරණ ලෙස දැක්විය හැකිය.
0 comments:
Post a Comment