රැහැන් රහිත සන්නිවේදන තාක්ෂණයේ නවතම හඳුන්වාදීම ලෙස Li-Fi තාක්ෂණය ඉදිරියට පැමිණෙමින් තිබේ. Li-Fi හි ඉතා වේගවත්ව දත්ත සම්ප්‍රේෂණය සඳහා දෘශ්‍ය ආලෝක
සන්නිවේදන තාක්ෂණය (visible light communication -VLC) යොදා ගනී. එනම් ආලෝකය රැහැන් රහිත සන්නිවේදන තාක්ෂණය සඳහා යොදා ගැනීමයි. විද්‍යාඥයින්
විසින් පර්යේෂණයන් සිදු කර විද්‍යාගාරය තුළදී තත්පරයට ගිගාබිට්ස් 224 (224 gigabits per second) ක සම්ප්‍රේෂණ වේගයක්
ළඟා කර ගැනීමට සමත්ව තිබේ. ඉදිරියේදී මෙම තාක්ෂණය
හේතුවෙන් විශාල තාක්ෂණ පෙරළියක් ඇති වනු ඇතැයි පර්යේෂකයන් විශ්වාස කරයි.
දැනට විද්‍යාගාරය තුළ අත්හදා බලන ලද මෙම තාක්ෂණය
කාර්යාල හා කර්මාන්ත පරිසරයන් තුළ ක්‍රියාත්මක කර අත්හදා බැලෙමින් පවතී. එහිදී
තත්පරයට ගිගාබයිට්ස් 1ක (1 GB per second) දත්ත සම්ප්‍රේෂණ
වේගයක් ළඟා කර ගත හැකි ව තිබේ. එය දැනට භාවිතා කරන Wi-Fi තාක්ෂණයට වඩා සිය ගුණයකින් වේගවත් වේ.
Li-Fi තාක්ෂණය ප්‍රථම වරට
ඉදිරිපත් කරනු ලැබුවේ 2011 වර්ෂයේදී ස්කොට්ලන්ත එඩින්බර්ග් සරසවියේ විද්‍යාඥ
හැරල්ඩ් හෑස් විසිනි. ඔහු විසින් single LED යකින් ලද චලනය වන ආලෝකයක් යොදා ගනිමින් සිදුකළ
අධ්‍යනයේදී cellular tower කින් දත්ත සම්ප්‍රේෂණය
කරනවාට වඩා වැඩි
මෙහිදී Li-Fi සඳහා දෘශ්‍ය ආලෝක සන්නිවේදන තාක්ෂණයේදී (visible light communication -VLC) යොදා ගන්නා මාධ්‍යය වන්නේ ටෙරාහර්ට්ස් 400 ත් 800ත් අතර ඇති දෘෂ්‍ය ආලෝකයයි. මෙහිදී යොදා ගන්නා ආලෝක සංඥා (එනම් විදුලි පන්දමක් on හෝ off කරන ආකාරයට) LED ආලෝකය on හෝ off කිරීම නියමිත වේගයකින් සිදු කිරීමෙන් ද්විමය කේත (binary code) සම්ප්‍රේෂණය කරනු ලබයි. මෙම LED ආලෝකය චලනය වන වේගය පියවි ඇසට නොදැනෙන අදෘෂ්‍ය එකකි. එබැවින් කාර්යාල , කර්මාන්ත පරිසර තුළ Li-Fi තාක්ෂණය භාවිතය ගැටළුවක් නොවේ.
1 comments:
adee. ehema unoth ithin SLT package eka thapparen iwaray. ane oka lankawata nm handuwala dennepa nande maame. menna wanda
Post a Comment