මානව පරිණාමයේදී මානවයාගේ බුද්ධිය ක්‍රම ක්‍රමයෙන් ඉහළ යාමත් සමග මිනිසා තම බුද්ධිය මෙහෙයවා තම කාර්යයන් ඉටු කර ගැනීමට පෙළඹුනි. විවිධ නිර්මාණ කරමින් යන්ත්‍ර සූත්‍ර බිහි කළ අතර බුද්ධියක් සහිත යන්ත්‍ර බිහි කිරීමට පටන් ගැනීම ආරම්භ විය. ඒ අතරින් පරිගණකය බිහි වීම සහ ඒ සමග බුද්ධිමත් යන්ත්‍ර එනම් තමාටම තීරණ ගත හැකි යන්ත්‍ර වන රොබෝවරුන් , විශේෂිත මෘදුකාංග, අභ්‍යවකාශ ක්ෂේත්‍රයට අදාල යන්ත්‍ර සූත්‍ර හා ගුවන් යානා ආදිය බිහි වීම තාක්ෂණික ක්ෂේත්‍රයේ ස්වර්ණමය අවස්ථාවන් විය.
සරලව ගත් කළ යන්ත්‍රයක් හෝ මෘදුකාංගයක් පෙන්නුම් කරන බුද්ධිමය හැකියාව කෘතිම බුද්ධිය ලෙස සලකන අතර එසේම බුද්ධිමය යන්ත්‍ර බිහිකිරීම හා ඒ හා අදාළ පරිගණක හා මෘදුකාංග නිර්මාණය පිළිබඳ හැදෑරීමේ විෂය ක්ෂේත්‍රයද මෙලෙස හඳුන්වනු ලැබේ. මෙහි උපත 1943-1956 කාලයට දිව යයි. (උදාහරණ ලෙස- Allen Turing: Turing machine and Turing test ).
මිනිසා සතුව ඇති බුද්ධිමය හැකියාව පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ලක්ෂණ රාශියක් ඇති බවට හඳුනාගත හැකි අතර මෙම ලක්ෂණ යන්ත්‍ර මගින් ඉදිරිපත් කිරීමේදී විවිධ තාක්ෂණික ක්‍රමද යොදා ගැනේ.
- Artificial Neural Networks
-
multi-agent systems
-
cellular automata
- rule-based systems
- case-based reasoning
- Genetics Algorithms
- Reinforcement Learning
- Fuzzy logics
- Experts Systems
- hybrid systems
-
swarm intelligence
උපුටා ගැනීම්-
3 comments:
thx
thx
මෙම ලිපිය කුමන හෝ සඟරාවකට ඇතුළත් කර ඇත්නම් එහි තොරතුරු අපවෙත එවන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
Post a Comment